
1833 කෝල්බෲක්-කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ
තවද 1815දී කන්ද උඩරට ගිවිසුම වෙනුවෙන් උඩරට නායකයන් සහ නිළමේවරුන් 12 දෙනෙකු අත්සන් තබා ඇති අතර බි්‍රතාන්‍ය වෙනුවෙන් අත්සන් කර ඇත්තේ රොබර්ට් බ්‍රවුන්රිංග් ආණ්ඩුකාරවරයාය. 1505 දී පෘතුගීසීන් පැමිණෙන විටත්, 1636 වකවානුවේදී ලන්දේසීන් පැමිණෙන විටත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස නොපැවතුන බව පෙනී යයි.
1833 දී බි්‍රතාන්‍ය පාලනය යටතේ මේ රටේ පාලන ව්‍යුහය සකස් කිරීම සඳහා කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ ඇරඹුණි. මෙම කොමිසම මඟින් ලංකාව පරිපාලන කලාප 5 කට බෙදා කොළඹ කේන්ද්‍රගත වු බි්‍රතාන්‍ය කිරීටයට යටත් පාලනයක් රටේ ස්ථාපිත කළේය. ශ්‍රී ලංකාවේ පෙර පැවැති බහුවිධ සමාජ රටාව එහි අනන්‍යතාවය යනාදී කරුණු මෙම කොමිසමේ සැලකිල්ලට භාජනය නොවීය. කරුණු විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ජන කණ්ඩායම් ඒකරාශී කර ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැංවීමට බි්‍රතාන්‍යයන්ට උවමනා වී නොතිබන බවයි. ශ්‍රී ලංකාවේ සම්පත් බි්‍රතානයයට රැගෙන යෑම, යුධමය අවස්ථාවකදී ශ්‍රී ලංකාව තමන්ගේ භූමියක් ලෙස ප්‍රයෝජනයට ගැනීම, වැවිලි ආර්ථිකය නගා සිටුවා වෙළඳාම දියුණු කිරීම, ආදායම් ඒකරාශි කිරීම සහ කිතු දහම ප්‍රචලිත කිරීම බි්‍රතාන්‍යයන්ගේ මූලික අරමුණු විය. කෝල්බෲක්-කැමරන් කොමිසමේ නිර්දේශ අනුව ජනතාවගෙන් පුළුල් ලෙස අදහස් නොවිමසා ඒකීය රාජ්‍ය පාලන ක්‍රමයක් තුළට සියළු ජන කොටස් ඇදදැමීම 1833 න් පසු සිදුවිය. මෙය ලංකාවේ පැවැති පාරම්පරික පාලන ක්‍රමය බැහැරකර ජනතාව බලහත්කාරයෙන් ඒකීය රාජ්‍ය ව්‍යුහයක් තුළට ගොනු කර ගැනීමේ ක්‍රමයක් ලෙස සඳහන් කළ හැක. අදටත් අප මෙහි යහපත් සහ අයහපත් ප්‍රථිපල බුක්ති විඳිමින් සිටී. කෙසේ වුවද මෙම ක්‍රමය වර්තමාන ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයේ කළල බීජය යැයි සඳහන් කලහොත් නිවැරදිය.
මෙමගින් ඇති වූ ව්‍යවස්ථාදායක සභාව නිලලත් මන්ත්‍රීන් නව දෙනෙක් හා නිල නොලත් මන්ත්‍රීන් හය දෙනෙකුගෙන් සමන්විත විය. මේ අනුව යුරෝපීයන් වෙනුවෙන් තිදෙනෙක්ද, සිංහලයන්, ද්‍රවිඩයන් හා බර්ගර්වරුන් වෙනුවෙන් එක් අයෙකු බැගින් ද පත් කෙරිණ. මෙකල මුස්ලිම් ජනතාව වෙනම ජන කණ්ඩායමක් ලෙස ඉදිරියට නොපැමිණි අතර ඔවුන් නියෝජනය වූයේද දෙමළ නියෝජිතයන් මඟිනි. ජාතීන් අනුව නියෝජිතයන් පත් කිරීමේ ක්‍රමය නිසා ජාතිය ගැන එතරම් උනන්දුවක් නොතිබුන ශ්‍රී ලාංකේය ජන සමාජය තම ජාතිය ගැන වඩාත් උනන්දුවීමට පෙළඹුණි. අධිරාජ්‍යවාදීන් විසින් ජනසමාජයේ පැවැති විෂමතාවයන් තේරුම් නොගෙන රටේ පාලනය කරගෙන යෑම නිසා උගත් බුද්ධිමත් කණ්ඩායම් පොදු අරමුණු වෙනුවෙන් සංවිධාන ගතවීමේ ප්‍රවණතාවයක් දක්නට හැකිවිය.
1911 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට උගත් ශ්‍රී ලාංකිකයෙක් පත්කර ගැනීම
ඒ සඳහා ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු හා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා තරඟ කළ අතර ඡන්ද විමසීමේදී ජාති භේදයකින් තොරව තේරී පත්වූයේ රාමනාදන් මහතාය. රාමනාදන් මහතා ප්‍රකට නීති විශාරදයෙක් වූ අතර මාක්ස් ප්‍රනාන්දු මහතා බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ 8ප්‍රකට වෛද්‍යවරයෙක් විය. රාමනාදන් මහතා 1915 සිංහල මුස්ලිම් කෝලාහලයේදී බි්‍රතාන්‍යයන් විසින් අත්අඩංගුවට ගන්නා ලද සිංහල නායකයින් නිදහස් කර ගැනීම සඳහා ක්‍රියා කළ අයෙකි. තවද වෙසක් පෝය දිනය රජයේ නිවාඩු දිනයක් කළ යුතු යැයි බෞද්ධ ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පහත රට සිංහල නියෝජිතයා විරුද්ධ වූ නිසා එම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරීමටද රාමනාදන් මහතා කටයුතු කළේය. ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මහතාගේ පරාජය ගැඹුරින් විග්‍රහ කර බැලීමේදී පෙනී යන්නේ මෙම මැතිවරණයේදී ජාතියට වඩා කුලය පිළිබඳව සිංහල නායකයන්ගේ අවධානය යොමුවී තිබුණ බවයි. (මතුසම්බන්ධයි)







0 Comments