
1925 දී ප්‍රගතිශීලි ජාතිකවාදී පක්‍ෂය නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1926 වර්ෂයේදී එම පක්‍ෂයේ රැස්වීමකදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් ඇති කළ යුතු බවයි. මේ පිළිබඳව 1926 ජූලි 17 දින “සිලෝන් මෝර්නින් ලීඩර්” පුවත්පතට ඔහු විසින් ලියූ ලිපියක සඳහන් වූයේ ලංකාව කළාප පහකට බෙදා ෆෙඩරල් පාලනයක් ඇති කිරීම තුළින් ජන සමාජය තුළ පවතින විවිධත්වය හා ගතානුගතික පැවැතුම්වලට ගරු කිරීම තුලින් සාර්ථක පාලනයක් ගෙන යා හැකි බවය. තවද ලංකාව තුල කළාප පහක ෆෙඩරල් ආණ්ඩු පිහිට විය යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය.
1939 දි ඉන්දු-ලංකා දෙමළ කොන්ග්‍රසය බිහිවෙයි
යටත් විජිත පාලකයන් විසින් ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා වරින් වර දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද දෙමළ කම්කරුවන් සංඛ්‍යාව ලක්‍ෂ 9 කට අධිකය. සුදු පාලකයෝ හදිසියේම ඉන්දීය සම්භවයක් ඇති මෙම ද්‍රවිඩ කම්කරු නායකයින් පිරිසක් රැකියාවෙන් ඉවත් කළහ. මෙම ප්‍රවෘත්තිය සැලවුන වහාම මහත්මා ගාන්ධිතුමා ලංකාවේ යටත් විජිත පාලකයින් සමඟ සාකච්ඡා කිරීමට ජවහල් ලාර් නේරු මහතා ලංකාවට පිටත් කර හැරියේය. නේරු මහතාගේ සාකච්ඡාවෙන් පසුවද සුදු පාලකයින් විසින් ඉවත් කළ කම්කරුවන් නැවත බඳවා ගැනීම සිදු නොකරන ලදි. යටත් විජිත පාලකයන්ගෙන් ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ කම්කරුවන්ට සිදුවන මෙවැනි අසාධාරණකම් සඳහා නැගී සිටීමට වෙනම සංවිධානයක් බිහිකල යුතු බව ශ්‍රී නේරු මහතාගේ අදහස විය. ඉන්දු-ලංකා දෙමළ කොන්ග්‍රසය 1936 දී බිහිවූයේ මෙවන් පරිසරයක් තුළය. 1944 වර්ෂයේදී සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතා එහි සභාපති වරයා ලෙස පත්විය. පසුව මෙම සංවිධානයේ නම ලංකා කම්කරු කොන්ග්‍රසය ලෙස වෙනස් වූ අතර එය මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලන ප්‍රවාහයේ ප්‍රධාන භූමිකාවක් රඟදක්වයි.ඩොනමෝර් කොමිසම සහ සර්වජන ඡන්ද බලය
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉතිහාසයේ ඊලඟ වැදගත් අවස්ථාව උදාවන්නේ ඩොනමෝර් කොමිසමෙන් පසුවය. රටතුල ස්වයංපාලනයක ඇති අවශ්‍යතාවය කොමිසම ඉදිරියේ සාක්‍ෂි දුන් නියෝජිතයින් පෙන්වා දුනි. එහෙත් සමහර ප්‍රගතිශීලි කරුණු කෙරෙහි එකඟතාවයකට ඒමට නියෝජිතයෝ අසමත් වූහ. ඔවුහු මෙහිදී පරස්පර අදහස් ඉදිරිපත් කළහ. ලංකා ජාතික සංගමයේ සභාපති ධූරය දැරූ ඊ.ඩබ්. පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුත් ත්‍රීපුද්ගල නියෝජිත පිරිසක් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්හ.එයින් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනාක මහතා සහ ඔහුගේ ළඟම මිත්‍රයෙක් වූ ආර්.එස්.එස්. ගුණවර්ධන යන මහත්වරුන් සර්වජන ඡන්ද බලය ලබාදීම සඳහා කොමිසම ඇතිකරගෙන තිබූ එකඟතාවයන්ට විරුද්ධ විය. ඔවුන්ගේ තර්කය වූයේ නූගත් නොදියුණු ජනතාවට ඡන්ද බලය ලැබුණහොත් ඔවුන්ගේ ඡන්දය මුදලට ලබාගැනිමට සමහරුන්ට හැකි වන බවයි. කෙසේ වුවද ඩොනමෝර් කොමිසමෙන් ශ්‍රී ලංකාවට ඩොමිනියන් තත්ත්වයේ පාලනයක් සුදුසු බව නිර්දේශ කෙරිනි. රාජ්‍ය මන්ත්‍රණ සභාව විධායක සභා හතකට බෙදින. මුලදී ඩොනමෝර් කොමිසමේ නිර්දේශ පිළිගැනීමට ලංකා ජාතික සංගමයේ නියෝජිතයෝ අකමැති වූහ. කොමිසමේ නිර්දේශ නොපිළිගැනීමට යාපනයේ තරුණ සංගමයද තීරණය කළහ. එයට හේතුව වූයේ ඔවුන් කොමිසමට ඉදිරිපත් කළ “ස්වරාජ්” තත්ත්වය ඔවුන්ට නොලැබීමය. එහෙත් බුද්ධිමත්, උගත් දෙමළ නායකයෙක් වූ පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ මැදිහත්වීම නිසා යාපනයේ ප්‍රභූන් කොමිසමේ නිර්දේශ පිළිගැනීමට එකඟ විය.(මතුසම්බන්ධයි)







0 Comments