අපගේ යහපත් වූ සිතුම්,පැතුම් සියල්ලක්ම එලෙසම සාර්ථක කරගන්නට ආශිර්වාදය සෑමපැත්තකින්ම ලැබේවා යන පැතුම මේ අවශ්ථාවේදී මා එකතු කරමි.
"මීඩියා ලින්ක්" කන්ඩායමේ අනු සම්භන්ධතාවයක්ලෙස සමාජගතවන අපගේ "ක්ෂිතිජය" නම්වූ මාධ්‍ය මෙහෙවර ඔස්සේ අපි සියඵදෙනාම එක්සත්ව,එක්සිත්ව මේ උත්සාහ කරනුයේ කාලාන්තරයක් තිස්සේ ජාති,ආගම්,කුල බේදයෙන් තොරව මව්රටට ආදරය කරපු විවිද ජන කොටස්,විවිද ජන වර්ගයන් ජීවත්වන මෙම උතුම් දේශයේ සමීප කාලයකපටන් ඇතිවෙච්ච ස්වාභාවික විපත්තිවලට වඩා අති භයානක විපත්තියවන මානවයා අතර ඇතිවූ අනාවබෝධයේ වයිරය, මේ නිසා මිනිසා එකිනෙකා බෙදී ,වෙන්වී තමන් සතු පහත් ආකල්පයන් එකිනෙකාට එල්ලකරමින්, විවේචනයන් කරමින් ජීවත්වන්නට පටන් ගත්හ.මෙනිසා අවුරුදු දහස්ගනනක් අප දේශයතුල අඛනණ්ඩව ගොඩනගාගත් ජාතීන් අතරවූ ජාතික සමගිය පිරිහිලා මානව හිතවාදය සහමුලින්ම විනාශවෙලා, මිනිසා මිනිසාවම ඝාතනය කරන පහත් තත්වයකට වැටී ඇත....
මෙම තත්වය වාසියට හරවගත් සමහර කණ්ඩායම් තම අරමුණු ශාක්ෂාත් කරගැනීම උදෙසා අනුවනකමින් කරපු යම් යම් නූගත්,පහත් දේ මත මෙම උතුම් දේශය සහමුලින්ම පරිහානියට ලක්විය..
එතනින් ආරම්භ වූ මෙම අරගලයන් නිසා වෙන්වෙච්ච සමාජයන්වල බිදුනු භදවත් නැවත යා කරමින් කරුණා,මෙත්තා,මුදිතා,උපේබ්කා යන ධර්මතාවයන් හරහා සමාජය එක්සේසත් කරන්නට සමාජගතවුනු මාධ්‍ය මෙහෙවරකි "ක්ෂිතිජය"මෙම අරමුණ හැරුනුකොට වෙනත් කිසිදු අරමුණක් නැති අප මාධ්‍ය මෙහෙවරට ඔබත්
දායක වන්නේනම් කරුණාකර එම අරමුණේ සීමාවතුල පමණක් රැදී සිට ඔබ පෑන්තුඩ මුවහත්කරනමෙන් කාරුණිකව ආයාචනා කරන අතර අපගේ මාධ්‍ය මෙහවරතුල ඔබ නිහඩ වූ පාඨකයෙකු පමණක් නොවී කියාකාරී කවියෙකු,රචකයෙකු වී ජාතික සංහිදියාව ගොඩනගන්නට අප හා අත්වැල් බැදගන්නාලෙසට මහත් අභිමානයෙන් ආරාධනා කරමි...ලක් මාතාවගේ ජය "ක්ෂිතිජය" තුලින් තහවුරුකරන්නට දායකවෙමු.......
මීට සභාපති
" මීඩියා ලින්ක්"







0 Comments