SRI LANKA


 

"පසුතෑවිල්ල"-- (කැඩපත-කවි )

 


අලි නාන වලවල්
පය හැපෙන ගල් මුල්
වැසි කලට ඇලවල්
වෙනවා අපේ පාරවල්

අපේ දූ දරුවන්
වයස්ගත මාපියන්
දුබල වූ රෝගීන්
ගමන් යන්නේ කරපිටින්

නිදහසින් පස්සේ
සත් දශකයක් තිස්සේ
ජන්ද දි ඇත්තේ
නමූත් ඕකයි සැබැ තත්තේ

රස්සා රටේ නැත්තේ
ඒකයි පිට රටට ආවේ
ඩොලරුයි  එවව්වේ
එත් අපේ රට එකම තත්තේ

අනේ මන්දා ඉතිං
දහම් දිවයින වෙලත්
හොරා කන එකනම්
නැතිවෙලා නෑ තවනම්

ඇති එකා කති බොතී
නැති එකා විරවතී
මැතිවරුන් වැජඹෙතී
අපි සදා හප වෙතී

Post a Comment

0 Comments