" දේශයේ අභිමානය රැකගතගන්නට ජීවිතයෙන් වන්දිගෙවූ වීර මාතාව "
වර්තමාන
මනුෂ්‍යයන් වන අපට කුමක්හෝ ගැටළුවක් අවශ්‍යයයි. ගැටළුවක් නැතිනම් ජාතීන් ලෙස බෙදෙමු,ආගමික වශයෙන් බෙදෙමු,කුළ වශයෙන් බෙදෙමු, දේශපාලන වශයෙන් බෙදෙමු, බෙදිලා... බෙදිලා.... බෙදිලා මේ වනකොට එකතූවන්නට බැරිතරම් අපේ බෙදීම් විවිධාකාර ලෙස සමාජයතුල වර්ධනය වී ඇත.
විශේෂයෙන් ජාතිවාදයේ සහ ආගම්වාදයේ බෙදීම්,එයින් නිර්මාණය වූ කුරිරු ඛේදවාචකයන්
එවැනි ආතතියකින් ජීවත්වන අපට අතීතයේ අප මුතුන් මිත්තෝ හරහා අප එකතුවන්නට ,සමගි වන්නට ලබාගතහැකි පාඩම් අසීමිතයි අප්‍රමාණයි.
පහත දිගහැරෙන්නේද අප උගතයුතු එවැනි අපූරු ඉතිහාසයෙකි.
මෙම අපූරු සිදුවීම සිදුවන්නේ දෙවැනි රාජසිංහ රජ සමයේය.
පෘතුගීසි ආක්‍රමණයේ ආධිපත්‍ය දේශය වටලාගත් මොහොතේ දෙවෙනි රාජසිංහ රජු සහ පෘතුග්‍රීසින් අතර ගැටුම රජතූමන්ට අවාසිදායක තත්වයක් මත පසුබසිද්දී මහියංගන පරගම්මන ප්‍රදේශය හරහා රජතමන් පලායන මොහොතේ පෘතුගීසින්ද ඹහුව ලුහුබැඳ යන්නේය.ඉක්බිතිව තම නෙත ගැටුනේ ඉදිරියේ තිබෙන විශාල ' ' 'කොලොංගසයි' වෘකෂයේ මද දුරකින් විශාල අතු බෙදී විහිදී තිබුණි.ගස මුලට පැමිණි රජු එය පරීක්ෂා කළේය.එහි
අභ්‍යන්තරයේ විශාල කුඹුලකි.එය අතු දක්වාම විහිදී ඇත.තමන්ව මරන්නට ලුහුබැඳ එන විරුද්ධ වාදීන්ගෙන් දිවි ගලවාගන්නට සැගවීසිටින්කට කදිම ස්ථානයක් ලෙස එම වෘක්ෂය තෝරාගත් රජුන්... වෘක්ෂය මුළ රෝපනය වූ විශාල පුස්වැලක් කුඹුල ඇභ්‍යන්තරයෙන් වැඩී එහි අතු පත්‍ර දක්වා විහිදී තිබුණි.
මේ ආධාරයෙන් ඹහු හනි හනිකට පුස්වැල්ලේ එල්ලී ඉහළට නැංගේය.
පුස්වැල්ලේ උඩ විශාල නාගයෙක්ද එල්ලී සිටීයි.වැල සෙලවීමෙන් නාගයා කලබල විය.ඒ හේතුවෙන් රූටා පහළට වැටුනි.
මෙම සිදුවීම තවත් නෙතක ගැටුණි ඒ අසල හුන් මුස්ලිම් කාන්තාවකි .මේ කිසිවක් නොදුටුලෙස ඇය දෛනික කටයුතුවල නිරතවිය.
වෘක්ෂයේ මද දුරක් ගියතැන සිදුරකි.එයින් හාත්පස පෙනේ.සතූරා ගස පසුකරමින් පල්ලමි බසිනු රජු දුටූවේය.
පෘතුගීසින් මුස්ලිම් කාන්තාවගේ නිවස ඇසලට පැමිණියහ. කාන්තාව වටකරගෙන කැඩුණු සිංහලෙන් කතා කළහ.එම කාන්තාවගෙන් රජුන් ගැන විමසුවේය.
එවිට තමන් කිසිවක් නොදුටුබව ඇය පැවසූහ.
ඹවුන් සැරෙන් විමසින විටත් ඇය මුණිවත රැක්කේය. පසුව ඹවුන් ඇයගේ කණක් කැපුවේය.මේ සියළුදේ රජතූමා සැගවී බලාසිටියේය.
නැවත නැවතත් රජතූමා පිළිබඳ ව ඇයගෙන් විමසූවත් ඇයගෙන් කිසිදු පාවාදීමක් තම දේශයේ නායකයාට එරෙහිව සිදුනොවීය.
'දැන්වත් කියපිය' පෞතූගීසි එක් හේවායෙකුගේ මෙම වදනත් සමගින් තියුනු අසිපත් පහරකින් ඇයගේ අතක් ශරීරයෙන් වෙන්විය.
සිකුරටම එක්දෙයක් සිදුවනබව මෙම දිරිය කාන්තාව අවබෝධ කර ගත්හ.
එනම් තව මොහොතකින් මොවුන් අතින් තම මරණය ස්ථිරවම සිදුවනබවයි.නමුත් ජන්මයෙන්ම එඩිතරකමට හිමිකම් පෑ ඇය තම ශරීරයෙන් නැගෙන වේදනාව පවා නොතකමින්
තම දේශාභිමානය වදන්වලට පෙරළුවාය.
" කැරපොතු සුද්දනේ ....අප රාජෝත්තමයා සිටිනා තැන ගැන මම දනිමි නමුත් මම නුඹලාට එතූමාව පාවා දී බිළිදෙන්න සූදානම් නැහැ මම එතුමාට ගරු කරමි "යනුවෙන් එඩ්තරව පැවසුවාය.
ඇයගේ අවසන් වචන කිහිපය එය විය.අනතුරුව වියරු වැටුනු පරංගීන් කෙසෙල් ගසක් පෙති ගසන්නාක් සේ ඇයව පෙතිගසා මරාදැමූහ ( ඇයගේ මරණයෙන් මතු ජිවිතය යහපතක්ම වේවා...)
නිමේෂයකින් රතුපැහැ ගැන්වුනු එම අසරණ කාන්තාවගේ දේහය දෙස රජතුමන් ශෝකාබරිතව බලා සිට්යේය.එන
ඹ්නෑම තත්වයකට මුහුණ දීමේ අධිෂ්ඨානයෙන් රජු ගස උඩ බෙනයතුල සැගවී සිටී. අනතුරුව ගසමුලට පැමිණි පරංගියා පුස් වැල මුල ඇති අකුල ඈත් මෑත්කර බැලුවේය.එවිට බියෙන් සහ කෝපයෙන් සිටි නාගයා නැවතත් තමාවෙතට පැමිණි සතුරාට දඩුවම් කළේය.
විෂ දළ පහර වැදුනු පරංගියා රුධිරය පෙරමින් පල්ලම් බැස්සේය. රජුන් සෙවීම පසෙකලා
සෙස්සෝ ඹහු ඹසවාගෙන අඩි ඉක්මන් කළේ සිය සගයාට ප්‍රතිකාර කිරීමේ අටියෙනි.
මද වේලාවකින් රජතූමන් ගසෙන් බැස තමුන් රැක ගන්නට ජීවිතයෙන් වන්දිගෙවූ
එම වීරමාතාව අභියසටවිත් මහපොළව තෙත්කල ඇයගේ රුධිරයට
තම අත තබා තම අතෙහි දැවටුන රුධිරය දෙසබලා මා...රැක....ලේ. යනුවෙන් අභිමානයෙන් ප්‍රකාශ කළේය.
අදටත් අප සමාජයතුල එදා රජතුමන් විසින් අභිමානයෙන් ප්‍රකාශකල මා...රැක...ලේ. යන ප්‍රකාශය ' 'මරක්කලේ' ලෙස යතාර්ථයක් කරමින් ජීවත්වන අපේම සහෝදර මුස්ලීම් ජනතාවගේ මුතුන්,මිත්තන් එදා රජතුමන් අතින් උපහාරයට ලක්වුනේ මේ ආකාරයටයි.
මාළිගාවට සැපත්වුනු රජතුමන් හේවායෙකු කැදවා අසවල් ස්ථානයේ සතුරන් අතින්මැරුම් කෑ වීර කාන්තාවගෙ දරු, මුණුපුරන් කෑදවාගෙන ඒමට නියෝග කළේය.
මොහතකින් ඹවුන් සියල්ල මාළිගාවට පැමිණියෝහ.ඹවුන් දෙස බැලූ රජතූමන් මෙලෙස පැවසුවේ ය.
දරුවනි.....නුබලාගේ මව, නුබලාගේ මිත්තණිය මාවෙනුවෙන් දිවි පිදුවේ මමද බලා සිටිය දීය.එහෙත් මට එවෙලේ ඉතිරිව තිබුණේ ශෝකවීම පමණි. ඒ උදාර කාන්තාවට කෘතගුණ සලකනු වස් නුබලාට ගම්වර හා තෑගී ,බෝගද මාලිගයෙන් පිරිනමනු ඇත.
ඒ කාන්තාව ...රජු සිංහලයෙකු යැයි සිතා විරුද්ධවාදීන්ට ඹහුව පෑවාදුන්නේනම් සමහරවිට ඉතිහාස වෙනස්වන්නටත් ඉඩතිබුණි.
එ නිසා අපි වෙනස් ජාතීන්,හෝ ආගමිකයන් පමණක්ම නොවී දේශයට ආදරය කරන ලාංකීය පුරවැසියෝ වෙමු.
ආගමත්,ජාතියත් පවත්වාගන්නට දේශය රැකගත යුතුයි....
සටහන.
සමස්ථ ලංකා ආගමික දේශක, දේශමාන්‍ය, දේශබන්දු K.A.H.A කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමන්.
0 Comments