"කුමන ශරීරය තහනම් වූ ආහාරයෙන් පෝෂණය වන්නේද,එම ශරීරය ස්වර්ගස්ථ වීමට සුදුසු නොවේ" (නබිනායක තුමාණෝ)
වරෙක .....එක්තරා පුද්ගලයෙකු මුහම්මද් නබි තුමාණන් ඉදිරියට පැමිණ තම ආර්ථික දරිද්‍රතාවය පිළිබදව දුක්ගැනවිලි කරමින් තමුන්ට යම් උපකාරයක් කරන මෙන් ආයාචනා කළහ.
ඹහුගේ දුක්ගැනවිල්ලට හොදින් ඇහුම් කන් දුන් ජනහිතකාමී අප නබිනායක තුමාණෝ,
"ඹබ නිවසේ යම්කිසි වස්තුවක් තිබේදැයි" ඹහුගෙන් විමසූහ.
නබිතුමාගේ විමසුමට ප්‍රති උත්තර සපයමිනින් එම පුද්ගලයා මෙලෙස පැවසුවේ ය.
" පොරවනයක් සහ භාජනයක් තිබෙනු මතකයි නබිතුමනි"
එවිට නබිතුමානෝ එසේනමි නිවසට ගොස් එම භාණ්ඩ දෙක රැගෙන එනමෙන් ඔහුට අණ කළේය.
කෙටි වේලාවකින් ඔහු එම භාණ්ඩ දෙක රැගෙන නබිතුමාණන්ගේ සමූහයට පැමිණියේය.
නබිතුමාණේ
එහි රැස්වසිටි තම මිතුරන් අතර එම භාණ්ඩ වෙන්දේසි කරමින් දිර්හම් දෙකක මුදලක් උපයා එම මුදල එකී පුද්ගලයා අතට ලබාදෙමින් මෙලෙස උපදෙස් ලබා දුන්හ.
" මිතුරා පළමුව ඔබ මෙම මුදලෙන් දිර්හමකට නිවසට අවශ්‍ය ආහාරපාන මිළදී රැගෙන නිවසට ගොස් නිවැසියන් සමග කුසගින්න නිවා දමන්න.
අනතුරුව ඉතිරි මුදලෙන් පොරවක් මිළදීගෙන වනයට ගොස් ඉවතලන දරකැබලි කපා මිටිබැද අවශ්‍ය ඇත්තන්ට විකූණා ඹබගේ දෛනික ආර්ථිකය ගොඩනගාගන්න"යනුවෙනි.... එලෙසම ඹහු එම ව්‍යාපාරය කරගෙන යහපත් ආර්ථිකයක් ශ්‍රම දායකත්වයෙන් ගොඩනගා ගත්ත්ය.
ඒ වගේම තවත් අවස්ථාවක ශ්‍රමයෙන් හරි හම්බ කොට දෑතේ කරගැට මතුවී තිබුනු කම්කරුවෙකුගේ අත අල්ලා ඹහුව වැළදගතේය.අනතුරුව බොහෝ වේලාවක් ඔහුගේ දෑත් අල්ලාගෙන ස්පර්ශ කරමින් සිටියේය.
එහි රැස්වසිටි සියල්ලන්ම පාහේ පුදුමයටපත්ව බලාසිටියහ. එවිට නබිතුමාණෝ ශ්‍රමිකයාගේ දෑත් උසස්කොට කතාකරමින් ඔහූගේ දහඩ්යේ වටිනකාම පිළිබදව ද වර්ණනා කළේය.
තම ශ්‍රමයෙන් හරි හමිබ නොකොට මසිජිදයේ ලැගුම් ගෙන සිටින ඇතැමුන් ආමතා හස්රත් උමර් රළි තාමාණෝ මෙසේ කීවේය.
" ඹබ අතුරින් යම් කෙනෙකු වෙහෙස මහන්සි නොවී,තම ශ්‍රමයෙන් හම්බනොකර අල්ලාහ් මට උදව් කරන්න,මාගේ අවශ්‍යතා සපුරාලන්න යනුවෙන් පමණක් ප්‍රාර්ථනා කිරීම ප්‍රමාණවත් නොවේ".
( ශ්‍රමයක්,උත්සාහයක් නැතිවිට) අහසින් රන් හෝ රිදී නොවසියි. එහෙයින් අපද ශ්‍රමයෙන් උපයා ජීවත්වන්නට උත්සාහ කළයුතුයි. ශ්‍රමිකයාට සෑමදා අල්ලාහ්ගේ ආශිර්වාදය සතූයි... ඉස්ලාමයටඅනූව (හලාල්) අනූමත වූ ක්‍රමවේදයන් ( ව්‍යාපාරික ක්‍රම.ඉපයීම් මාර්ග ) ආදීන් පිළීපැදිය යුතුයි.එය කුමන ඉපයීමේ ක්‍රමයක් වුවද කම් නැත එය ගොවිතැන් කටයුත්තක් වේවා ,කුලි වැඩක් වේවා,ඒ වගේම ඉගැන්වීම් කටයුතු, ගිණුම් පරීක්ෂණ යනාදි බුද්ධිමය ක්‍රමයක් වෙන්න පුළුවනි කුමන තරාතිරමක රැකියාවක් වුවද තමුන් ලබන වැටුපට සරිලන ශ්‍රම සහ බුද්ධිමය දායකත්වය ලබා දීමෙන් පමණයි එකී වැටුප යෝග්‍ය වනුයේ නැතිනම් "එය හරාම්" නැමැති තහනමෙන්,වංචාවෙන් ලද ප්‍රතිඵලයකි.නිදර්ශනයක් ලෙස මෙසේ සිතමු
රජයේ රැකියාවල නිරත සමහර උදවිය තම රැකියාව උදෙසා කාර්යාලයට නොගොස්ම ම තම නවසේ සිටම රැකියාවට වාර්තාකල බවට අත්සන තැබීමට කටයුතු කරයි තවත් සමහර උදවිය උදේ රාජකාරියට වාර්තාකෙට නියමිත වේලාවට කළින් පිටවී මුලු දවසේ සහභාගීත්වයට සටහන් තබති,තවත් ඇතමුන් රාජකාරී වේලාවන්හි තම පුද්ගලික වැඩකටයුතූ කර අසරණ ජනතාව අහහසුතාවයට පත්කර වැටුප් ලබති සියළුම ආගම්වලට අනූව මේවා වංචනික ඉපැයීම් යනු සක්සුදක් සේ පැහැදිලිය.මෙලෙස උපයමින් එම තහනම් දෙයින් ලද ඵලය භූක්ති විදින්නන්ට නිවන්ගතවීමක් හෝ ස්වර්ගස්ථවීමක් යනු සිහිනයකි.
මෙය පටන් ගැනීමේදී මා සදහන්කළ නබිතුමාගේ හදීස් වදනත් මෙයට සාධකයකි.ශ්‍රමයෙන් උපයනමෙන් සිවළුම ආගම් මිනිසාට නියෝග කරයි.එසේ ශ්‍රමයෙන් හම්බනොකිරීම පහත් දෙයක්කොට සලකයි. ශ්‍රමිකයාගේ දහඩිය වියළීමට පෙර ඹහුගේ නියමිත වැටුප ලබාදෙනමෙන් පවසයි.ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ලබාදෙනලෙසට ඉල්ලීම් කරයි.වැඩකරන ජනතාව ලෙසට ශ්‍රමිකයා,කම්කරුවා ලොව උසස්ම පුද්ගලයාවේ.ශ්‍රමිකයාගේ ශ්‍රමයේ රන් දහඩිය මහ පොළොව තෙත් කරනූයේ එහි සවද මුළු ලොවටම ලබාදෙමිනි.....
0 Comments