බුදුරජාණන් වහන්සේ භික්ෂුණී ශාසනය පිහිට වීමට අවසරය ලබා දීමෙන් පසුව ලෝකයේ ඕනෑම රටක බුද්ධ ශාසනය පැවතීමට නම් භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස පැවතිය යුතු බවට අනුදැන වදාළේය. ඒ අනුව බදූ දහම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එකලෙස මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යහපත් කර ගැනීමට ඉවහල් වන ධර්මයක් බව ද බොදු දහමින් කිසිවිටෙකත් කාන්තා නිදහස හෝ අයිතිය ප්‍රතික්ෂේප නොකරන බවත් ප්‍රත්‍යක්ෂ කළ හ. එසේම බුද්ධ ශාසනය පැවතීමට භික්ෂුණී ශාසනයේ පැවතීම අනිවාර්ය බව ද එයින් ගම්‍ය වේ.
බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නතුරු සහ අග්‍රස්ථාන පිරිනැමීමේදී භික්ෂූන් වහන්සේලාට මෙන්ම භික්ෂුණීන් වහන්සේලාට ද සමාන ලෙස එම අවස්ථා පිරිනැමීම ද ඒ අනුව සිදුව ඇත.
බිනර පුන් පොහෝ දින එසේ බිහි වූ භික්ෂුණී ශාසනය බුදුදහම ලොව පුරා මානව සංහතියේ විමුක්තිය උදෙසා පැතිරවීමට භික්ෂුණී ශාසනයෙන් සිදුවු මෙහෙවර අතිමහත්ය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකට පසුවත් සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ ශ්‍රි මහා බෝධි ශාඛාවක් සමග ලංකාවට වැඩම කර ශ්‍රි ලංකාවේ සසුන්කෙත භික්ෂූණී සාසනයෙන් ඔපවත් කරමින් මෙරට භික්ෂුණී ශාසනය පිහිටුවීම එම මා හැඟි ධර්ම ප්‍රචාරක මෙහෙවරේ එක් අවස්ථාවකි. ඉන් බොහෝ කලකට පසුවත් එම සංඝමිත්තා පරපුරෙන් පැවැත ආ දේව සරා නම් භික්ෂුණීන් වහන්සේ නමක් නන්දි නම් නැවියෙක්ගේ ආදාරයෙන් චීනයට වැඩම කරවා චීනයේ භික්ෂුණී ශාසනය ආරම්භ කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එම චීන භික්ෂුනී පරපුර එදා සිට අද දක්වාම අඛණ්ඩව අවිච්ඡින්නව පැවත එමින් තිබේ.
ඒ අනුව චීන භික්ෂුණී ශාසනයේ සහය ඇතිව යළිත් ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවා තිබේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මතුකී භික්ෂූ භික්ෂුණි උපාසක උපාසිකා යන සිව් වනක් පිරිසෙන් ශ්‍රි ලංකා සසුන්කෙත අද මේ දෙරණ තුළ ස්ථාපිතව පවතී. ඉහත කී කරුණු සලකා බැලීමේදී භික්ෂුණී ශාසනය ආරම්භ වූ බිනර පුන් පොහෝදා සකල ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වටිනා පොහොය දිනයක් බව ඉඳුරාම පැහැදිළිය
පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් වැන්දඹු තත්ත්වයට පත්වීම නිසාද, පුරුෂ පක්ෂය හා සමාන බුද්ධියක් කාන්තාවට ඇතැයි යන මතය බුද්ධ ධර්මය පිළිගත් නිසාද කාන්තාවන්ට පැවිද්ද නොලැබීම බුදු සමයේ සමානාත්මතාවයට කැළලක් වීම නිසාද කාන්තාවනට සසුන් දොර විවර වූ බව ඇතැම් විචාරකයින් පවසති. එම ප්‍රකාශයන්හි අඩංගු කරුණු අපි බැහැර නොකරමු. නමුත් බූදූ රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ මොහොතේ සිටම උන්වහන්සේගේ ධර්මය මිනිසුන්ට කිසිම භේදයකින් තොරව ඒක හා සමානව දේශනා කළ බව ද එනිසා කිසි විටෙකත් භික්ෂුණී ශාසනය බුද්ධ ශාසනයේ දෙවැනි ස්ථානයක් නොහොබන බවද මෙහිලා සඳහන් කළ යුතුය.
මෙම පොහොය ද අයත් වන්නේ වස් කාලයටය. බිනර පොහොය දිනයේදී බොහෝ විහාරස්ථානවල වස් පින්කම්ද සිදුවේ. එනිසා මෙම බිනර පොහොය බෞද්ධ භික්ෂුණීන් දසසිල් මාතාවන් බෞද්ධ උපාසිකාවන් ප්‍රමුඛ සියලුම බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පුන් පොහෝ දිනයක් බව සඳහන් කරමු!
0 Comments