අපගේ මාතෘ භූමිය වන මේ උතුම් ශ්‍රී ලංකා දේශය වනාහි ස්වභාවික සැප සම්පත් වලින් පෝෂණය වූත්, පරිපූර්ණ වූත් චමත්කාරවූත් අති රමණීය සුරපුරකි .කුඩා කුහුබුවාගේ පටන් සද්දන්ත අලි ඇතුන් දක්වා වූ සතා සිවුපාවුන් මෙන්ම ගෞරවණීය මිනිසාද මේ උතුම් දේශයේ ඉපදෙමින් තම මාතෘ භූමියේ වරම හිමිකරගන්නේ නම් එය ඹවුනොවුන්ගේ වාසනාවකි,අයිතියකි මැවුම් කරුවාගේ කැමැත්තකි...
එනිසා කෙනෙකූ යම් දේශයක තම උරුමය උපතින්ම ලබා ගැනීමට භාග්‍යවන්ත වන්නේනම් ඔහුගේ එම ජාතික උරුමයට අකුල් හෙලන්නට, එය විනාශ කරන්නට හෝ විකෘති කරන්නට අයිතියක් එකි දේශයේ පාලකවරුන් ප්‍රමුඛ කිසිවෙකුටත් කිසිදු ආකාරයක බලයක් මෙන්ම අයිතියක්ද නොමැතිබව වටහා ගතයුතුය.
විශේෂයෙන් රටක,දේශයක වාර්ගික හා ආගමික අර්බූදයන් නිර්මාණය වන ඹ්නෑම අවශ්ථාවකදී ජාතියේ,සහ ආගමේ නාමයෙන් යන තේමාව දඩමීමා කරගනිමින් ඇතැම් පූද්ගලයන් මෙවැනි ජාතිවාදී හැගීම් බහුතරයේ සිටින යහපත් අයගේ හදවත්වලට කාවද්දමින් සුළු තරයේ ජාතික උරුමයක් වන නිජබිමේ අයිතිය සූරාකමින් ඹවූන්ව ආතක්,පාතක් නැති ජන වර්ගයක් ලෙස හංවඩු ගසන්නට විව්ධ කුට උප්‍රක්‍රම අත්හදා බලමින් පොදු සමාජය හා ඹවුන් අතර විරසකයක් ඇතිකරන්නට මානබලමින් සිටින්නෝය.මේ අවශ්ථාවේදී අප ඉතා අවධානයෙන් සිට අවධානමෙන් මිදෙන්නට කටයුතු කළ යුතුයි. හේතුව පුද්ගලයින් අතලොස්සකගේ වෛරයට වඩා බහුතරයේ මිත්‍රත්වය හා සාමකාමීත්වය ඉතා අගනේය.
මෙවැනි පසුබිමක දී විවේචනයට හා විමර්ශනයට ලක්වන එකී සුළුතර ජනතාවගේ ඉතිහාසයන්,ඔවුන් හරහා දේශයට සිදුවී තිබෙන්නාවූ මෙහවරන් පීලිබදව අතීතාවර්ජයකට ගොස් ඔවුනොවුන්ගේ අයිතීන් සහ උරුමයන් පිලිබදව ජන ඤානය විවර කිරීම අප සියල්ලන්ගේම මහඟු වගකීමකි.
එනිසා "ඉතිහාසයෙන් බිඳක්" යන තේමාවේ ලීපි පෙළ මුවහත් කරමින් අද දින, ලාංකීය ඉතිහාසයේ සිංහල ජන සමාජයේ අභිමානවත් රජ පෙළපත් එක්ක තම පරම්පරාවේ ඤාතිත්වය ගොඩනගා ගනිමින් ලාංකීය ජන සමාජයේ අතීත,වර්තමාන,ආනාගත,යන තුන්කල් දැක්මේ උරුමය හිමිතරගත් සිංහලේ රුධිරයත් සමග මිශ්‍ර වූ ආගමෙන් හා ආගමික විශ්වාසයෙන් පමණක් වෙනස් වූ අරමුණු,අභිලාෂයන් අතර මිත්‍ර වූ ප්‍රේමණීය ජන සමාජයක්වන
පිළිබදව අතීත මතකසටහන් වලින් තවත් එක් කෙටි මතක සටහනකට ඹබව කැටුව යමි.
පලවෙනි බුවනෙකබාහු රජතුමා කූරුණෑගල රාජධානිය රජ කරන සමයේ එක්තරා අවශ්තාවක දී බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් කතක් විවාහ කරගත්තේය. කාලයාගේ ඇවෑමෙන් මෙම රජ යුවළට දාව කුමරෙක් උපන්නේය.
රජතුමන්ට වෙනත් දරු සම්පත් නැති නිසා රජුගේ මරණයෙන් පසු වත්හිමි කුමරාට සිංහාසනය උරුමවිය.
මෙම කුමරා පසු කාලීනව දෙවන බුවනෙකබාහු රජු නමින් සමාජගතවිය. මෙම ඉතිහාස සටහන
කුලවංශ පූජාවලිය,නිකාය සංග්‍රහ, වැනි ලේඛන වලින්ද දඹදෙණිය රජසමය සම්බන්ධ ග්‍රන්ථ වලින්ද දැකගත හැකිවේ.
අනතුරුව දෙවන බුවනෙකබාහු රජතුමා ලෙස නාමය වෙනස්කරගත් වත්හිමි කුමාරයා පසුකලෙක ගලේ බණ්ඩාර රජු නමින් ප්‍රසිද්ධ විය....
දෙවන බුවනෙකබාහු රජතුමා කුරුණෑගල රාජධානියේ රජකම් කළද, තම මවගේ උපන්ගම වන බේරුවල ප්‍රදේශයට නිතර, නිතර ආ ගිය බවත් එහි ප්‍රදේශවාසීන් සමග සමීප සම්බන්ධතා පවත්වා ගෙනගියබවටත් ඉතිහාසගත ලිපි ලේඛන සාක්ෂි දරයි.එලෙසම එතුමන් වාසය කළ ප්‍රදේශය අදටත් " මාළිගාහේන"නමින් ප්‍රසිද්ධය .ඒ වගේම රජුගේ ගබඩා කාමරය ලෙස තිබූ ප්‍රදේශය අදටත් ප්‍රචලිත වනුයේ " ගබඩාගොඩ " නමින්ය.
මෙම ඉතිහාසයත් එක්ක සලකා බලනවිට බේරුවල ප්‍රදේශයේ ආරම්භවුනු මුස්ලීම් වරුන්ගේ ජන ඉතිහාසය වසර 1500 ට ආසන්න වීම පුදුමයක් නොවේ...
ලාකීය මුස්ලිම් ජන සමාජය බිහිවන්නේ
කි:ව: 900 කට ඉහතදී ලෙස සදහන් කළ හැකිය. ශ්‍රී ලංකාව තුල මරදාන ලෙස තැන් තුනක් තිබේ.
නමුත් බේරුවල මරදාන ඇදටත් ඉතා ප්‍රසිද්ධිය. ( කි: ව:) 8 වන සියවසේ මෙහි මුස්ලිම් වරුන් පදිංචිවී සිටිබවට ඉතිහාසවේදියෙකවන "ජොන්සන් ඇලෙක්සැන්ඩර්" සදහන් කරයි. 7 වන සියවසේ ජර්මන් සිට පෑමිණි නෞකාවේ මුස්ලීම් ජාතීන් තිදෙනෙකු සිටියහ. මොවුන් නම් වශයෙන්
1 සුල්ථාන් සදූර්දීන්.
2 සුල්ථාන් සලාහුද්දීන්.
3 සුල්ථාන් බදූර්දීන්ය.
මේ තිදනාගෙන් කෙනෙකුවන සූල්ථාන් සදුර්දීන් බේරුවල ප්‍රදේශයේම නතර විය. ඹහු ගොඩබැස්ස ප්‍රදේශයේ පානීය ජලය නොමැති නිසා අවශ්තාවකදී පිපාසයට වතුර සොයා දුෂ්කර මාර්ගයකින්. " පිංහේන "නම් ප්‍රදේශයට ගොස් එහි තිබූණ පැල්පත් වලින් එකකට සමීප වී තම අධික පීපාසය සංසිදූවාගැනීම වස් වතුර ඉල්ලාසිටියේය.
අනතූරුව පැල්පත ඈතූලේ හිටපු අලංකාර ලඳක් ආගන්තූක සදූර්දීන්ට මනරම් බදුනකින් වතුර පිරිනැමුවේය.තම අධික පිපාසය වතුර බදූනකින් සංසිදූවාගත් සදූර්දීන් මෙම ආගන්තූක සත්කාරයට ප්‍රති උපකාර කිරීම උදෙසා සදූර්දීන් සූල්ථාන් වරයා තම අතෙහි පැළද සිටි වටිනා මුද්දක් ගලවා ඇයට තෑගි කළේය.
මෙම සිද්දිධිය දැනගත් ඇයගේ දෙමාපියන් සුල්ථාන්වරයා සොයාගිය අතර ඹහුව එක්තරා පැලක් තුල සිට මුණගැසුණේය. ඉන්පසුව ඹහුව කැදවාගෙන ඇවිත් තම රුවැති දියණියට විවාකර දී ඇත.
මෙහි විශේෂත්වය කුමක්දැයි කිවහොත්
විජය කූමරුට කුවේණි
කෙලෙස ආලකම් පෑවේද...
එලෙසම පිංහේන කතුන් අරාබීන්ට පෙම් බැන්දෝය... එහි කාන්තාවන් සියල්ලක්ම පාහේ අරාබිවරුන් සමග විවාහ විය.
මෙවැනිම සිදුවීම් හුවා දක්වන මූස්ලීම්වරුන්ගේ ඉතිහාසයන් තවත් බොහෝමයක් ඇත මේ සියල්ලකටම පාහේ අපගේ අවධානය යොමුකිරීම්දී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඉතිහාසය කෙතරම් පැරණිද, පාරම්පරික ද යනු අවබෝධ කරගත හැකිය.
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කෝට්ටේගොඩ ආරච්චි ලෑ ගෙදර හමීඩ් ආරිෆ් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා.





0 Comments