“ජනකොටස් අතරේ සම්බන්දේ හදන එක වගේම, අධ්‍යාපනය මානුෂික කරන එක. අධ්‍යාපනය සඳහා තරඟ විභාග වලින් එකිනෙකා පරයා යන අධ්‍යාපනය නෙමෙයි. මිනිස්සුන්ට, ගහකොළට, සතා සීපාවාට, පරිසරයට ආදරය කරන මනුෂ්‍යයා නිර්මාණය කරන එක තමයි මේ අවස්ථාවෙදි ප්‍රමුඛ කාර්යයන් වනු ඇත්තේ.”
“මෙතනින් ඉස්සරහට ගමන තියෙන්නේ යුද වීරත්වයවත්, ඒ සංග්‍රාම ජයග්‍රහණ මතවත් නෙවෙයි. මනුෂ්‍යයින් ලෙස, මිනිසුන් එකිනෙකාට ආදරය කරන, සමාජයක් ගොඩනැංවීම තුළයි. ඒක ඇතුළේ අවි ආයුධ, යුද ජයග්‍රහණ, සංග්‍රාම විජයග්‍රහණයේ කිසිවක් අදාල වෙන්නේ නැහැ. යුදකාමීත්වය මිනිසුන් අතර වෛරය ක්‍රෝධය, ඇති කරවනවා. ඒ නිසා ඉදිරියට කිරීමට තියෙන්නේ මිනිසුන් මිනිසුන්ව සුවපත් කරවන, එකිනෙකාට ආදරය කරන සමාජයක් ගොඩනැංවීමයි. ”
ගල්කන්දේ ධම්මානන්ද හිමි
0 Comments