SRI LANKA


 

ඉතිහාසයෙන් බිඳක් -10

"සැබෑ ජනමෙහෙවර අභියස පාලක වරුන්ගේ
 කැපවීම් " 

මෙම සිදුවීම සිදුවන්නේඅපි නබි නායක මුහම්මද් ( සල්) තුමාණෝ මෙලොවින් සමුගැනීමෙන් පසු එවකට  ඉස්ලාම් ඉතිහාසයේ ප්‍රථම  කළීෆා  ( පාලක)පදවිය හොබවමින් සිටි අබූ බක්කර් සිද්ධීක් ( රළි ) තුමාණන්ගේ කාලවකවානුවේදීය.

සෑමදිනකම සුබහ් ශලාතය ( යාච්ඤා ව ) නිමාවීමෙන් අනතුරුව හස්රත් අබූ බක්කර් සිද්ධීක් (රළි) තුමාණෝ  ඉතා වේගයෙන් මස්ජිදයෙන් (  ආගමික සිද්ධස්ථානයෙන් ) ඉවත්ව මදීනා නගර සීමාවේ ආරම්භයේ තිබෙන එක්තරා කූඩාරමකට ඇතුල් වී ටික වේලාවකින් එයින් පිටව යෑමත්  පිළිබදව  එතූමන්ගේ මිතූරෙකු වන හස්රත් උමර් (රළි) තුමාණෝ අවධානය යොමුකරමින් සිටියේය.

පොදුවේ ගත්කල හස්රත් අබූ බක්කර් සිද්ධීක් (රළි) තුමාණෝ කුමන, කුමන යහපත් ක්‍රියාවන්වල නිරත වන්නේද පිළිබදව හස්රත් උමර් (රළි) තුමාණෝ හොදින් දන්නා කරුණකි.

එනමුත් මෙම කූඩාරම සහ  එයට දෛනික ව ඇවිත් යන කලීෆා අබූ බක්කර් සිද්ධීක් (රළි) තුමන් අතර ඇති සම්බන්ධය ඹහුගේ මිතුරාට  මහා කුතුහලයකි.

කාලය මෙසේ ඉදිරියට ඇදුනේය. දිනක් මේ පිළිබදව තම අවධානය යොමුකරමින් සිටි හස්රත් උමර් (රළි) තුමාණෝ....හස්රත් අබූ බක්කර් සිද්ධීක් (රළි) තුමාණන් එම කූඩාරමට ඇවිත් පිටව යෑමෙන් අනතුරුව 

තමුන්ද කූඩාරම තුලට ඇතුළු වූයේය...

ඇතුලුවීමත් සමගින් තම නෙත් ගැටුනු දෙයින් උමර් (රළි)තුමාණෝ පුදුමයට පත්වූහ.

එම කූඩාරම තුල සිටියේ ඇවිදගන්න බැරි ,දෑස් නොපෙනෙන, වයෝවෘද්ධ,දුර්වල මවකි.

කූඩාරම අවට තම අවධානය යොමුකළ උමර් (රළි) තුමාණෝ මෙම මැහැල්ළ (කළීෆා) අබූ බක්කර් සිද්ධීක් (රළි) තුමාගේ ඤාතියෙක් විය හැකිය යන අදහසින් ඇයට සමීපවි 

" මෑණියනි දෛනික ව කෙනෙකු මෙහි පැමිණෙනවා  ඹහු පැමිණි ටික වේලාවකින් නැවත පිටවී යනවා ඹහූ කුමන හේතුවක් වෙනු වෙන්ද  මෙහි පැමිණෙන්නේ....? මෙහි පැමිණ ඹහු කුමක්ද කරණුයේ...? එතුමන් ඹබගේ ඤාතියෙක්ද?

යනුවෙන් විමසීය.

එවිට එම මැහැල්ල,:අහෝ පුතනුවනි, අල්ලාහ් මත දිවුරා ප්‍රකාශ කරමි ! ඹහු ගැන මම කිසිවක් නොදනිමි. සෑමදාකම උදෑසන මෙහි පැමිණෙන  ඹහු ගෙදර අස්පස් කර හොදින් පිරිසිදු කරමින් එළුවාගෙන් ද  කිරි දොවා මගේ ආහාර වේල පිළියෙල  කර දී  මා සමගද කිසිවක් කතා නොකොට මෙහෙන් නික්ම යන්නේය.

මෙය ඇසූ හස්රත් උමර් (රළි) තුමාණෝ ශෝකාබරිතවි හඩමින් එම කූඩාරමෙන් පිටව ගියේය.

කලීෆා ( පාලක) අබූ බක්කර් සිද්ධීක් (රළි) තුමාණෝ  මරණයට පත්වීමෙන් අනතුරුව ඇයගේ ඉදිරි ආවතේව කටයුතු තමන් විසින්  ඉටුකල යුතු  බවත් අබූ බක්කර් සිද්ධීක් (රළි) තුමාගේ මරණය සම්බන්ධයෙන් ඇයට දැනුම් නොදිය යුතු බවටත් උමර් (රළි) තුමාණෝ අදිටන් කරගත්තේය.

 මෙලෙස අබූ බක්කර් සිද්ධීක් (රළි) තුමාගේ අභාවයෙන් පසු ඇයගේ කූඩාරම වෙත  උමර් රළි තුමාණෝ  ගමන් කල පලමු දිනයේදීම

එම මෑණියන්,:

" ඹබගේ මිතුරා ර්‍අභාවයට පත්වූයේද" ? යනුවෙන් ප්‍රශ්න කලේය .

 එය ඇසූ හස්රත් උමර් (රළි) තුමාණෝ විමතියට පත්ව ගැහෙමින් " ඹහුගේ මරණය පිළිබද පුවත ඹබ දන්නේ කෙසේද මෑණියනි " යනුවෙන් ප්‍රශ්න කලේය.

එවිට ඇය " දරුවා ඹබ මට ආහාර වේල පිළියෙල කර ලබාදෙන විටදී රට ඉඳිවල ඇටය ඉවත් නොකොට  එලෙසම ලබාදුන්නා, නමුත් ඹබේ මිතුරා එලෙස නොවේ එහි ඇටය ඉවත් කොට මදය පමණක් ලබාදෙන්නේය.

මෙය ඇසූ හස්රත් උමර් (රළි) තුමාණෝ ගැහෙන්නට පටන් ගත්තේය තමන්ට සිට ගන්නට බැරිව මහපොළවේ වාඩිවිය එතුමන්ගේ දෑස්වලින් කදුළු වැක්කෙරෙන්නට පටන් ගත්තේය....

ඉන් අනතුරුව එතුමා ඉතා අගනා ප්‍රශංසනීය වදනක් ප්‍රකාශ කළේය.

එය නම්...

" අහෝ අබූ බක්කර් ! ඹබ ඹබෙන් පසුව  ( කිළාෆත් ) පාලනය භාරගන්නාට විශාල බරක් හිස මත පටවා නික්ම ගියේය ..

දැන් අප විසින් සිතිය යුතු අවශ්තාවයි මේ , අපට පෙර විසූ ඒ උත්තරීතර පාලකවරුන්,නායකවරුන්  තම ,නිළය,අධිකාරීත්වය   ජනතාවගේ වගකීම් නිවැරදි ව ඉටුකිරීමට තමන්ට ලැබුණු වරමක් ලෙස සිතා  එයින් ජනමෙහෙවර කරන්නට තම උපරිම කැපවීම සිදුකලා මිස බලයේ ආධිපත්‍ය  අනිසිලෙස පාවිච්චි කරමින් තම පැවැත්ම උදෙසා පමණක් කටයුතු කළේ නැත.එවැනි  දූරදර්ශී , නිහතමානී පාලක වරුන් ,නායක වරුන්  අදටත්  මේ මහපොළවට ආශිර්වාදයකි....

 " සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා "

සටහන
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කෝට්ටේගොඩ ආරච්චි ලෑ ගෙදර හමීඩ් ආරිෆ් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා....

Post a Comment

0 Comments