SRI LANKA


 

ආදරණීය දියණියේ!

සදා චරිත වත් කුමරියක්, වෙන්නයි නිතර නුඹ හදවතින්  පතන්නේ .
එනමුදු සමාජය කෙරෙහි  නොදැනමයි , නුඹ දිනක වලකට වැටෙන්නේ .
විලාසිතාවන් හා අසීමිත  නිදහසයි , නුඹව විනාශයට ගෙනයන්නේ .

නුඹේ යොවුන් පැතුමන් කිසිදා , රකුසන් නැහැ හඳුනා ගන්නේ .
ගැහැනු ශෝභා දුටු කළ,  පිරිමි සිත් නැහැ පිවිතුරු වෙන්නේ .
පිරිමි මළකඳ පමණකි,  නුඹට අනතුරක් නොකරන්නේ .

අභිබවා රන් මුතු මැණික් , සුන්දර ගැහැණියයි වටින්නේ .
වටිනා දේ කිසිවක් නැහැ මහ මග විකිණෙන්නේ.
වැරදුණුදාට නුඹ අසරණයි, එවැන් කුමරියන් තමා තම කය විකුණන්නෙ .

නුඹ පැතුවත් පිවිතුරු හැදියාව ,
නැහැ අප සමාජය ඉඩ දෙන්නේ .
 ධන බල නිල නිසාමයි , මල් කැකුළියන්   පරවී යන්නේ .
දියණියේ නුඹගේ බුද්ධිය පමණකි , නුඹට සැමදින පිහිට වෙන්නේ .

Post a Comment

0 Comments