SRI LANKA


 

දිය බත හා එහි පෝෂණීය ගුණ.

මෙහෙම කිව්වම ගොඩක් අයට සිතට එනවා, මේක පරණ කෑමක්. හරි දුප්පත් මිනිස්සුන්ගේ කෑමක්. මේවා කන්න පුළුවන්ද?  යන සංකල්පය තමා.   නමුත් මෙම දිය බත කොතරම් වටිනවාද කියා දන්නේ නම් කිසිවෙක් මෙය අත් නොහරිනු ඇත.  ඒක තමයි මට අද ඔයාලා හැමෝටම කියන්න ඕන කරන්නේ.

ඒක සම්පූර්‍ණ විද්‍යාත්මක පර්යේෂණයක් කරලා සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න හැදුවොත්,  පොතක් ලියන්නම වෙනවා.  එහෙම තමයි මට හිතෙන්නෙ.  මක්නිසාද යත් මෙම දිය බතේ ඇති වෛද්‍ය විද්‍යාත්මක පෝෂණය අනුව අපට ඇති අමුද්‍රව්‍ය එකින් එක විමසා බැලුවහොත්, ඒවායින් අප ලබා ගන්නා විටමින් සහ ඛනිජ ලවණ අපගේ සෞඛ්‍යයට දායක වන ආකාරය කෙටියෙන් ඔබට කියන්නට ය. 

අපි ඒවා දිනපතා යම් ප්‍රමාණයකින් ගන්නා විට අපගේ ශරීරයට සෞඛ්‍ය ප්‍රවර්ධනය එකතු වේ.


මෙම දිය බතෙහි:

 සාමාන්‍යයෙන් පොඟවන ලද බත්, ළූණු , විශේෂයෙන් රතු ළූණු, දෙහි යුෂ හෝ ලුණු දෙහි,

අමු මිරිස්, ගාගත් පොල් හෝ පොල් කිරි, ලුණු හෝ කරවල කෑල්ලක්.  මේවා ඇතුළත් වේ.

විටමින් B12 දිය බත් වල ඇත.  මෙය ඔබ දැනගෙන හිටියා ද?  ඒ කියන්නේ අපි මේ බත් පොඟවන විට එහි ඇති බැක්ටීරියාවක් නිසා විටමින් B12 ලැබෙනවා.  මෙහි ඇති ප්‍රයෝජනය නම් එය රුධිරය හා නහර නිරෝගීව තබා ගැනීමට උපකාරී වීමයි.  විටමින් බී 12 හීනතාවය නිසා ඇති වන රක්තහීනතාවය වර්ධනය වීම පාලනය කරයි. විටමින් බී 12 රුධිර නිෂ්පාදනයට උපකාරී වේ.  මෙය  රක්තහීනතාවය නිසා සංකූලතා ලෙස හේතු විය හැකි බොහෝ ගැටලු වළක්වා ගැනීමට උපකාරී වේ .එමෙන්ම විටමින් B12 අපගේ පෞරුෂය, තීරණ ගැනීමේ සහ සිතීමේ හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වන බව සොයාගෙන ඇත.  මෙම විටමින් බී 12 ඌනතාවය දියවැඩියාව නිසාද ඇතිවේ, විශේෂයෙන් මෙට්ෆෝමින් ඖෂධය භාවිතා කරන විට.  එම අඩුපාඩුව බොහෝ ගැටලු ඇති කළ හැකිය.  ඒ සඳහා අපිට මල්ටි විටමින් එකක් දෙන්න සිදුවෙනවා.  මෙම විටමින් බී 12 අපට ලබා නොදී පවා මෙම ස්වාභාවික ආහාරයෙන් පහසුවෙන් එය ලබා ගත හැකිය.

බොහෝ ආහාර වල මීළඟට වැදගත්ම අමුද්‍රව්‍යය වන්නේ රතු ලූනු ය.  එහි පෝෂණ ඛනිජ වර්ග රාශියක් අඩංගු වේ.  එහි ඖෂධීය ගුණ ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇත.  මෙයින් අදහස් කරන්නේ ප්‍රතිඔක්සිකාරක අපගේ ශරීරයට වඩාත්ම හිතකර ක්‍රියාකාරකම් බවයි.  පිළිකා වළක්වා ගත හැකි රසායනික ද්‍රව්‍ය කිහිපයක් ද ලූනුවල අඩංගු වේ.  රුධිරයේ සීනි ප්‍රමාණයද යම් ප්‍රමාණයකට පාලනය කරයි.  එය අපගේ  අස්ථි ඝනත්වය වැඩි කිරීමට ද උපකාරී වේ.  ඒ අතරම බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කිරීමේ බලයද ඇත.  

ළූණු වල සල්ෆර් අඩංගු වන අතර එය හෘද රෝග,  සහ ආඝාත අවදානම අඩු කරන බව පෙන්වා දී ඇත.  එය සෙම් රෝග අවම කිරීම  සඳහා ද උපකාරී වේ.

අපි දිය බත් එක්ක අමු මිරිස් කනවා.  මෙම අමු මිරිස් වල විටමින් A C K ​​බීටා කැරොටින් අඩංගු වේ.  කොලෙස්ටරෝල් අඩු කිරීමට උපකාරී වේ.  බර අඩු කර ගැනීමට උපකාරී වේ.  මේ නිසා අපගේ රුධිර නාලවල මේදය තැන්පත් වීම ද  අඩු කිරීමට උපකාරී වේ.  .එමෙන්ම රුධිරයේ සීනි මට්ටමද අඩු කළ හැකිය.

අපි මෙහි දෙහි ද භාවිතා කරනවා.

 සමහර අය දෙහි යුෂ වෙනුවට ලුණු දෙහි භාවිතා කරයි.  නමුත් ඒ දෙකේ වෙනසක් තියෙනවා.  ලුණුදෙහි වැඩි සාන්ද්‍ර සහ අධික ලවණ සහිත බැවින් ඒවා දත් මත වැටීමෙන් දත් දිරා යා හැකිය.  ඒ නිසා ඉඳහිට කෑමට කමක් නැත.  මෙහි නිතර ලුණු දෙහි එකතු නොකරන්න. ලුණු දෙහි භාවිතා කරනවාට වඩා දිය බතට දෙහි යුෂ භාවිතා කිරීම වඩාත් සුදුසුයි, මේ අනුව දෙහි යුෂ එකතු කළ විට පිළිකාද වළක්වා ගත හැකි බව සොයාගෙන ඇත.  වකුගඩු ගල් සෑදීම පාලනය කර ආහාර දිරවීම වැඩි කිරීමටද මෙමගින් හැකියාව ඇත.  එය රුධිරයේ සීනි මට්ටම ද අඩු කරයි.  තරබාරු බව අඩු කරයි.  සෞඛ්‍යයට දායක වේ.  විටමින් සී සහ කැල්සියම් ද දක්නට ලැබේ.  පොටෑසියම් ෆෝලේට් ද දක්නට ලැබේ.

රස කිරීමට දිය බතට ලුණු දැමිය යුතුය.   අපි ලුණු  හෝ කරවල කෑල්ලක් එකතු කරනවා.  සාමාන්‍ය ලුණු භාවිතා කරනවාට වඩා හිමාලයානු ලුණු භාවිතා කිරීම වඩාත්ම හොඳය.  අපි පුරුදු වී සිටින මේස ලුණු  සාමාන්‍යයෙන් 98% සෝඩියම් ක්ලෝරයිඩ් අඩංගු වේ. නමුත් සමහර මූලික පර්යේෂණවලින් පෙනී යන්නේ හිමාල ලුණු හෝ සහිඳ ලුණු භාවිතා කරන විට එහි සෝඩියම් ක්ලෝරයිඩ් පමණක් නොව මැග්නීසියම් කැල්සියම් අයන සහ අපගේ ශරීරයට ප්‍රයෝජනවත් විය හැකි විවිධ සංයෝග 84 ක් පමණ අඩංගු වන බවයි.  මම හිතන්නේ සෞඛ්‍යයට හිතකර නිසා අපි මේකට සහිඳ ලුණු එකතු කරන එක ගොඩක් හොඳයි කියලා.  එලෙසම දිනපතා දිය බත් ආහාරයට ගැනීමට යන්නේ නම් වැඩිපුර කරවල නොගත යුතුය.  එහිදී  සාමාන්‍ය ලුණු විශාල ප්‍රමාණයක් එකතු වන නිසා ශරීරයේ ලුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි.

ඊළඟට අපි මේ දිය බත සමඟ පොල් හෝ පොල් කිරි එකතු කරනවා.  මේ පොල් කිරිත් හරි අපූරු එකක් බව අපි දැනගත යුතුයි.  පොල් කිරි වල මේදය, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, විටමින් සී, ෆෝලේට්, යකඩ, මැග්නීසියම්, තඹ, මැන්ගනීස්, සෙලේනියම්  ප්‍රමාණයක් අඩංගු වේ .විටමින් ද  ප්‍රෝටීන්ද දක්නට ලැබේ.   

අපේ රුධිර නාලවල නම්‍යශීලි බව පවත්වා ගැනීමට මැග්නීසියම් ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ලැබෙන විට, ශරීරයේ රුධිර පීඩනය වැඩි වෙන්නේ නැහැ.  මෙම Mg පිළිබඳව විස්තරාත්මකව සඳහන් නොකළද, අපගේ සාමාන්‍ය මුහුදු ජලයේ ඇති මැග්නීසියම්, එනම් අපි කලකට පෙර පාවිච්චි කල ලුණු වල මැග්නීසියම් තිබීම වළක්වා ගැනීම නිසා, අපගේ රුධිර පීඩනය වැඩි කිරීමට mg හි ඌනතාවය කාර්යභාරයක් ඉටු කරන බව අපට නොපෙනෙන බව පෙන්වා දිය යුතුය. අපි පිරිපහදු කළ ලුණු භාවිතා කරන විට ස්වභාවික ලුණු තුළ තිබෙන වටිනා කොටසක් නැතිවී යනවා.  ඉතින් මෙතනදි අපිට ලැබෙන මැග්නීසියම් එකත් ප්‍රයෝජනවත් .ඊළඟට අපිට කියන්න පුළුවන් දේ තමයි මැංගනීස්.

එය සෑම ආහාර වර්ගයකම අපට සරල  වශයෙන් ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩුය.  මෙම මැංගනීස් අපගේ මොළයේ ස්නායුවල ලිංගික හෝමෝනවල ක්‍රියාකාරිත්වයට උපකාරීව පවතී.

සෙලේනියම් යනු ආහාර දිරවීමේ ක්‍රියාකාරිත්වයට සහ තයිරොයිඩ් ක්‍රියාකාරිත්වයට උපකාරී වන ඛනිජයකි.  වයසට යෑමේ පෙනුම පාලනය කිරීමට සහ මානසික අවපීඩනය වැළැක්වීමට උපකාරී වේ.  එය බැක්ටීරියා ආසාදන වැලැක්වීමට ද උපකාරී වේ.

ඊළඟට තඹ.  මෙය ශරීරයේ යකඩ අවශෝෂණය වැඩි කරයි.  ස්නායු පද්ධතිය රුධිර වාහිනී, ප්‍රතිශක්ති කරණ  පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහාද උපකාරී වේ .  ඔස්ටියෝපොරෝසිස් සහ හෘද රෝග ඇතිවීමේ අවදානමද පාලනය කරයි.

එවැනි තේජස ඇතුළත් ආහාර වේලක් ඔබට මග හැරුණොත් එය කොතරම් නරකද?  විශේෂයෙන්ම ගැස්ට්‍රයිටිස් වැනි රෝග ඇති අයට මෙම දිය බත ඉතා සුදුසු ආහාරයකි.  එය ශරීරයේ ඌෂ්ණය පාලනය කරයි.  ශරීරයට සිසිලසක් ලබා දෙයි.  මේ අනුව උෂ්ණාධික කායික රෝග රැසකට ද එය ඔසුවකි.  අපි පුරුදු වෙලා ඉන්නේ බේකරියෙන් උදේට ගන්න කෑම ටික මුදල් දීලා කන්න.  මෙම ආහාරවලින් අපට හානියක් මිස යහපතක් සිදු නොවේ.  මක්නිසාද යත් එම ආහාර අධික උෂ්ණත්වවලදී පිළියෙළ කරන විට ඒවායේ ඇති විටමින්, එන්සයිම  උෂ්ණත්වයේ දී දිරාපත් වන  අතර ඒවා හුදෙක් ආහාරයක් ලෙස ලබා ගත හැකි මිස සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයකින් සංයුත්ත වෙනවා. 

 මේ හැර එහි අඩංගු විය හැකි රසායනික සංඝටක අපගේ සෞඛ්‍යයට හානි කර රෝග ඇති කරයි.  ඒ නිසා මේ දිය බත ප්‍රයෝජනවත් වන බවත් බෝ නො වන රෝග රැසකට ඔෟෂධයක් ලෙසත්, උදේට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමෙන් අපේ ආර්ථිකයට කිසිදු වියදමක් නොමැතිව උදේ ආහාරය සාදා ගැනීමටත්, අවස්ථාවක් කර ගත යුතුයි.  එබැවින් යහපත් සෞඛ්‍යයට හිත කරන පුරුද්දක් පිළිපදින්න සුදානම් වන්න, මෙය මඟ හරින්නේ නැතිව ඔබේ ජීවිතයේ මෙම ආහාර වේල අනුගමනය කරන්න.  මේක කනකොට හෙම්බිරිස්සාව හැදෙයි කියන බය දුරු කරන්න.   සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත ගැටලුවක් ඇති අය වැඩිපුර ආහාරයට නොගත යුතු අතර මෙම ආහාරය අඬු කෝප්පයක  ප්‍රමාණයකින් හෝ ආහාර වේලට එකතු කිරීම නුවණට හුරු බවයි මා සඳහන් කරන්නේ.  කාලයත් සමඟ එය ශරීරයට අනුවර්තනය වනු ඇත.  එවිට ඔබට අවශ්‍ය ප්‍රමාණයට කන්න පුළුවන්.


Post a Comment

0 Comments