
සම්බුද්ධ තෙමගුල සිහිපත් කරන වෙසක් පොහොය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති උතුම් ආගමික දිනයයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව යමින් සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය, දයාව, පැතිරවීම අසරණයන්ට පිහිටවීම, කෘතවේදී වීම, තමන්ගේ නමත්, අනෙකාගේත්, යහපත උදෙසා කටයුතු කිරීම, අගතිගාමී සිතුවිලි හා ක්‍රියාවන්ගෙන් වැළකීම, වැනි උතුම් මානව ගුණාංග රැසකින් සමන්විත බෞද්ධ ඉගැන්වීම් ප්‍රායෝගික ජීවිතයේ භාවිතාව සඳහා පුහුණුවීම හා කැප වීම වෙසක් පොහෝ දිනය සැමරීමේ ප්‍රමුඛ අරමුණ වේ. මිනිසාගේ ප්‍රායෝගික ජීවිතයට බුදු දහමේ ඉගැන්වීම් හා හර පද්ධතීන් බද්ධ කර ගනිමින් එහි ආධ්‍යාත්මික හා දාර්ශනික පැතිකඩ පිළිබඳ අවබෝධයෙන් යුතුව ආමිස සහ ප්‍රතිපත්ති පූජා වන්ගේ යෙදීම වෙසක් දිනය හා බැඳුණු විශේෂ සම්ප්‍රදායක් වේ. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළිවන පරිදි ලාංකික ජනයා වෙසක් උත්සවය සියවස් ගණනාවක් සිදු කරනු ලබන විචිත්‍රවත් වූ පෙරහැර සහිත සංස්කෘතික හා ආගමික මංගල්‍යයකි. සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් දිනය ලෝකය පුරා විසිර සිටින විවිධ සම්ප්‍රදායයන්ට අයත් බෞද්ධ ජනතාව විසින් මහත් භක්තියෙන් හා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබති

සතර පෙරනිමිති ලෙස සඳහන් මෙලොව උපත ලැබූ පුද්ගලයකුට ගැලවීය නොහැකි මහලු වීම,ලෙඩවීම, මරණය, යන දුක්ඛදායක අවස්ථා සහ ගිහි ගෙන් නික්ම ගතකරන පැවිදි ජිවිතයක ශාන්ත බව පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගත් සිදුහත් කුමාරයාට පැවිදි දිවියට ඇතුළත් වීම සඳහා ඉමහත් කැමැත්තක් පහළ විණි. එම කැමැත්ත මුදුන්පත් කරගනිමින් ගිහි ජිවිතයේ සියලු සම්පත් අතහැරිය සිදුහත් කුමාරයා ක්‍රිස්තු පූර්ව 594 ඇසළ පොහෝ දින තම බිරිඳ වූ යසෝධරා දේවිය හා පුතු රාහුල කුමරුද හැරදමා තවුස් දිවියට එළැඹිණි.
ජීවිතයේ යථාර්ථය සහ එමඟින් දුකින් ගැලවීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය සොයා ගැනීම සඳහා එකල සිටි උසස් ඥාන ගවේෂණයේ යෙදුණු ආචාර්යවරුන්ගේ සෙවනේ සිදුහත් තවුසාණන් තවුස්දම් පිරීමේ නිරත විය. බොහෝ කලකින් ඔවුන්ගේ ධර්මය වටහා ගත් නමුත් එමගින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත නොහැකි බව බව උන්වහන්සේ පසක් කරගත්හ. ශරීරයට දැඩි දුක් දෙමින් අත්තකිලමථානුයෝගී මාර්ගයේ දීමෙන් හෝ හෝ පහසුකම් සහිත වූ කාමසුඛල්ලිකානුයෝගී මාර්ගයේ ගමන් කිරීමෙන් හෝ ජීවිතය පිළිබඳ යථාර්ථය වටහා ගැනීමට නොහැකිබව අවබෝධ කරගත් සිදුහත් තවුසාණෝ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තමන්ගේ අභිප්‍රාය මුදුන් පත් කරගත හැකි බව පසක් කළහ. දැඩි වීර්යය හා අධිෂ්ඨානය මෙහෙයවීමෙන් ඥාන මාර්ගයේ සිත පුහුනූකල සිදුහත් තවුසාණෝ ක්‍රිස්තු පූර්ව 588 වෙසක් මස පූර පසලොස්වක දින උරුවෙල් ජනපදයේ ගයානම් ස්ථානයක දී සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළහ.
බුදුන් වහන්සේ තමන් වහන්සේ අත්පත් කරගත් බුද්ධත්වයේ ස්වභාවය පැහැදිලි කරන උදාන වාක්‍ය සහ ඒයින් අර්ථ ගැන්වෙන අදහස මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. එනම් සංසාරයේ නැවත නැවත ඉපදීම දුකකි. ඉපදීම නමැති ගේ සදන්නා වූ තණ්හාව නමැති වඩුවා මා විසින් දක්නා ලදී. වඩුවාණනි. නුඹට යළි එම ගෙය ගොඩනැගීමට ඉඩ නොදෙමි. කෙලෙස් නැමති පරාළ බිඳ දැමුවෙමි. මෝහය නැමැති කැණිමඩල ගලවා දැමීමි. සිත නිදහස් විනි තණ්හාව නිමා විනි යළි ඉපදීමක් සිදු නො වේ. යනුවෙනි.

ඉන්පසු තවූස් දිවිය ගත කරද්දී තමන්ට මඟපෙන්වූ ගුරුවරුන් හට ධර්මය දේශනා කිරීමට තීරණය කළ නමුදු ඔවුන්ද ඒ වන විට මිය පරලොව ගොස් සිටි බැවින් දිගු කාලයක් තමන් ඇසුරු කල සගයන් වූ පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේය. ඔවුන් ක්‍රමයන් ධර්මය අවබෝධ කරගත් පසු බුදුන්වහන්සේගේ ප්‍රතම අනුගාමිකයන්වූ ප්‍රථම ශ්‍රමණ පිරිස බවට පත් වූහ.
පුරා වසර45ක් උතුරු ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන ධර්ම චාරිකාවේ නිරත වූ බුදුරජාණන් වහන්සේ මල්ල ජනපදයයේ කුසිනාරා නුවර "උපවන් තන" නම් සල් උයනේදී පිරිනිවන් පෑහ. ඓතිහාසික වශයෙන් මෙම සිදුවීම ක්‍රිස්තු පූර්ව 543 වෙසක් පුර පසළොස්වක පොහොය දින සිදු වූ බවත් සටහන් වී තිබේ
සබාපති
විශ්වකලා විගමණික සංසදය





0 Comments