SRI LANKA


 

සැබෑ නිර්වත "

මුළු ලාංකික ජනතාවම අති විශාල අසීරු ආර්ථික අර්බුදකාරී ත්තවයක් ඉදිරියේ අසරණ වී දැවැන්ත දරිද්‍රතාවයකට මුහුණ පා සිටින මේ මොහොතේ ..........

තම අවශ්‍යතාවයන් සපුරා ගැනීම උදෙසා අනුගමනය කළ යුතු ආධ්‍යාත්මික සම්භන්ධතාවය මුල්කරගත් සමාජතලයට සාපේක්ෂවූ කරුණු කිහිපයක් පිළිබදව අවධානය යොමුකිරීම කාලෝචිත යැයි  අදහස් කලෙමි.....

අපි හැමෝම දැවැන්ත ආර්ථික පරිහානියකට පත්ව සිටින මේ මොහොතේ ...

සිතන්නට මටත් ඹබටත්....!!!!!!!

අප බීජයක් මහ පොලොවට පස් කළද,එයට අවශ්‍ය ජලය,පොහොර යොදා සාත්තු සප්පායම් කළද, පොළොව පලාගෙන පැලයක් මතුවන්නටත්   ඒ පැලය ථල දරන ගසක්,වැලක් වන්නටත් යම් ශක්තියක්, බලයක් අවශ්‍යවේ...

ඒ වගේම

විපතකට පත්
යම් රෝගියෙකු ,නැතිනම් රෝගී භාවයට පත් වූ යම් පුද්ගලයෙකු ජීවිතයත් මරණයත් අතර පොරබදමින් සිටින මොහොතක ඹහුව  වහා වෛද්‍ය වරුන්ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  රෝගියාට අවශ්‍ය සියළුම ශල්‍යකර්මයන් නිවැරදිව සිදු කර බෙහෙත්ද, ලබාදෙමින් රෝගියා ඇස් අරිනතුරු වෛද්‍ය වරුන්  ඇතුළු  පවුලේ උදවිය දෙගිඩියාවෙන් බලාපොරොත්තුවන ඒ නිමේෂය අභියස මානව විශ්වාසය යම් ආකාරයකට නැඹුරු වන්නේ යම් ශක්තියක්, බලයක් වෙතය.

එසේත් නැතිනම්  වෛද්‍ය විද්‍යාව  ථල රහීතවී වෛද්‍ය වරුන්ට පවා කිසිවක් කරන්නට නොහැකි වීමෙන් අනතුරුව ඹවුන් පවා උපදෙස් දෙනුයේ

 "සොරි අපි පුලුවන් තරම් උත්සාහ කළා දැන් තම තමන්ගේ ආගමික පැත්තෙන්  ඉල්ලන්න කියා "

එයයි සර්වබලධාරී ( දෙවියන් වහන්සේ )....

අහස, මහපොළවට මැදී වූ විශ්වතලයේ  සියළුම ක්‍රියාවන් සිදුවන්නේ ඹහුගේ ආධිපත්‍යට හා අභිමතයට පරිදිය .

 සමස්ථ ආර්ථිකයම මෙහෙයවන්නේ ඹහුය .  ලෝක ආර්ථික මධ්‍යස්ථාන ප්‍රමුඛ , කෘෂිකර්ම අමාත්‍යවරයා , පාලකවරුන්,රාජ්‍ය නායකවරුන්,අමාතය්‍ය වරුන්, ඹවුනේගේ  ලේකම් වරුන් පටන් සුළු නිලධරයා දක්වා වූ සියළුම සැලසුම් කරුවන්

 ආර්ථික නියමුවාණන් වන ( සර්වබලධාරී දෙවියන් වහන්සේගේ) ආර්ථික ගැත්තන්ය.....

ඹවුන්ගේ සැලසුම් සැකසුම් සියල්ලක්ම සීමා සහිත වේ අනිත්‍යවේ...

නමුත් සර්වබලධාරී ( දෙවියන් වහන්සේගේ )

බලය ශක්තිය අසීමිතයි නිත්‍යයි..

පලමුව අප මෙය වටහා ගත යුතුය.

 අප අපේක්ෂිත අපගේ සියළුම අවශ්‍යතාවයන්හි සතය්‍ය නිර්මාණ තාවය  ගොඩනැගෙන්නේ  මහපොළොවෙහි නොව ආකාශයෙහිය.  නිවැරැදි මානසිකත්වයෙන් අප බුද්ධියට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන්නේනම් අපට එය අවබෝධ කර ගත හැකිය...

 ශුද්ධ වූ අල්- කුර්ආනය මෙලෙස අවධාරණය කරයි : 

" අහෝ මිනිසා ඹබලා පානය ( පරිහරනය ) කරන ජලය පිළිබදව නිරීක්ෂණය කළේද? එය ආකාශයේ වළාකළු අතරින් මහ පොළොව දක්වා ගෙන එන්නේ නුඹලාද...? නැතිනම් එය ගෙන එන්නේ අපිද..?

මා අභිමත කළේ නම් එය එය ලුණු ( අධික තිත්ත ) රසයෙන් යුක්තව පත්කළ හැකිය.

එය එසේ නොකර නුඹලා පානය ( පරිහරණය ) කිරීම වස් ඉතා ප්‍රණීත පිරිසුදු ජලය ලෙස ලබාදීම උදෙසා

නුඹලා  මා හට කෘතවේදී නොවන්නේද ?

 { අල්_ වාකිආ : 68-69-70 }

 ශුද්ධවූ මෙම අල්_ කුර්ආන් පාඨයන් පිළිබදව අප අවධානය යොමු කිරීමේදී   විශ්ව ජීවීන්ගේ පැවැත්මට එයිනුත් විශේෂයෙන් මානවයාගේ පැවැත්මට අත්‍යවශ්‍යම  වස්තුව ලෙස ජලය හදුන්වා දිය හැක.ජලයෙන් තොරව මේ ම්හිපිට කිසිදු දෙයක් සිදුවේද යනු සිහිනයකි.ව්ශේෂයෙන් අප අනුභව කරන ආහාර එයට දායකත්වය සපයන සියළුම දේ මේ මහපොළොවේ ඇති වන්නට නම් ජලයේ අවශ්‍යතාවය අනිවාර්ය වේ.

වර්තමානයේ අපට තිබෙන අත්දැකීමක් හරහා මෙය අවබෝධ කර ගත හැකිය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටී ආහාර හිගයක් පවතින්නට හේතුඋනේ අප රටේ ආර්ථික මර්මස්ථානවලින් එකක්වන කෘෂිකර්මය අඩාලවීමයි. එය එලෙස වන්නට මුල් උනේ පාලනතන්ත්‍රයේ වැරදි කළමනාකරණය මත ගොඩනැගිච්ච පොහොර අර්බුදයයි මිනිසා විසින් නිර්මාණය කරන පොහොර නැතිවීම  නිසා අප ආර්ථිකය මෙලෙස කඩාවැටුනානම් සර්වබලධාරී ( දෙවියන් වහන්සේ ) විසින් වස්සවන ලද වැස්ස දීර්ඝ කාලයක් ඇනහිටීනම් අප සමාජයට , සතා සිව්පාවාට මේ මහපොළොවට කූමකින් කුමක් වේද?

මදක් සිතන්න...

" අහසින් පොළොවට "

 මෙම විශ්මිත දායාදය පතිත වන්නේනම් පමණයි අපට මෙම මහපොළව සාරවත් කලහැක්කේ

 ඇල, දොළ, ලිං,ගංගා,උල්පත්,මේ සියල්ලක්ම ජලයෙන් පෝෂණය වන්නට නම් ආකාශයේ සිට මහ පොළව දක්වා මේ උතුම් දායාදය පතිත විය යුතුයි.

එය එලෙස 

 කැදවාගැනීමේ ක්‍රමය  සර්වබලධාරී  (දෙවියන් වහන්සේ) සමග අප ඇතිකරගන්නා දැහැමි සම්බන්ධ තාවයන් හරහා ගොඩනැගෙන්නේය...

ශුද්ධ වූ අල් කුර්ආනය ඒ පිළිබදව මෙලෙස අවධාරණය කරති...

 " ඹබට තීන්දු  ( නිර්ණය)වූ ඹබගේ    ආහාර පාන මෙන්ම  අනෙකුත් අවශ්‍යතාවයන් ද ආකාශයේ සැලසුම් කර ඇත.{අද්දාරියාත් : 22  }

තවද සර්වබලධාරී  ( දෙවියන් වහන්සේගේ ) " අල් අස්මාඋල් හුස්නා" නැමැති අලංකාර නාමයන්හි පෙරමුණගත් නාමයක් නම්, " අර්_ රස්සාක් " නැමැති නාමය වේ...

"අර්_ රස්සාක්"යනු සියල්ලක්ම ලබාදෙන්නා, ආහාර පාන ලබාදෙන්නා, ජීවනෝපාය ලබාදෙන්නා,සෑම කෙනෙකූගේම ජීවනෝපාය සැලසුම් කරන්නා යන විවිධ අර්ථයන් අර්ථ ගන්වන්නේය.

තවද ශුද්ධ වූ අල්- කූර්ආනය සර්වබලධාරී ( දෙවියන් වහන්සේ) සියළුම අවශ්‍යතාවන් සපුරා ලන්නා,තවද අවශ්‍යතාවයන් සපුරාලන්නන්ගේ ශ්‍රේෂ්ඨතමයා යනුවෙන්ද වර්ණනා කරන්නේය..

" අර්_රිස්ක් " යන පදය දෛනිකව නැතිනම් වාර්ෂිකව එසේත් නැතිනම් ජීවිතකාලය පුරාවටම කෙනෙකුට නිර්ණය වූ ජීවනෝපාය පිළිබදව සදහන් කරන පදයකි.

" අර්_ රිස්ක් " අවශ්‍යතාවයන් යනු කොටස් දෙකකට බෙදිය හැක

 එහි පලමුවැන්න නම්: විනිවිදව පෙනෙන බාහිර කියාවලියන්ය.

මෙයට නිදසුනක් ලෙස අප අනුභව කරන ආහාර පාන පෙන්වා දිය හැකිය

දෙවැනි කාරණාවනම්

විනිවිදව නොපෙනෙන මිනිසාගේ අභ්‍යන්තර ය හා සම්බන්ධ කාරණාවන්ය.

කෙනෙකුගේ විශ්වාසය මත පදනම් වූ ඇනුම අවබෝධය යන කාරණා මෙයට නිදසුන් කල හැක.

තවද  අර් _රිස්ක් යනු අප ලෞකික ජීවිතයේ අත්විඳින අවශ්‍යතාවයන් පමණක් නොව මරණින් මතු ජීවිතයේ අප ලබන සියළුම  සාර්තක යහපත් තීන්දු තීරණ පිළිබදව ද  ගෙන දක්වන්නේය.

 " අර්_ රස්සාක් " යන පදය අපට ලබාදෙන පණිවිඩ බොහොමයක් ඇත......

 ( මතු සම්බන්ධයි )...

සටහන = සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා..


         

Post a Comment

0 Comments