* ඉස්ලාම් යනු කුමක්ද?යනු තාමත් බහුතරයකට අවබෝධයක් ඇත්දැයි යනු ප්‍රශ්නාර්ථයකි....????
පිරිමින්.... දිගු රැවුලක් වවා හිස ආවරණය කොට සුදුවතින් සැරසී සිටීමත්...
කාන්තාවන් කලු වස්ත්‍රයෙන් ශරීරය ආවරණය කොට මූහුණ වසාගැනීමත්...
ඔවූන් ජීවත්වන ප්‍රදේශයන්හි තම ජාතියේ අනන්‍යතාව පිළිබිඹු කිරීම වස් ආගමික සිද්ධස්ථානයක් නිර්මාණය කිරීම පමණක් ද ඉස්ලාම්...?
එය සැබෑ ඉස්ලාම් නොවේ... එය ඉස්ලාම්හි තමන්ට අත්‍යාවශ්‍ය වූ එක්, එක් අංගයන් පමණි.....
සැබෑ ඉස්ලාම් යනු...!
එකී ආගමික ප්‍රජාව තම ප්‍රායෝගික ජීවිතයතුල තම ආගමට,දහමට අනුකූලවූ ධාර්මික චින්තනයෙන් හැඩගැසී
* සොරකම් නොකිරීම ,මුසාවාදයෙන්( බොරුවෙන්) වැලකී සිටීම දූෂණයෙන්, වංචාවෙන් ,පගා ගැනීමෙන් සහ පගා දීමෙන් වැලකී සිටිම යන කරුණු නිවැරදිව ඉටුකල යුතුයි..
* තවද පොලියට දිමෙන් සහ ගැනීමෙන් ඉවත්ව සිටීමත් , ව්‍යාපාර කටයුතු වලදී අනුන්ව රැවටීමත් අසාධාරණ ලෙස විකිනිමත්, මිලදී ගැනීමත් නොකල යුතුයි...
තවද අත්‍යාවශ්‍ය ආහාර සහ භාණ්ඩ මිළ වැඩිවීම බලාපොරොත්තූවෙන් ඒවා රැස්කිරීමෙන්ද සගවා තැබීමෙන්ද වැලකී සිටිය යුතුයි...
*වෙනත් ආගම් සහ ආගමිකයින් විවේචනය කිරීමෙන් වැලකීසිටීමත්,
එකී ශාස්තෘවහන්සේලා, දාර්ශනික තුමන්ලා පිළිබදව වැරදි අර්ථකථනයන් ප්‍රචාරණය කිරීමෙන් ද වැලකී සිටිය යුතු අතර..
අන් අයගේ විශ්වාසයට පටහැනිව ක්රියාකිරීමත් නොකල යුතුයි...
* අනුන්ව රැවටීමත් , අනුන්ගෙ වැරදි කතා කිරීමෙන් සහ විවේචනය කිරීමෙන් වැලකී සිටීමත් අත්‍යාවශ්‍ය වේ...
* අනුන්ව අපහාස,උපහාසයට ලක් කිරීමෙන් වැළකී සිටීමත් අවශ්‍ය වේ...
* එලෙසම අන් සතුදේ මංකොල්ල කෑම පැහැරගෙන යෑම රවටා ලබාගැනීම යන දේ නොකළ යුතුයි...
*අනාතයින්ව ,දුප්පතුන්ව,යාචකයින්ව, උදව්පතා පැමිණෙන්නන්ව එලවාදැමීමෙන් වැලකී සිටීමත් ඹවුන්ට හැකි පමණින් උපකාර කිරීමත් අවශ්‍ය වේ...
* ඒ වගේම ගිවිසුමට පටහැනිව ක්රියාකිරීමත් , අනුන්ව ප්‍රශ්නවලට ඈදාගැනීමත් , කිසිවෙකුත් ඝාතනයට පත්කිරීමත් කිසිසේත්ම සුදුසු ක්‍රියාවන් නොවේ...
* කිසිවෙකුටවත් බැනවැදීම නොකල යුතු අතර , කා පිළිබදවත් වැරදි ආකල්ප ගොඩනගා ගැනීමත් , අනුන්ට දැඩි ප්‍රකාශ නිකුත් කිරීමෙනුත් වැලකී සිටිය යුතුයි...
* කිසිවෙකුටත් ද්වේශ සහගතව චෝදනා නොකළ යුතු අතර,
කිසිවෙකුවත් හිංසාවට ලක් නොකරන්න වගබලා ගත යුතුයි...
* ශබ්දනගා කොක් හඪලා සිනාසීමෙන් වැලකීසිටීමත් , උඩගුකමෙන් සිටීමෙන් වැලකීසිටීමත් වැදගත්වේ...
* තණ්හාවට මෝහය වීමත් සුදුසු නැති අතර
මහන්තත්තකමෙන් වැලකීමත් , ලොකූකම් පෑමෙන් ඉවත්වීමත් , කිසිවෙකුවත් වහල්භාවයට පත් නොකිරීමත් , අනුන්ගේ විශයන්යහි අනවශ්‍යලෙස සම්භන්ද වීමත් , අනූමතියකින් තොරව තම නිවසටද පිට නිවෙස්වලටද ඇතුල්වීමෙන් වැලකීමත් ඉතාමත් අවශ්‍යයි...
* තවද අනුන්මත කෝපාවිෂ්ට වීමත් , මහපොළොවේ උඩගුභාවයෙන් ගමන් කිරිමත් , ඉවසීමෙන් තොරවීමත් අනිවාර්යයෙන්ම වැලකී සිටිය යුතුයි....
* ලෝභවීම,ගූණමකුවීම අනුන්ට උපකාර අවශ්‍ය විටකදී එයින් ඉවත්වීමත් නොකල යුතුයි...
* අනූන් සිත් රිදවීම, හැදියාවන්ත භාවයට පටහැනිවීම , අපිරිසිදුව සිටීම , දෙමාපියන්ට,වැඩිහිටියන්ට , ගුරු භවතුන්ට ,ආගමික නායක තුමන්ලාට අකීකරු විම යන කරුණු වලින් වැලකීසිටීමත් සිදු විය යුතුයි....
* ඤාතී සම්භන්ධතාවයන් බිදවැට්ටවීම නොකල යුතු අතර අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමෙන් වැලකීමද ,මත්ද්‍රව්‍ය වැනි දේ භාවිතා කිරීම, වෙලදාම් කිරීම, පරිහරනය කිරීම, තෑගි වශයෙන් ඒවා ලබාදීම යන දෙයින් වැලකී සිටීම අනිවාර්ය වේ....
* තම මාතෘභූමියේ අභිමානය රැකගැනීමට ක්‍රියා කිරීමද , එයට ආදරය කිරීමද, එකී දේශයේ ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් නීතියට අවනත වීම සහ ආරක්ෂා කිරීමද එකී පූරවැසියාගේ ඉමහත් වගකීම වේ...
ඉස්ලාම් දහම මෙන්ම අනෙකුත් ආගම් දහමිද, මග පෙන්වන මෙවැනිම සිය,දහස් ගනන් දැහැමි ධර්මතාවයන්වලින් වැලකී සිට, භාහිර පෙනුමින් පමණක් නාමික රූපමය භැතිමතෙකු වීම ඔඹටද,අප සමාජයට ද කිසිදු ථලයක් නැත.
නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාණන්ගේ සමාජ සම්ප්‍රාප්තියේ මූලික පදනමනම් යහපත් ගති ලක්ෂණයන් පෙරදැඩි කරගැනීම වේ ...එතුමාණෝ එය තම වචනයෙන්ම ප්‍රකාශ කිරීමේදී
" නියත වශයෙන්ම මා ශාස්තෘවරයෙකු ලෙසින් සමාගතවූයේ මානවයා තුල යහපත් ගතිපැවතුම් පරිපූර්ණ කරන්නටය "
යනූවෙන් ප්‍රකාශ කලේය....
උන් වහන්සේ එම වදන තම ප්‍රායෝගික ජීවිතයේ ක්‍රියාත්මක කල බැවින් එකල ලක්ෂ සංඛ්‍යාත ජනකායන් එතුමා වටා රොක්වී උන්වහන්සේගේ දෑත් අල්ලාගත්තේය..
එම නිසා වර්තමානයේ අපත් එතුමන්ගේ අඩිපාරේ යමින් යහපත් ධාර්මික මිනිස් සමාජයක් වශයෙන් පරිවර්තනය වන්නට උත්සාහ කරමු ....
ඒ වෙනුවෙන් සැලසුම් කරමු , ක්‍රියාත්මක වෙමු,හැම හදවතකටම මෙකී දැහැමි පණිවිඩයන් ලබාදෙමු...
මේ වෙනුවෙන් සර්වබලධාරීයාණේ අප සියල්ලන්ටම ආශීර්වාද කරත්වා......
සටහන _සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු අෂ් ෂේයික්: කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා .
0 Comments