ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු 9 වනදා ජනතා විප්ලවයක් ඇතිවීම වැලැක්වීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ලබන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අගෝස්තු 9 වැනිදා රටතුළ යළිත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාර්තා සඳහන් කරයි.
මේ සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇති බවද වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි.
රට තුළ තවත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති විය හැකි බවත්, එවැනි තත්ත්වයක් කිසියම් අයුරකින් සිදුවුවහොත් රට තුළ පවතින සාමකාමී තත්ත්වය යළිත් අස්ථාවර වන බවට සමාජ මාධ්‍ය තුළ යෝජනා පළවෙමින් තිබේ.
මේ අනුව එය වැළැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම සාකච්ඡාව ඉල්ලා ඇති බවද පැවසේ.
මීට අමතරව රටේ ජාතික ආර්ථිකය ගොඩනැගීම, ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම, එළවළු, ඉන්ධන, ඉවුම් පිහුම් ගෑස් සහ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.
0 Comments