
ගරු හර්සන නානායක්කාර මහතා
අධිකරණ අමාත්‍ය
අධිකරණ අමාත්‍යාංශය
කොළඹ 07
දිනය: 2026.09.14
විෂය: වක්ෆ් ආයතන සහ වක්ෆ් ට්‍රිබියුනලයේ ප්‍රධාන තනතුර සඳහා නව නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන්
ගරු අමාත්‍යතුමනි,
මුස්ලිම් පල්ලිවල කළමනාකරණය කරන වක්ෆ් ආයතන වල පසුගිය කාලයේ සිදු වූ විශාල වංචා දූෂණ ගැන ඔබතුමා හොඳින් දන්නා බව අපි විශ්වාස කරමු.
පසුගිය කාලයේ සිදු වූ එවැනි වංචා හේතුවෙන් බොහෝ පල්ලිවල වක්ෆ් දේපළ තනි පුද්ගලයින්ගේ නම් වලට සහ පෞද්ගලික භාරකාර ආයතන වලට මාරු කර දී ඇත. ඒ සම්බන්ධ නඩු මේ වන විට අධිකරණ වල විභාග වෙමින් පවතී.
එවැනි ගැටලු සඳහා ප්‍රධාන වශයෙන් පෙර වක්ෆ් මණ්ඩලයේ සහ වක්ෆ් අධිකරණ වල රාජකාරි කළ නිලධාරීන් වගකිව යුතු විය.
උදාහරණයක් ලෙස,
දෙහිවල අංක 38 එබනීසර් පාරේ පිහිටා ඇති රුපියල් කෝටි 50ක පමණ වටිනාකමක් ඇති වක්ෆ් දේපළ, ඔප්පු (Deed)..අංක 1689 ට අනුව තනි පුද්ගලයෙකුට මාරු කර දී ඇත. එම තැනැත්තා එම දේපළ තම පවුලේ බොහෝ දෙනෙකුට තෑගි ලෙස ලබා දී ඇති බව නුගේගොඩ ගංගොඩවිල ඉඩම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත.
පසුගිය කාලයේ සිදු වූ මෙම වංචා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලදී මුස්ලිම් සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ අලා අහමඩ්, හුසේන් මුහයිදීන්, මුහම්මද් මදීන් වැනි අයට එරෙහිව ගල්කිස්සේ SCIB විමර්ශන ද සිදු කර ඇත. ඔවුන්ගෙන් සමහරු තම ප්‍රකාශ වලදී වංචා සිදු වී ඇති බව පිළිගෙන ඇත.
ඔවුන්ට එරෙහි විමර්ශන වාර්තා ගංගොඩවිල අධිකරණයට සහ අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇත. නීතිමය කටයුතු සඳහා අධිකරණයේදී විභාග වෙමින් පවතී
මොවුන්ගෙන් සමහරුන්ව අත්අඩංගුවට ගැනීමට ද ඉඩකඩ ඇත.
මෙම කාරණය මේ වන විට වක්ෆ් මණ්ඩලයේ අවධානයට ද ලක් වී ඇත.
මෙයට සම්බන්ධ අය වහාම අත්අඩංගුවට ගෙන එළඹෙන 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගංගොඩවිල
මහේස්ත්‍රාත් අධිකරණය ගල්කිස් මහතා SCIB වෙත නියෝග කර ඇත.
එබනේසර් මුස්ලිම් පල්ලියේ දේපළවල සිදුවූ මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් තමාට ලබාදෙන ලෙස ගරු සංස්කෘතික අමාත්‍යතුමා ලිපියෙන් ප්‍රකාශ කර තිබියදීත්
(BRC/MO/SCE/32/08)කිසිවක් සිදු නොවූවාක් මෙන් හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ අල අහමඩ් ඇමතිවරයාට පිළිතුරක් යවා R/2123/C/ 206 ඇමතිවරයාද රැවටූ බව මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි.
මෙම ගැටලුව පසුගිය 2026. 09. 09 වැනිදා වක්බු සභාවේ අවධානයට යොමු කර ඇත.
මෙම වංචාව තුළ මීට පෙර වක්බු සභාවේ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මෙම මහා වංචාවට සම්බන්ධ බව ද පෙන්වා දීමට කැමැත්තෙමි.
මේ තත්ත්වය තුළ හිස් වන වක්ෆ් දේපළ සම්බන්ධ ආයතන වලට පෙර තනතුරු දැරූ අය නැවත එවැනි තනතුරු වලට පත් නොකළ යුතු බව මුස්ලිම් සමාජයේ ප්‍රබල අපේක්ෂාවයි.
එසේම වක්ෆ් දේපළ සහ පල්ලිවල කළමනාකරණය සඳහා පිහිටුවන ලද වක්ෆ් ට්‍රිබියුනලයේ ප්‍රධාන තනතුර ද මේ වන විට පුරප්පාඩු වී ඇති අතර, එම පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.
මෙම අවස්ථාවේ එම තනතුර සඳහා බොහෝ දෙනෙකු අයදුම් කර ඇති අතර, පසුගිය කාලයේ එම ආයතන වල රාජකාරි කළ සමහර අය ද අයදුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
එබැවින් ගරු අමාත්‍යතුමන්ගෙන් අපගේ කාරුණික ඉල්ලීම වන්නේ,
පසුගිය කාලයේ වක්ෆ් මණ්ඩලයේ රාජකාරි කළ අයව පත් කිරීමෙන් වැළකී, වංචා දූෂණ සමග කිසිදු සම්බන්ධයක් නොමැති, සුදුසුකම් ඇති නව නිලධාරීන් පත් කිරීමට කටයුතු කරන ලෙසයි.
ඔබතුමාගේ මැදිහත් වීමෙන් මුස්ලිම් සමාජයේ වක්ෆ් දේපළ ආරක්ෂා කිරීමට සහ විශ්වාසය නැවත ගොඩනැගීමට මෙය මහත් උපකාරයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.
ඔබතුමාගේ කාරුණික සලකා බැලීම අපේක්ෂා කරමි.
ඔබට විශ්වාසී,
හිල්මි.





0 Comments