SRI LANKA


 

ගරු අමාත්‍යතුමණි...!

සුභ උදෑසනක් වේවා....!
මෙම ලිපිය වර්තමාන ගරු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිදුන් ට පිදෙන,
ආදරණීය දියනියකගේ සෙනෙහෙබර ඉල්ලීමක් වේවා...!
දයාබර පුතෙකූගේ මානසික ආයාචනාවක් වේවා...!
ප්‍රේමනීය බිරිඳකගේ පෙම්බර හසුන් පතක් වේවා....!
දයාබරිත මවකගේ හදපත්ලෙන් නැගෙන සෝසුසුමක් වේවා...!
අවුරුදු ගණනාවක් අඛණ්ඩව මුලාවට ලක්වූ අහිංසක චන්දදායකුගේ  අවශාන විශ්වාසය වේවා...!

ගරු අමාත්‍යතුමණි...!

ඹබ කෙලෙස මෙය දුටුවද කම්නැත..! අපට අවශ්‍ය ප්‍රායෝගික ජීවිතයේ ජාති, ආගම්, භේදයෙන් තොරවූ   මානව නිදහසයි...

සුවහසක් ශ්‍රීලාංකීය මාතෘභූමියේ ජන හදවත්වලින් මෙන්ම දෑස් වලින් සේම මුවෙන් පිටවන්නාවූ වේදනීය නිදහසේ  හැගීමයි,

මනුෂ්‍යයත්වයේ නාමයෙන් අපට අවශ්‍ය " සාමයයි"

වර්තමානයේ එය නිකම් නිකම් වේදීකාවට , ජනමාද්‍යට , මුද්‍රිත මාධ්‍යට , අනුශාසනාවට සීමාවූ හිස් වචනයක් පමණි...!

එය පේනතෙක් මානයකවත් නොමැත..!

 අවුරුදු 1000 සංඛ්‍යාත බැදීම්වලට මුසු ජන සම්භන්ධතාවයෙන් පෝෂණය වූ අප දේශයේ වෛරයේ ගිනි දැල් රට පුරා ව්‍යාප්ත වන්නට හේතු පාදක වූයේ කුමක්ද? 

ජාතියද,?ආගමද,?කුළයද,?වර්ණයද? දේශපාලනයද,?පන්ති තරාතිරමද....?

නොව...! මේ සියල්ලක්ම

තර්කයටත් ,වාද විවාදයටත් අදාල උපකරණයන් පමණි.

සැබෑ යථාර්ථය නම් පාර්ලිමේන්තු වේ සාකච්ඡා කර අධිකරණයේ ස්ථාපිතව  පොතට මුද්‍රිත වූ නීතිය පහළ පන්තියේ සිට ඉහළ පන්තියේ පුරවැසියා දක්වා සියල්ලන්ගේම එකම සැනසිල්ල එකම බලාපොරොත්තුව හා එකම සිහිනය වන එම  නීතීය ...

අවිනීතීය බවට පත්වීමයි ,

එසේත් නැත්නම් එය අභාවයට ලක්වීමයි .

ප්‍රායෝගික ක්‍රියාන්විතයෙන් ඉවත්ව සමහර බලවතුන්ගේ  මෙන්ම ධනවතුන්ගේ දුරස්ථ පාලකය වීමයි .

දරිද්‍රතාවය ඉදිරියේ අභියෝගයට ලක්වූවන් තම පුතූගේ  කුසේ ගින්න මදක් හෝ නිවන්නට  පාන් ගෙඩියක් අයිතිකරුට නොදැනෙන්න අරගැනීම

( එය සොරකමක් නොව පාලකයාගේ නොහැකියාවේ ප්‍රතිථල යයි )

අභියස එම අහිංසකයාට අච්චුකරමින් අවමානයට ලක්කරණ එකී නිතීය...

කෝටිගණන් ජනසතුදේ තම සතූකරගන්නට  විවෘතවම මංකොල්ල කන බලවතූන් ඉදිරියේ දණින් වැටී එම..

 සොරදෙටුවන්ට පාවඩ එළමින් මල්මාල දමන්න තරම් දුර්වල  වූයේ කෙසේද ..?

සමීප කාලයේ එක්තරා

කුඩා දැරියක් දූෂණය කළ පාපතතරයෙකුට ඩුබායි රාජ්‍යයේ පාළකයා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරමින් එම දැරියට ලබාදූන් නීතීයේ හව්හරණය එවැනිම පාපතරයන්ට කෙතරම් බලවත් ප්‍රහාරයක්ද?

නමුත් 

එවැනිම පාපතරයන් කොයිතරම් නම් පිරිසක් අප නීතීයෙන් නිදොස් කොට නිදහස් වූයේද ?

වර්තමානයේ එම නිතීයේ ආධිපත්‍ය අමාත්‍යයාංශයක් යටතේ අමාත්‍ය දූරයෙන් ඹබ දෑතට  පත්ව සිටින මේ මොහොතේ ...!

එහි නිර්මළතාවය රැකගනිමින් එකී සියළුම අංශයන් මේ උතුම් දේශයේ රැකවරණය උදෙසා මෙන්ම ,පුරවැසියන්ගේ සෞභාග්‍යය වෙනුවෙන් පරිහරණය කරන්නට සැබෑ බෞද්ධයෙකු ලෙසින් 

ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ උත්තරීතර දර්මතාවය වන සියළු සත්වයෝ නිදුක් වෙත්වා..! නීරෝගී වෙත්වා ..! සුවපත් වෙත්වා ...! 

යන සුභාශිංසනට අනුගතවන ආකාරයට සියල්ලන්ගේම සුභ සිද්ධිය උදෙසා නීතීය සදන්නටත්..... එය ක්‍රියාත්මක කරන්නටත්.... අවශ්ථාව මෙන්ම හැකියාවද උදාවේවා.. !  කියා ප්‍රාර්ථනා කරමි...

එලෙසම නීතිය පොදුවේ  නිවැරදිව  සැමට ක්‍රියාත්මක වීම අභියස දේවාශිර්වාදය සහ සොබාදහමේ ( සර්වබලධාරියාණන්ගේ )  රැකවරණය ලබාගත් දේශයන් මෙන්ම ,

නීතීය පසෙකලා තම පැවැත්ම සහ බල තණ්හාව  උදෙසා බලය අනිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන්  " පාස්කූ ප්‍රහාරයන් වැනි කූට ,තුච්ච, නින්දිත සමූල ඝාතනයන් හරහා අහිංසක ජන සමාජයන් පීඩාවට පත්කරමින් ක්‍රියාත්මක වූ අයට සහ එම රාජ්‍යන් වලට වර්තමානය තුල මුහුණ පාන්නට සිදුවී ඇති නින්දිත ඛේදවාචකයන් කෙබදුදැයි...? ඹබ හොදින් හදුනන්නේය .

එ නිසා ගරු අමාත්‍ය තුමණි ...! දශක ගණනාවක්ම අප මෙන්ම අප පෙර ඇත්තන්ද වහල්ලුන් සේ අප දේශයේ ශාරය උරා බොන්නන්ට චන්දය ලබා දී  ඉඩදුන්නා ඇති .

කාලයක් පෘතුගීසීන්, ලන්දේශීන් , ඉංග්‍රිසින් යන අධිරාජ්‍යවාදීන් විසින් අපදේශයේ සාරය උරාබොනවිට අප පෙර විසූ  සමහර ඇත්තන් වහල්ලූන්සේ මුනිවත රැකපූ ආකාරයට ,

වර්ථමානයේ අපේම අය අපගේ මෙන්ම අප දේශයේද, සාරය අපේම ( අනූමැතියෙන් )  චන්ද අයිතියෙන්  උරාබොනවිට   අපද පාරම් පරික වහල්ලූන්සේ නැවතත්  මුනිවත රැකිය යූතුද?

නිදහස් දේශයේ අභිමානය  වාර්ෂිකව නමට සමරන අපි...!  අපගේ සැබෑ නිදහස සැබෑ ලෙසම  සමරන්නේ, භුක්ති විඳින්නේ  කවදාද ?

මේ සියල්ලටම එකම තීන්දූව " නීතියයි " 

රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ප්‍රාදේශීය සුළු  නිළධරයා  දක්වා වූ සියල්ලටම 

එම නීතීය  පොදූවේ  ක්‍රියාත්මක වීමයි .

ගරු දයාබර අමාත්‍ය තුමණි ...! 

දේශයක සශ්‍රීකත්වයේ නියම මූර්තිය වන  " නීතිය සහ සාමයෙහි " 

බලය ,අයිතිය ,විධානය 

දැන් ඹබ සතුයි .. !

ඹබ නිවැරදි නම් එයත් නිවැරදි වේ.. ! එය නිවැරදි නම් රටත් ,දේශයත් ,එහි අන්තර්ගතයත් සශ්‍රික වේ...

මෙය මෙලෙසින් කරන්නට 

ඹබට ජය සේම දීර්ඝායුෂ පතමි....

" ජාතීන් අතර සමගිය එක්තැන්කර  බිඳූනු හදවත් යා කරමින් අප දේශය සශ්‍රීක කරමු "

මීට....

එම්,එච්,එම් නියාස්
සභාපති මීඩියා ලින්ක්.
හිටපූ අධ්‍යක්ෂක,
ලුණු ලේවාය    හම්බන්තොට 
සමෘද්ධි අමාත්‍යාංශය )


       30/08/2022

Post a Comment

0 Comments