
එකම පැන් විවිධ බදුන් මත බෙදුවාට,
මිහිර එකමයි නුඹට නැහැ වැටහුනේ.
එය තේරෙන විට හරි හැටි නුඹට,
රට දැයටයි හානිය වුයේ.
නුඹහට රට ඇඟිලි දිගු කලාට,
නැහැ කවුරුත් බෝසතුන්
වන්නේ.
විනය කෙලෙසා නුඹ කළ ඒ වරදට,
රට ජාතියයි අද දින වන්දි ගෙවන්නේ.
පොත්ත සුදුයි නෙතට බැබලී පෙනුනාට,
ළඳුන් කිසිවකු නැහැ උතුම් වන්නේ.
හැඩරුව පැහැය මනරම් සේ පෙනුනාට,
සිය බිරිය තරම් නැත ළඳුන් කවුරුත් වටින්නේ





0 Comments