SRI LANKA


 

යෝජිත මුස්ලිම් විවාහ හා දික්කසාද පනත තවත් බෙදුම් රේඛාවක් නොකර කරගනිමු!

ශ්‍රී ලාංකීය සමාජය තුල ජීවත්වන මුස්ලිම් ජනතාව ජාතිවාදී දේශපාලන බලවේග විසින් අතිමහත් තෙරපුමකට ලක් කරමින් සිටී. 

"එක රටක් එක නීතියක්"යන ඊනියා සමාජ සාධාරණත්ව න්‍යායපත්‍රය යටතේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කළ යුතු බවට ගෙනයන කතිකාව තවත් බෙදුම් රේඛාවක් නිර්මාණය කරමින් තීබීම ශ්‍රිලාංකීය මුස්ලිම් ජනතාව මතූකී තෙරපුමට ලක්කරන ප්‍රපංචයව පවතී.කාලාන්තරයක් තිස්සේ ශ්‍රිලංකාව තුළ එක් එක් ජාතීන්ට අනන්‍යවූ නීති සම්ප්‍රදායන් පෞද්ගලික නීති ලෙස රට තුළ ක්‍රියාත්මක විය. 

එමගින් ශ්‍රී ලංකීය සමාජයේ සංස්කෘතික හා නෛතික බහුවිධත්වයේ සුන්දරත්වය ඔප්නැංවිනි. එක් එක් ජාතීන්ට අයත් පෞද්ගලික නීති සම්ප්‍රදායන් විසින් ඔවුන්ගේ ජාතික සංස්කෘතික අනන්‍යතාවයසුරක්ෂිත කර ආරක්ෂකොට වර්ණවත් කෙරිනි. 
 Listen  this article Here↓↓   
එම තත්ත්වය සාමයේත් සහජීවනයෙන් පදනම ශක්තිමත් කිරීමට ඉවහල් විණි.එම පෞද්ගලික නීතිවල ධන හෝ සෘණ බලපෑම් අදාළ සමාජ කණ්ඩායමට බලපෑවා මිස සෙසු සමාජ කණ්ඩායම වලට තෙරපුමක් හෝ පීඩනයක් ඇති කළ බවට විද්‍යාත්මක හේතු සාධක ඉදිරිපත් වී නැත.

එවන් සන්දර්භයක් තුළ මතු කී "එක් රටක් එක් නීතියක් යන"ඊනියා නියාය පත්‍රය තුළ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉස්ලාමීය ආගමික විද්වතුන් සහ ඉස්ලාමීය සමාජයේ පූලූල් සාකච්ඡාවකට ලක් නොකර අධිකාරිවාදීව ගෙන ඒමට.ප්‍රයත්න දැරීම කරන්නේ බෙදුම්වාදී පටු දේශපාලන අවශ්‍යතාවයන් මුල්කරගෙන බව සුපැහැදිලි ය.ඕනෑම නීති සම්ප්‍රදායක් කාලානුරූපව වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවයන් පැවතිය හැකිය. 

නමුත් එය සිදුකළ යුත්තේ පොදූ සමාජයේ යහපත විශ්වාසයන්, පිළිගැනීම්, වටිනාකම්, සම්ප්‍රදායන්, ආදීය කිසිවක් සලකන්නේ නැතිව අත්තනෝමතික ලෙස නොවන බව සඳහන් කළ යුතුය ඉස්ලාමීය ආගමික විද්වතුන් මතුකී නීතිය වර්තමාන සමාජ සන්දර්භයට ගැලපෙන ලෙස අඩුපාඩු සකස් කර ප්‍රතිසංස්කරණය කළ යුතු බව පිළිගන්නා සංදර්භයක් තුළ 
එම නීතිය අත්තනෝමතිකව ප්‍රතිසංස්කරණය කිරීමට කැස කැවීම ස්ලාමීය ජනතාවගේ සාධාරණ සැකයට හේතු වන බවද පෙන්වා දිය යුතුය.
මේ සටහන ලියන මා උප්පත්තියෙන් බෞද්ධයකු වුවත් මට තිබෙන ස්ලාමීය ආගමික හා සංස්කෘතික දැනුම අනුව යෝජිත සංශෝධන මගින් ඉස්ලාම් ආගමේ මූලධර්ම වලට සහ විශ්වාසයන්ට පටහැනි ආකාරයට එකී 
සංශෝධන නිර්දේශ වී ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි
මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය ශුද්ධවූ අල් කුරාණයේ 
ඉගැන්වීම් වලට අනුව සකස්ව ඇති ෂරීයා නීතිය මත පදනම්ව සාදන ලද පුද්ගලික නීතියකි. 

ඒ අනුව එහි වෙනස්කම් කරනවා නම් ඉහත කී තත්ත්වය අවබෝධ කරගෙන ඉස්ලාමීය ආගමික බුද්ධිමතුන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට සහ ඉගැන්වීම් වලට පටහැනි නොවන සේ එය සිදුකළ යුතුය.
මා එසේ ප්‍රකාශ කර සිටින්නේ අල් කුරාණයේ 4වන පරිච්ඡේදය හෙවත් "අල්නිසා" (ස්ත්‍රීහු) හි දහනව වන ජේදයේ "විශ්වාස කළ අයවලුනි ස්ත්‍රීන් බලෙන් අයිති කර ගැනීමට නුඹලාට අවසර නැත."යනූවෙන් ඇති කූරාන් පාඨයට ඔබගේ .අවධානය.යොමූ කරවමිනි.

එම කූරාන් වැකියට අනුව කිසිම පුරුෂයකුට කාන්තාවක් ඇගේ කැමැත්තෙන් තොරව විවාහ කරගැනීමට අවසරයක් නැත.ඒ අනුව සෑම කාන්තාවකටම සිය විවාහය සම්බන්ධයෙන් ස්වාධීනව සිය අභිමතය පරිදි තීරණයක් ගැනීමට ඉස්ලාමීය ආගමෙන් ඉඩප්‍රස්ථාව ලබා දී තිබේ. 

යෝජිත සංශෝධන වලට අනුව මුස්ලිම් විවාහයකදී මනාලියගේ අත්සන ඇයගේ කැමැත්ත තහවුරු කිරීමක් ලෙස ලබාගත හැකි නමුත් ඇයගේ භාරකාරයා ගේ කැමැත්තේ (වලි. ගේ) වැදගත්කම එකී නීතියෙන් ඉවත් කිරීමට යෝජනා කිරීම ඔල්මාද කාරයන් ගේ විහිළු සැපයීමක් බව පැහැදිලිව නිර්ණය කළ හැකිය.

තවද ශ්‍රී ලාංකීය සමාජයේ බෞද්ධ හින්දු කතෝලික යන ආගම් තුනට අයත් සිංහල දෙමළ ප්‍රජාව විවාහයේදී දෙමාපියන් භාරකාරයන් ගේ කැමැත්ත තීරණාත්මක සාධකයක් ලෙස නීතියක් නැතත් භාවිතයෙන් ව්‍යවහාර කරති. සති අන්ත පුවත්පතක මංගල දැන්වීම් පිටූ නිරීක්ෂණය කළහොත් එම දැන්වීම් වල 95% කට වැඩි සංඛ්‍යාවක ගැහැනු ළමයින්ට පමණක් නොව පිරිමි දරුවන්ට ද විවාහ යෝජනාවක් සොයන්නේ දෙමාපියන් විසිනි එවිට විවාහයේදී දෙමාපියන් අනුමැතිය (භාරකාර,) අනුමැතිය වැදගත් සාධකයක් ව පවතින බව ප්‍රායෝගික තලයේ යථාර්ථය බව ඕනෑම කෙනෙකුට වැටහේ.

පුදුමය වන්නේ මතු සඳහන් නීතිය වෙනස් කිරීමට පත් කළ විද්වත් කමිටුවේ සුපිරි මොළ වලට එම සරල.


ඇත්ත නොතේරීමයි.ඇතැම් විට ඔවුන්ට නොතේරෙනවා නොවෙයි නොතේරෙන ලෙස කරුණු ඉදිරිපත් කරනවා විය හැකියි මක්නිසාද,? ඔවුන් එම කමිටු වලට පත් කරන දේශපාලක තුමන්ලාගේ අභිප්‍රාය ඉටු කිරීමට ඔවුන් බැඳී සිටින හෙයිනි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව "ක්වාසි"ක්‍රමයේ බොහෝ අඩුපාඩු පවතින බව කලක සිට මුස්ලිම් සමාජයේම කතාබහට ලක් වන කාරණයකි නමුත් එයට පිළියම "ක්වාසි"යන චිරාත් කාලයක් පැවති නම වෙනස් කිරීම හෝ එම ක්‍රමයට හිමි නෛතික ආධිපත්තිය හෝ බලය කප්පාදු කිරීම ද යන්න ඕනෑම ශිෂ්ඨ සම්පන්න පුරවැසියෙකුට 
නැගෙන ප්‍රශ්නයකි. 

ඉහත කී කමිටුව විසින් මේ ආකාරයට දී ඇති නිර්දේශ මහදැන මුත්තා මුට්ටියක් හිරකර ගත් එළුවා බේරා දෙන ලෙසට කල ඇරයුමට දුන් විසඳුම සිහි ගන්වන්නකි.

කළ යුතුව ඇත්තේ එම ක්‍රමයේ ඇති අඩුපාඩු ස්ලාමීය ආගමික බුද්ධිමතුන් සමඟ කතා කර වඩා කාර්යක්ෂම සහ තාර්කික ව එම ක්‍රමය ක්‍රියාත්මක ක්‍රිරීම ට අවශ්‍ය යාන්ත්‍රණයක් සහ යම් අධ්‍යාපනයක් පුහුණුවක් ඇති පුද්ගලයන් පත්කිරීම නොවන්නේදැයි අප ප්‍රශ්න කරමු.
තවද මෙම නීතිය වෙනස් කිරීම සඳහා කරුණු සොයා බැලීමට පත්කළ කමිටුවේ තවත් එක් නිර්දේශයක් ලෙස අපට දැනගන්නට ඇත්තේ චාරිත්‍රානුකූල විවාහයන් නීතියෙන් පිළිනොගත යුතු බවයි.

නමුත් අදටත් හින්දු භක්තිකයන් සහ බෞද්ධයන් අතර චාරිත්‍රානුකූල විවාහ සිදුවේ විශේෂයෙන් වතුකරයේ බොහෝදුරට මෙම තත්ත්වය පවතී එවන් 
යථාර්ථයක් පවතින්නේ නම් කළ යුතු හොඳම දෙය වන්නේ චාරිත්‍රානුකූල විවාහයක් සිදුකළ බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් එය නෛතික විවාහයක් ලෙස පිළිගැනීම නොවේද? 

වඩාත් හොඳ සමාජ ආරක්ෂණයක් එමඟින් සහතික නොවන්නේ ද?

ඉස්ලාම් ධර්මයේ පිළිගැනීමට අනුව හදිස් පොත් වල 
තිබෙන මෙම වැකිය මගින් විවාහය කොතරම් ඉහළ සමාජ ආරක්ෂණයක් ජනිත කරනවාදැයි බලන්න"පිරිමියෙකු විවාහ වන විට ඔහු තම ආගමෙන් අඩක් ඉටු කරයි"(නබී මුහම්මද්- බයිහකී) මෙයින් ප්‍රකාශවන්නේ අල්ලා.සූභානෝතාලා (නැමදීමට සුදුසු එකම දෙවියන්) කෙරෙහි ඉස්ලාම් භක්තික පිරිමියෙකු පැවැත්විය යුතු විශ්වාසය හරි අඩක් විවාහයෙන් සම්පූර්ණ වන බවයි.

අපට දැනගන්නට තිබෙන තොරතුරු අනුව ඉහත කී ආකාරයේ නිර්දේශ කිහිපයක් අදාළ කමිටුව විසින් ඔවුන් පත් කළ දේශපාලන අඥානයන් ගේ මනදොළ සපුරන ආකාරයට ඉදිරිපත් කර තිබේ. තවදුරටත් අප මෙවැනි අමනකම් නො කළ යුතුවා සේ ම ඉවසා සිටීම ද නොකළ යුතුය .



අප රටේ ජනතාව බෙදූම්වාදී දේශපාලන න්‍යායපත්‍ර නිසා බැටකෑ ප්‍රමාණය ලේ වැගිරෑ ප්‍රමානය බේදභින්නවූ ප්‍රමානය මෙන්ම එක්සත්ව රට ගොඩනගන්න තිබූ අවස්ථාවන් අහිමි කරගත් ප්‍රමානය දැන්
අවසන්.කරීමට කාලය එළඹ ඇත.. එනිසා අදාළ පනතේ වෙනස්කම් ප්‍රජාතන්ත්‍රවාදීව විනිවිද පෙනෙන ලෙස වගකීමෙන් 
සහ වගවීමෙන් සිදුකළ යුතු බව අවධාරණය කරමු.

    සරත් කුමාර දුල්වල         
සභාපති විශ්ව කලා විගමනික සංසදය



Post a Comment

0 Comments