රමළාන් යනු කුමක්ද?
රමළාන් යනු ඉස්ලාමීය චන්ද්‍ර ලිත අනූව නව වන මාසයට යෙදී ඇති ශුද්ධවූ මාසයකි.
රමළාන් මාසයේ ඇති පරිපූර්ණ දායාදයන් ලබාගැනීම උදෙසා අප නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාණන් රමළාන් මාසයට පෙර මාස දෙකකට කලින්ම සූදානම් විය.
ඒ රමළාන් මාසයට පෙර තිබෙන හත් වන සහ අට වන මාසයන් වන " රජබ් " සහ " ෂඃබාන් " මාසයන් වලදී ....
අල්ලාහුම්ම බාරික් ලනා
ෆී රජබ් ව ෂඃබාන්
වබල්ලිග්නා රමළාන් .
( අහේ දයාබරිත යා අල්ලාහ්...! අපහට රජබ් ෂඃබාන් යන මාසයන්වල අභිවෘද්ධිය ලබාදෙත්වා...! තවද රමළාන් මාසය ලබාගැනීමේ භාග්‍ය උදාකරත්වා....! )
යන අති විශේෂිත දුආ ප්‍රාර්ථනා ව අධිකලෙස පාරායනය කරමින්ය.
රමළාන් මාසය ෂඃබාන් මාසයට පසුව යෙදී ඇති මාසයයි.
රමළාන් යනු අති විශිෂ්ඨ ආශිර්වාදිත මාසයකි.
අන් සියලුම ඉස්ලාමීය මාසවලට වඩා වෙනස් හා අද්විතීය මාසයකි.
* රමළාන් මාසයේ ඇති විශේෂිත දේ කවරේද?
• මෙම මාසයේ ස්වර්ගයේ දොරටු විවෘත කෙරේ.
• තවද මෙම මාසයේ අති භයානක නිරයේ දොරටුද වසා දැමේ.
• මෙය ශුද්ධ වූ අල් කූර්ආනය පහළ වූ මාසයයි.
• මෙම මාසයේ ශුද්ධ වූ ලෛතූල් කද්ර් නම් රාත්‍රීයක් ඇත.
• මෙම මාසයේ නිරයට තීන්දූ වූ අය එයින් නිදහස් කිරීමට ලක්වන මාසයයි.
• මෙම මාසය පුරාවටම දෛනිකව මිනිසාව ආක්‍රමණය කර නොමග යවන ෂෛතාන් නැමැති යක්ෂයා විලංගු දමා බැදදැමීමට ලක්වනු ඇත.
• මෙම මාසයේ දවස් තිහ කොටස් තුනක් වශයෙන් බෙදා වෙන්කර එහි ...
+ පළමූ වන දවස් 10 අල්ලාහ් තආලා ගේ " රහ්මත් " නම් ආශිර්වාදයට ලක්වූ කාලයන් වශයෙන්ද ...
+ දෙවන දවස් 10 අල්ලාහ් තආලා ගේ " මග්ෆිරත් " නැමැති පව් ක්ෂමා ව ලබාදෙන කාලයන් වශයෙන්ද...
+ තුන්වන දවස් 10 " " ඉත්කුම් මිනන් නාර් " නැමැති නිරයෙන් නිදහස ලබාදෙන කාලයන් වශයෙන්ද බෙදා වෙන්කර ඇත.
• මෙම මාසය පුරාවටම අනිවාර්ය වූ ආගමික වතාවක් ඉටුකළ පුද්ගලයෙකුට අනිවාර්ය වතාවන් 70 ක් ඉටුකළ කූසල් ලැබේ ...
ඒ වාගේම සූන්නත් වූ ක්‍රියාවක් ඉටුකල කෙනෙකූට අනිවාර්ය වූ ක්‍රියාවක් ඉටු කිරිමේ කුසල් ලැබේ.
කවුරුන් මෙම මාසය තමන්තූල ලබාගෙනත් අල්ලාහ් තආලා ගේ පව් ක්ෂමාව ලබා ආශිර්වාදයට ප්‍රාත්‍ර නොවන්නේද , ඹහුගේ ලෞකික ජීවිතය ශාපයට බඳුන් අලාභදායි ජීවිතයක් වන්නේ යැයි කාරුණික නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාණන් පැවසූහ .
වරෙක නබිතුමාණන් දේශනාවක් උදෙසා මස්ජිදයේ මිම්බරයට ( පීඨිකාවට ) ගොඩවන මොහොතේ ඒ අතරතුර දෛනිකත්වයට පටහැනිව එතුමන් නගිමින් සිටී පඩිපෙල් තුනේදීම ආමීන් ( පිළිගනු මැනවි ) යනුවෙන් ප්‍රාර්ථනා කලේය . මේ පිලිබඳ ව අවධානයෙන් සිටී සහබාවරුන් වන නබිතුමාණන් ගේ මිතුරන් එතුමා දේශනය අවශන්කල පසූ නබිතුමාණන් ගෙන් මෙසේ ප්‍රශ්න කලහ
" ආදරණීය නබිතුමණි...! දෛනිකත්වයට පටහැනිව ඹබතුමන් පීඨිකාවට නගින මොහොතේ යම් දෙයක් ඇසුවෙමු ඒ කුමක්ද...? යනුවෙන් අපහට පැහැදිලි කරනු මැනවි "
ඊට පිළිතුරු දුන් නබිතුමාණන් මෙලෙස පැහැදිලි කලේය.
" මිතුරනි ...!
මම දේශනාව උදෙසා පීඨිකාවට නගින මොහොතේ එතැනට වැඩම කළ දේවදූත ජිබ්රීල් අලෛහිතුමා මා නගින පඩිපෙලවල් තුනේදිම විශේෂ ප්‍රාර්ථනා තුනක් කලේය. ඒ තුනටම මමද ආමීන් ( පිළිගනු මැනවි යනුවෙන් සර්වබලධාරීයාණන් වෙත පැවරුවෙමි එයින් එක් ප්‍රාර්ථනාවක්නම්...
කවුරුන් උතුම් රමළාන් මාසය ලබාගෙනත් තම පාපකර්මයන් වලට පව් ක්ෂමාව ලබා ගැනීමට ක්‍රියා නොකලේද , ඹහුගේ ජීවිතය විනාශ විය යනුවෙනි "....
එම නිසා රමළාන් නොවන අනෙකුත් මාසයන්වල විවිධ පාපකර්මයන් වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව අප සම්බන්ධ වී සිටියේනම් , ඒ සියල්ලටම සර්වබලධාරීයාණන්ගෙන් පව් සමාව අයද පින්බර , ආශිරවාදාත්මක මේ රමළාන් මාසය හරහා දහමෙන්,ධර්මතාවයෙන් පෝෂණය වි නිර්මල වූ සැබෑ මිනිසත්භාවයෙන් ක්‍රියා කරන්නට අදිටන් කරගන්නා සේම ඒ වෙනුවෙන් මහා කාරුණික පරම දයාබර සර්වබලධාරී අල්ලාහ් තආලා මටත් , ඹබටත් , සමස්ථ ලෝකවාසී ජනතාවටත් ආශිර්වාද කරත්වා........
ආමීන්.....!!!
සමස්ත ලංකා ආගමික දේශක දේශමාන්‍ය , දේශබන්දු අෂ් -ෂේයික් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා.





0 Comments