රාමසාන් උත්සවය ලොව වටා ස්ලාමීය බැතිමතුන් ඉමහත් භක්තියෙන් හා ආධ්‍යාත්මක කැපවීමෙන් අල්ලාහ් දෙවියන් වහන්සේ කෙරෙහි ඇතිකරගන්නා වූ මහත් බැතිබර හරසරින් යුතුව වාර්ෂිකව අඛණ්ඩව අභිමානවත්ව ගෞරවනීය සමරනු ලබන ශ්‍රේෂ්ඨ ආගමික සංස්කෘතික උත්සවයකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වලට අනුව රාමසාන් උපවාස සීලය ස්ලාම් ධර්මය උසුලා සිටින පංචස්තම්භයන්ගෙන් (the five pillars of the faith) හතර වැන්නයි. සෑම ස්ලාම් භක්තිකයෙක්ම අනිවාර්යෙන්ම රාමදසාන් උපවාස සීලය රකිමින් කායික හා මානසික වශයෙන් තමන් තුළ ඇති කරගනු ලබන ශක්තිමත් භාවය හා දෙවියන් වහන්සේ කෙරෙහි ඇති කරගනු ලබන භක්තිමත් භාවය ජීවිතයේ ඉදිරි කාලය තුළ පවත්වාගෙන යෑමට අදිටන් කරගනු ලැබීම මෙම ආගමික උත්සව චාරිත්‍රයේ ප්‍රධාන පරමාර්ථයකි. රාමසාන් උපවාස සීලයේ. පදනමෙන් ගොඩනගාගන්නා මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය මුළු ජීවිත කාලයටම යොදවා ගත යුතු බව සලාම් දහමෙන් පෙන්වා දෙයි.එසේම මෙම කාලය තුළ ගොඩනඟා ගනු ලබන සංයමය හා ඉවසීමත් තමාටම අවංකවීම තුලින් අනෙකා නොරුවටීමද මගීන් මුස්ලිම් ප්‍රජාව ඉතා ප්‍රබල සමාජය හා සංස්කෘතිය බැඳීමක් යහපත් සමාජයක් නිර්මාණය කරීම වෙනුවෙන් ඇතිකර ගනී.
මේ අනුව රාමදසාන් උත්සවය උස් පහත් භේදයකින් තොරව මුස්ලිම් ප්‍රජාව එකට බැඳ තබන ආගමික වත් පිළිවෙතකි. අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදයේන් තමන් උපයාගත් ධනය අන්‍යයන් සමග සහෝදරත්වයෙන් බුක්ති විදීමත් සියලු දෙනා කෙරෙහි සාධාරණ වීමත් අනෙකාගේ හැඟීම් කෙරෙහි සංවේදී වීමත් රාමදාන් උත්සවය සමග බැඳී පවතී. සහෝදරත්වය සමානාත්මතාවය අල්පේච්ඡතාවය සහ සාමූහිකත්වය ඉස්මතු කර ගැනීමට මහෝපකාරී වන ආගමික උත්සවයක් වශයෙන් ද රාමදසාන් උත්සවය හැඳින්විය හැකිය.
ස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය හඳුන්වන්නේ රමදාන් ලෙසටයි. ඉස්ලාම් ආගම අනුව නබිතුමාණන්ට අල්කුරාණය පහළ වීම ආරම්භ වී ඇත්තේ ද රාමදාන් මාසයේ වන අතර එම නිසාම රාමදාන් මාසය ශුද්ධවූ මාසයක් ලෙස හැඳින්වේ. අල් කුරාණයේ මුල් වැකි රාමදාන් මාසයේ අග දිනකදී පහළ වූ බව පැවසෙන අතර එම රාත්‍රිය ලෙයිලතුල් කදර් එනම් බලසම්පන්න රාත්‍රීය ලෙස නම් කර ඇත. සෑම වසරකම රාමදාන් උත්සවය පැවැත්වෙන දිනය වෙනස් වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කරන්නේ ඉස්ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පදනම් කරගෙනය.
රාමදාන් උපවාස සමය අරාබි භාෂාවෙන් සව්මි හෙවත් ෂි්‍යාම් ලෙස හැඳින්වේ. ඒහි සිංහල තේරුම වන්නේ මගහරවා ගැනීම හා අත්හැර සිටීමයි. අල්ලාහ් දෙවියන් කෙරේ විශ්වාසයේන් සහ භක්තියෙන් තම සිත අල්ලා දෙවියන් කරෙහිම යොමුකොට ශුද්ධ වූ අල් කුරානයේ ඉගැන්වීම් අනුව මුස්ලිම් බැතිමතුන් සියලුම ආශාවන් මගහරවා ගනිමින් ඉස්ලාමයට අනුව ස්වකීය ජීවිතයේ සත්‍ය සොයා යෑම මෙම උපවාස සමය තුළ සිදු කරගත යුතුය යන පණිවිඩය ශුද්ධ වූ අල් කුරානයේ සඳහන් වේ. ශරීරයෙන් පමණක් නොව ආත්මයෙන් ද මිනිසා නිර්මාණය කර ඇති නමුත් මිනිසා ලෞකික සැප සම්පත් කෙරෙහි අසීමිත ලෙස ආශා කරමින් සිය මානසික හා කායික තෘප්තියේ සීමාවක් නොදක්වා ජීවත් වේ. එබැවින් එවැනි මිනිසුන් තුල මිනිස් ගතිගුණ හීනවී මිනිසාට සත්‍ය නොපෙනී ඉවත්වේ. සත්‍ය අවබෝධ කරගැනීමට බුද්ධියක් තිබුනද බුද්ධිය මෙහෙයවා සත්‍ය දකින්නට නොහැකි වීමෙන් ආත්මීය ශක්තිය ඉවත් වනු ඇත. මෙම තත්ත්වයෙන් මිනිසා මුදවාගෙන ආත්මිය ශක්තිය මිනිසාට වඩ වඩාත් ගොඩනගා ගැනීමට ශුද්ධවූ මාසයක් වූ රාමදාන් උපවාස සමය අවස්ථාවක් සලසා දෙන බව සුපැහැදිලි ය.
රාමදාන් උපවාසය වත් පිළිවෙත් රැසක සංකලනයකි. රාමදාන් උත්සව සමය තුළ උපවාස ශීලීව සිටිමින් රාමදාන් මාසෙට ආවේණික වූ රාත්‍රි කාලයේ සිදු කරන විශේෂ නැමදුම( කියාමූල්ලයිල්)කිරීම දාන පරිත්‍යාග (සකාතුල්ෆිතර්) මස්ජිදයේ මුළුමනින් ම රැදී සිටිමින් ආගමික වතාවත්වල යෙදීම(ඉහ්තිකාෆ්) අල් කුරානය පාරායනය කිරීම(කියලාවත්) හා ලෙයිලතුල් කදර් නම් අග්‍රගණ්‍ය රාත්‍රියේ නැමදීම හා දූආ ප්‍රාර්ථනය කිරීම වැනි වත් පිළිවෙත් සමූහයක නිරත වීම ස්ලාම් භක්තිකයන් සිදුකරයි. උපවාසය සමය තුළ දිවා කාලය කෑමෙන් බීමෙන් වැළකී සිටීම පමණක් නොකල යුතු අතර සලාත වල යෙදීම (යාච්ඤා කිරීම) හා සකාත් (පංචේන්ද්‍රයන්) මනා ලෙස පාලනය කරගනි මින් සියලු පාප ක්‍රියාවන්ගෙන් වැළකී තම දෛනික රාජකාරි යුතුකම් හා වගකීම් ඉටුකිරීම ඉස්ලාම් භක්තිකයන් විසින් සිදු කරනු ලැබීම අපේක්ෂා කෙරේ. එසේම තමා උපවාසයේ යෙදෙන්නේ කුමක් අරබයා ද යන්න පැහැදිලි කර ගැනීමද ඉතා වැදගත් බව ස්ලාම් දහමේ සඳහන් වේ.
එනිසා මහත් වූ උදාර අතිශය ගෞරවාන්විත වටිනාකමකින් යුක්ත චාරිත්‍ර වාරිත්‍ර සහ ගුණ ධර්මවලින් යුතු ආගමික උත්සවයක් ලෙස රාමදාන් උත්සවය අප හඳුනා ගනිමු
සභාපති
ශ්‍රී ලංකා විශ්ව කලා සංසදය
0 Comments