SRI LANKA


 

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රි ලංකා මධ්‍යස්ථානයේ ගරු සභාපති සුදත් දේවපුර මහතා මනුෂ්‍යත්වය පිළිබඳව මහා හැඟීමක් ඇති වටිනා මිනිසෙකි.


මෙය සිදුවන්නේ 2020 වසරේදී ය.

එය කොවිඩ් (19) ආසාදනය පැතිරී මුළු ලෝකයටම ඉතා දරුණු  බලපෑම් ඇතිකළ කාලයකි.

Covid (19) ආසාධනයෙන්  අපේ මාතෘ භූමියටත් ගැලවීමක් තිබුනේ නැත. 

ශ්‍රී ලාංකීය ජනතාව අතිශ්‍යින්ම දුක් විඳපු ඒ දවස් අදටත් අපිට අමතක කරන්න බැහැ.

Covid (19) වසංගතය අතරතුර ජාති , ආගම්,කුළ  අසමානකම් නොදකින මනුෂ්‍යත්වය ඇති යහපත් හදවත් ඇති මිනිසුන් කිහිප දෙනෙකු අප දැක ඇත්තෙමු ඔවුන් කළ සේවාවන්  අතිමහත්ය.

ඇතැමුන් රහසේ මහා පිංකම් කර නිහඬව සිටියෝය. 

 එබඳු මිනිසෙකි...

 ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සභාපති ගරු සුදත් දේවපුර මහතා.

කාලයාගේ ඇවෑමෙන් පමා වීහෝ මෙම තොරතුරු මා හට ලැබුනද  එම සත්ගුණවත් මිනිසාට  උපහාරයක් ලෙසින් මා  මෙය පලකරමි.

සුදත් දේවපුර මහතා විසින් එවකට රටේ  ජනාධිපති ලෙස කටයුතු කළ  

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත  ලියන ලද සානුකම්පිත  ඉල්ලීම් ලිපිය  සහ එහි දමිළ පරිවර්තනය මෙහි පළ කරනුයේ ඒ අභිමානවත් මිනිසාට ස්තුතිය පුදකරමින්ය. 

කෝවිඩ් වසංගතය අතරතුර මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් විසඳීමේ අරමුණින් ඹහු කළ එම උදාරතර  සේවයට ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව වෙනුවෙන් මම ඔහුට මගේ අවංක කෘතඥතාව පළ කරමි.

අපේ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික සංස්කෘතීන්ට ගරු කරමින් 

ආදාහනයට ලක්වන දේහයන් භූමීදානය කිරීම උදෙසා ආයාචනා කරමින් මනුෂ්‍යත්වයේ  නාමයෙන් ඹහු කළ එම ක්‍රියාවට 

අපි මුස්ලිම් ප්‍රජාවේ ගෞරවය හා කෘතඥතාව පළ කරමු.

මෙම වර්ණය
එම්.එච්.එම් නියාස්
දෙහිවල

Listen this article👇👇👇

.

Post a Comment

0 Comments