SRI LANKA

අත්හැරීමේ වේදනාව දැනෙන මොහතකි මේ "-(video)

 
වෛරයක් නැති ,අසරණ

 කමින් ප්‍රයෝජන

 නොගන්නා මනුෂ්‍යත්වය

 හා ආදරය කරුණාව

 සර්ධාව එක්තැන් වූ

 සොදුරු මිනිසෙකුගේ

 නික්මයෑම උදෙසා

 පිදෙන තුටු පඩුරකි ....

මෙලොව ඉපදෙන සියල්ලන්ම යම් දිනෙක මෙලොව අත්හැරීම යනු නිත්‍යවූ සත්‍යකි....

එයට විරුද්ධ මතයක් කිසිදු ධර්මයකින් හෝ වෙනත් මාර්ගයකින්ද පෙන්වාදී නැත ...
සියලුම ධර්මයන්හි ආගමනයද මෙය වටහා දීමයි 

" ජීවිතං අනියතං මරණං නියතං "

යන බුදු බණ ට සමගාමීව ද

" කුල්ලු නෆ්සින් දා ඉකතූල් මව්ත් " 

යන ශුද්ධ වු අල් කුර්ආන් පාඨයට සමගාමීව ද

සියලුම දේ අනිත්‍යයි යන 
සත්‍ය වටහාගෙන ජීවිතය ගොඩනගාගැනීම මානවයාගේ වගකීමකි...

මෙය සැබෑ ලෙසම තේරුම් ගත් අපූරු සුන්දර මිනිසෙකු දින කිහිපයකට පෙර දේශයට හා ජාතියට  සමුදෙමින් නික්ම ගියේ තම අවශන් ගමනේ චාරිත්‍ර පවා තමන් විසින්ම සූදානම් කරමින්ය...

අපගේ සේවාවන් වෙනුවෙන් අපගේ මනාපයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවට හිමිකම් ලබාගන්නා. බහුතරය කිසිදු බියක් සැකයක් නොමැතිව තම වගකීම් දූෂණයට ලක් කරද්දී 

අප වෙනුවෙන් අපේම කෙනෙකු යන හැගීමෙන් වෙල්යායේ පටන් පාර්ලිමේන්තුව දක්වාම වරෙක චණ්ඩියෙකු ලෙසින්ද , තවත් වරෙක දඩබ්බරයෙකු ලෙසින්ද ,  දූෂණය,වංචාව, ජාතිවාදය,ආගම්වාදය යන පහත් ක්‍රියාවන්ට එරෙහිව ප්‍රායෝගිකව, නිහතමානීව ක්‍රියාත්මක වෙමින් ඒ වෙනුවෙන් මුහුණ දුන් අභියෝග, අවලාද බාධක අනන්තය අප්‍රමාණය....

නමුත් මේ කිසිවිටෙකත් ආපස්සට නොයා අප ලබාදූන්  මනාපය වෙනුවෙන් වටිනාකමක් ලබාදූන් මන්ත්‍රීවරයෙකු, හා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසට හිරිකිතයකින් තොරව නම් කල හැකි සොඳුරු මිනිසෙකි ඔඹ පාලිත  තෙවරප්පෙරුම සොයුරාණෙනි....!

සොබාදහම මානවයාට පන්න පන්න පහරදුන් සුනාමිය,ජලගැල්ම,කොරෝනා වෛරසය යන විවිධ විපත්තිවලදී බහුතරයක් පාලක වරුන් තම ජීවිතය ,තම පවුල් ජීවිතය ,  තම ඥාති හිතමිතුරන් යන වංක,  අවශ්තාවාදී අරමුණුවලින්  මුනිවත රකිද්දී ...

මගේ මිනිස්සු ,අපේ අය ,අපේ ජාතිය යන පොදු සංකල්පයෙන් වීදී බැස තම පෞද්ගලික සේසත පවා  අහිංසක ජනතාවට පූජා කරමින් කුස ගිනි නිවන්නටත් , ඹ්නෑ එපා කම් ඉටුකරලන්නටත් ක්‍රියාකරපූ මානව හිතවාදියෙකු ලෙසින්  අපට ඔඹව නම් කල හැක.

  මුලු දේශයම ඔඹට කෘතගුණ සැලකීමට ජන ගංගාවක් ලෙසින් 
ඔඹ නික්මයෑම අභියස ඹබේ අවශන් ගමනට සුභ පතන්නට එක් වූයේ 
 මේ මානව හිතවාදය නිසාමය.

එදා අපි වෙනුවෙන් ඔඹ පෙනී සිටියාසේම 

අද ඔඹ වෙනුවෙන් අපි එක්වුනෙමු , පෙනීසිටින්නෙමු

 එපමණක් නොව ඔඹ කුමන දහමකින් ඔඹ අවශානය  දකින්නේද එතැනට අපි සාක්ෂි දරන්නෙමු ඔඹගේ සමාජීය  දැහැමි , නිර්මල භාවය  උදෙසා.

ඔඹ දෙනෙතින් මේ විචිත්‍රත්වය දකින්නට  බැරි වූද ඔඹ මනසට මෙය ඒකාන්තයෙන්ම  දැනේවී අප සොදුරු සොයුරාණෙනි.....

රටක් වටිනා මිනිසෙකු 
රටකට අහිමි වීම යනු
නිමා කරන්නට බැරි පාඩුවකි මිහිතලේ....

ඉතිරිවූ අයට ඔඹ 
ලබාදුන් පූර්වාදර්ශය 
අමිලයකි සොයුර මිහිතලේ....

දැන්වත් හැදෙන්නට 
සිතමු පාලිත යන්ගේ 
ගමන් මග ගොසින් 
මෙහෙවරන් කරමින් මිහිතලේ.....

නැත්නම් අත්හැර යන්න 
තවත් බදා නොසිට 
ඔඹේ වගකීම මේ මිහිතලේ....

( ආදරණීය ලාංකීය විද්වතුනි...! අප සැවොම එක්ව ගොඩනගමු පාලිතයන්ගේ ඉතිරි සමාජ මෙහෙවරන් සැදැහැ සිතින් )

සුභ ගමනක් වේවා සොයුර ඔඹට.......!!!

M.H.M නියාස් 
සභාපති 
මීඩියා ලින්ක්
(සමාජ සංවර්ධනය සඳහා වූ සන්නිවේදන වේදන මධ්‍යස්ථානය)




Post a Comment

0 Comments