SRI LANKA

ISIS ඉතිහාසය


අල්කයීදා සංවිධානයේ ශාකා සංවිධානයක් ලෙස IS /ISLAMIC STATE නමින් 2004 ඉරාකයේ දී අබු මූසා අල් සර්කාවී විසින් පිහිටවණු ලැබුවා. 2007 ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණ කළ විට, මෙය මැකී ගියා.  නමුත් 2010 දී මෙය ප්‍රතිසංවිධානය වී 2011 දී අබු බක්කර් බග්දාදී ISIS ලෙස නමද වෙනස් කොට, එකී නායකත්වය ලබාගන්නවා. 2014 දී අල් කයීද සංවිදානයෙන් මිදී ස්වාධීණ වෙනවා. මේ වෙනවිට ISIS ඉරාකයේ හා සිරියාවේ ලොකු කොටසක් ඔවුන්ගේ බලයට යටත් කරගෙන සිටියා . බොහෝ ත්‍රස්ත ක්‍රීයා කාරකම් ඔවුන් සිදුකළා.

 තිරය පිටුපස ඇමෙරිකාවේ මෙහෙයවීම් .

ඉහත සියලු විස්තර ලෝකයා හැමෝම දන්නා තොරතුරුය. නමුත් ISIS ත්‍රස්ත ව්‍යාපාරයේ සැබෑ මොලකරුවන් මොසාඩ් ය. ඔබාමා හා හිලරි කලින්ටන් සියලු පහසුකම් ලබාදුන්නා.මෙය ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ද වේදිකාවේම පැවසුවා. 

ඇමෙරිකාවට ඔවුන්ගේ ගෝලීය දේශපාලනයට, මුස්ලිම් අය මරන්න මුස්ලිම් ත්‍රස්ත කණ්ඩායමක් අවශ්‍ය වුණා. එමනිසා ඔවුන් IS නායක අබු මූසාවි නම්මගන්න බැලුවා. එය සිදු නොවීය. එම නිසා, ඉරාන -ඉරාක යුද්දයේ දී ඇමෙරිකාව යොදවා තිබුණු මුස්ලිම් වෙස් වලාගත් යුදෙව්වෙක් වන සිමොන් එලියට් ව  පාවිච්චි කළා. ඔහුගේ ව්‍යාජ නම තමා අබු බක්කර් බාග්දාදී. 

ඔහු අබු මුසාගේ කණ්ඩායමට එක්වී කටයුතු කළා. පසුව අබූ මුසාවි හා සෙසු අය රැස්වෙන  අවස්ථාවක, අබූ බක්කර් බාග්දාදී ඇමෙරිකාවට ඔත්තුව දී මිසයිල ප්‍රහාරයකින් එහි සිටී සියලු දෙනා විනාස වුණා. ඉන්පසුව බාග්දාදී ඇමෙරිකාවට හා ඊශ්‍රායලට අවශ්‍යා කරන ආකාරයට ISIS කල්ලිය මෙහෙයවා ඉස්ලාමයට ලොකු කැලලක් ඇති කළා.  ඔවුන් කියන කරන කිසිවක් ඉස්ලාම් නොවන බව ඉතා පැහැදිලිය. තවද ඔවුන් තවමත් ඇමෙරිකාවට හෝ ඊශ්‍රායලට කිසිම හානියක් කරලා නැත . මේ රටවල් දෙක තමා මුස්ලිම් අයගේ ප්‍රධාන සතුරන්. බල්ලාගේ නෙට්ට බල්ලා සපා කන්නේ නැහැනේද?

 ISIS ත්‍රස්තයෝ පට්ටම පට්ට මෝඩයෝය.  ඔලුවක් තියෙන එකෙක්, නැත්නම් ඉස්ලාම් දහමේ පැහැදිලි අවබෝධයක් තිබෙන එකෙක්නම් කවදාවත් ISIS වෙන්නේ නැත. ඔවුන්ව මරා දමනවට වඩා වෙනත් දෙයක් කළ යුතු නැත.

ඉන්දියාවේ අත්අඩංගුවට පත් සිව් දෙනා කවුරුන්ද?

සැකකරුවන් කිසිවෙකු සුදනන් කිරීම වැරදි විය හැක. සැකයේ බර පැහැදිලි විය යුතුයි. 
මගේ පුද්ගලික මතය අනුවනම් මෙය නිකම් කුලප්පුවක් වගේ පෙනෙනවා.  ව්‍යාපාරික හෝ ජාවාරම් තරඟකාරිත්ව හේතු නිසා, හිතා මතාම දුන් ව්‍යාජ ඔත්තුවක නාටක වගේ පෙනෙනවා.  කෙසේ වෙතත් දේශපාලන මට්ටමේ මෙය යම් අයට එල්ලෙන්න හොඳ කඹයක් නම් වෙනවා නියතයි.

මොවුන් සිව් දෙනාගෙන් දෙන්නෙක් 30-40 වතාවන් ඉන්දියාවට ගිහින් පැමිණ තිබෙනවා. දෙන්නෙක් නාට්ටාමිලාය. එකෙක් පාතාලේ පොට්ට නවූපර්ගේ පුත්‍රයාලු. මොවුන් එකෙක්වත් ප්‍රධාන සැකකරු දෙන්නා වැස්සටවත් පල්ලියකට ගොඩ නොවන නාමික මුස්ලිම්ලු.  ඉතින් උන් ටික ISIS විය හැකිද?  පරීක්ෂණ වාර්තා එනකම් බලා සිටිමු. ඔවුන් වැරදි කරුවන් බව ඔප්පුවුවොත් උපරිම දඬුවම් ලබා දිය යුතුමයි. තවත් කවුරු හෝ ගෑවුණු අය සිටීනම්, ඔවුන්වත් හසුකර ගත යුතුය. අවුරුදු දහසකට වඩා සාමයෙන් අවි ඔසවන්නේ නැතුව  මුස්ලිම් අපි රැකගෙන සිටින සහජීවනයට අනතුරක් කරන ඕනෑම කෙනෙක්ව, අපිට සුළු කොට හිතන්න බැරිය. තවද අවස්ථාවාදී දේශපාලන නරුමයන්ට අවස්ථාවන් ලබාදීමටද බැරිය.

Dr Ajmal hassan

Post a Comment

0 Comments