
කවර හෝ සමාජයක ඉතිහාසය යනු එම සමාජය විසින් කාලානුරූපව පොදු සමාජ උන්නතිය යහපත ප්‍රගමනය සංවර්ධනය උදෙසා එම සමාජ කණ්ඩායම සාමූහිකවත් ඊට අයත් පුද්ගලයන් ලෙස තනි තනි ලෙසත් ඉටුකරන ලද සමාජ ආර්ථික දේශපාලන ය ආගමික හා සංස්කෘතියක කාර්යභාරයේ අනභිවනීය ප්‍රකාශනයයි.
අනෙකුත් සියලු යුගයන්ට සාපේක්ෂව වත්මන් යුගයේ එම ඓතිහාසික යුග මෙහෙයවරයන් පිළිබඳ වත්මන් පරපුරේ අවධානය යොමූව තිබේ.ඔවුන් ඒ පිළිබඳ වඩාත් ගැඹුරු සවිඥාණක හැඟීමකින් කටයුතු කරති.
එම පරපුර විසින් සිය අනාගතය දෙස බැලීමේදී ඔවුන්ගේ අතීත පරම්පරාවන් විසින් පසු කර පැමිණි ඓතිහාසික යුග පිළිබඳව සිංහාවලෝකනයක යෙදෙමින් තම අනාගතය කවර ආකාරයෙන් සකස් කර ගත යුතු ද යන දිශානතිය ගැන අවධානය යොමු කරති

සම්ප්‍රදායන්කූලව ඉතිහාසඥයන් මානව ඉතිහාසය හැදෑරීමේදී හා ලේඛනගත කිරීමේදී අවධානය යොමු කර ඇත්තේ ගැටුම් හා විරසකකම් වාර්තා කිරීමටයි. නමුත් ලෝකයේ සෑම ජන කණ්ඩායමකම ඉතිහාසය පුරා චිත්‍රණය වන සුන්දර යථාර්ථය නම් අන්‍යානය සහයෝගයෙන් සහජීවනයෙන් හා පොදු මහත් සමාජයේ යහපත උන්නතිය සංවර්ධනය උදෙසා කළ දායකත්වයන්ය. එය අපේ මුතුන් මිත්තන් සිදුකල කැප කිරීම්, ඉදි කිරීම්, පරිත්‍යාග, දායකවීම්වලින් පිරුණු ලස්සන එකකි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය සහ මුස්ලිම්වරුන් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් ලෙස සිය නිජබිම වෙනුවෙන් දිවිහිමියෙන් උදාරව ගාම්භීරව සිදූකල මහා සේවාවන් කැපකිරීම් අතිවිශාලය. නමුත් ඒවා ගැන ලියැවි ඇති ඉතිහාස ප්‍රකාශ වී ඇති තොරතුරු ඉතා සීමා සහිතය.

එම ශ්‍රී ලාංකික මුස්ලිම් උරුමයන් පිළිබඳ සමාජයේ ගැඹුරු කතාබහක් ඇති කිරීම අරමුණු කරගෙන එම්.එච්.එම්. නියාස් මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාකාරී වන අල් අස්ලාෆ් මුතුන් මිත්තන් අනුස්මරණ මණ්ඩපය දියත් කර ඇති වැඩ පිළිවෙල ප්‍රශංසා කළ යුතු ප්‍රයත්නයකි.
එපමණක් නොව ශ්‍රී ලාංකීය ජන සමාජයේ සෙසු ජන කණ්ඩායම් වලට මුස්ලිම් සමාජය අපේ මාතෘ භූමියේ ප්‍රගමනය, දියුණුව, උන්නතිය, සංවර්ධනය, වෙනුවෙන් දක්වා ඇති දායකත්වය මෙන්ම, ඔවුන්ගේ ජාතික ආකල්ප,, සමාජ වගකීම ඉටු කිරීමේ දායකත්වය, සුහදශීලී මිත්‍රත්වය, සහෝදරත්වය, ශ්‍රී ලාංකික කම පිළිබඳ හැඟීම, වටිනාකම, ආදිය පිළිබඳ සැබෑ ස්වරූපය පෙන්නන චිත්‍රයක් ඇතිකර ගැනීමට ද මෙම ප්‍රයත්නය වැදගත් වනු ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි.
එය තවත් එක් ජාතික අඩුපාඩුවක් පිරිමැසීමක්ද වනු ඇත.
මෙම වැඩපිළිවෙළට අල්ලා සූභානහූව තා ආලා ගේ ආශිර්වාදයන් නිති පවතීවායි. සුභාශිංසන පතමි
සරත් කුමාර දූල්වල
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති
ප්‍රවීණ මාධ්‍යවේදී
ආරක්ෂිත ශ්‍රම සංක්‍රමණ උපදේශක.
DATE: 2nd SEPTEMBER 2025
FROM; 4.30 PM TO 6.30 PM
VENUE: POSTAL HEADQUATERS AUDITORIUM
310, D.R.WIJEWARDANA MAWATHA McCALLUM ROAD.
COLOMBO-10
0 Comments