
ඉතිහාසය නොදන්නා සමාජයක් කවදාවත් පරිකල්පනයක් ඇති සමාජයක් බවට පත්වන්නේ නැත
පරිකල්පනයක් නොවූ සමාජයක් කවදාවත් නව නිර්මාණ ශීලී සමාජයක් බවට පත්වන්නේද නැත
නව නිර්මාණ ශීලී නොවන් දේශයක් කවදාවත් ඉදිරියට යන්නේ ද නැත.
" අල් අස්ලාෆ් පෙර මුතුන් මිත්තන්ගේ අනුස්මරණ සංසදය "
මෙය හොදින් අවබෝධ කරගෙන මේ වනවිටත් මෙම මහගු කර්තව්‍යය මනා ලෙස ආරම්භකොට තිබේ.
එහි පළමු සහ දෙවැනි අදියරයන් සාර්ථකව නිමාකල එකී සංසදය එහි තෙවැනි පියවර කරා ජයග්‍රොහී ගමනක නියැලෙමින් සිටී....
දේශයක් ලෙසට විවිධ ජාතීන් සහ ආගමික සැදැහැවතුන් එක්ව ජීවත්වන ලක් දෙරණේ සිටින සියලුම ජාතීන්ට ආවේනිකවූ ප්‍රෞඩ ඉතිහාසයක් ඇත.
එම ඉතිහාසය පිළිබද ව ගවේශනය කිරීම සියලුම ජාතීන්ගේ වගකීමක් වන්නේය.
මේ උතුම් දේශයේ තිබෙන්නාවූ සෞන්දර්යාත්මක වටිනාකම් තේරුම් ගත් අධිරාජ්‍යය වාදීන් විටෙන් විට මෙම දේශය ආක්‍රමණය කරමින් තමුන් සතුකරන්නට විවිධ උත්සාහයන් දැරූහ.
විටෙක පෘතෘගීසීන්ද, තවත් විටෙක ලංදේසින් මෙන්ම ඉංග්‍රීසි වරුන්ද මෙය ආක්‍රමණය කළෝය.
අදටත් එකී ආක්‍රමණික ආශාවන්හි ගිනිපුපුරු අළුයට නැතිවාම නොවේ .
එම නිසා මෙම සියලුම අවස්ථාවන් හි මෙරට එකී ආක්‍රමණිකයන්ගෙන් මුදවාගැනීම වස් ජාති ආගම් කුළ බේදයෙන් තොරව සියලු දෙනාම එක්ව දිවි හිමියෙන් අරගල කළෝය,සටන් කලෝය ඹවුන් ව පලවා හැරීම දක්වාම එම සටන අත්නොහැලූහ.
එම නිසා මෙම අභිමානවත් දේශ විමුක්ති අරගලයට සහභාගී වූ සියලුම අයට වටිනා ඉතිහාසයක් ඇත.
ඒවා පිළබඳව ගවේෂණය කොට සොයාබලමින් වර්තමානයේ සිටින අප දුවා දරුවන්ට ඒ පිළිබදව අවබෝධයක් ලබාදී අනාගතයට සාර්ථකව මුහුන දිය යුත්තේ කෙසේද යනුවෙන් මග පෙන්වීම් කලයුතුයි.
අප පෙර මුතුන් මිත්තන්ගේ එම වික්‍රමාන්විත අභිමානවත් ක්‍රියා කලාපයන් පිලිබඳව නිවැරදි වූ අතීතාවර්ජනයන් ලබාදීම වැඩිහිටියන් ලෙසට අප සියල්ලන්ගේම වගකීමකි....
එම දැවැන්ත ගමනට පා තැබූ
අල් අස්ලාෆ් පෙර මුතුන් මිත්තන්ගේ අනුස්මරණ සංසදයේ
ගරු සභාපති M H M නියාස් මහතා ප්‍රමුඛ එහි කාර‌්‍යයන්හි නියුතු සියළුම දෙනාට මාගේ ආශිර්වාදය ප්‍රමුඛ කෘතවේදයේ හැගීම් මෙලෙස සටහන් කරමින් ඹබගේ කැපවීම අගේ කරමි.

රටක ,ජාතියක අභිමානය උදෙසා කැප වන්නා වූ සියලුම අයට සර්වබලධාරීයාණන්ගේ ආශිර්වාදය නිබඳව අත්වේවා......!!!
ඒ අනූව අපගේ අනුස්මරණ පියවරේ තෙවැනි අදියර වර්‍ෂ 2025/10/25 වන සෙනසුරාදා ප:ව: 04-00 සිට 06_15 දක්වා
අංක 119 D.R විජේවර්ධන මාවත කොළඹ -10 යන ලිපිනයේ පිහිටා ඇති තැපැල් ශ්‍රවණාගාරයෙහි පැවැත්වීමට සියලුම වැඩකටයුතු සූදානම් කර අවසන්ය.
මෙහිදී අනුස්මරණයට ලක්වන්නේ

පාසැලේ හිටපු විදුහල්පති
Dr .A M A Azeez
(c c s ) මහතා.

2.සමස්ථ ලංකා මුස්ලිම්
ආගමික විද්වත් සභාවේ
හිටපු ලේකම් Ash sheyk .
M J M Riyal ( gafoori ) මහතා.

හිටපු සභාපති අල් හාජ්
දේශමාන්‍ය Sir .
A W M Ameer මහතා.
මෙම අගනා වටිනා අවශ්තාවට සහභාගී වන ලෙසට ඹබ සියල්ලන්ටම කරන ගෞරවාන්විත ආරාධනයයි මේ.....
ඹබගේ සම්ප්‍රාප්තිය අපට මහඟු ආශිර්වාදයකි.
මීට :
හිල්මි මොහොමඩ් ( S L A S _ R ).
ලේකම්
අල් අස්ලාෆ් මුතුන් මිත්තන්ගේ අනුස්මරණ සංසදය





0 Comments