SRI LANKA


 

පුරා අවුරුදු 50 කට ආසන්න කාලයක් ජාති, ආගම් භේදයෙන් තොරව මෘත දේහයන් සමග පොරබදින මානව හිතවාදියා


මළ සිරුරු යනුවෙන් පැවසූ විට එක්කුසේ උපන් අය  පවා අහකබලන් යන යුගයක    තම වයෝවෘද්ධ 
දෙමාපියන්ගේ දේහයන් පවා ආරෝග්‍යශාලාවට, වැඩිහිටි නිවාස වලට භාරකරමින්  දරුවන් මගහරින යුගයක.මිනිසා වෙනුවෙන් කුමන මිනිසෙක්ද...

ඹහුමය සැබෑ මිනිසා... යන ප්‍රතිපත්තියෙන්

වර්ෂ 1974 සිට මේ දක්වා පුරා අවුරුදු 50 කට ආසන්න කාලයක් 20'000 ට අධික මෘතදේහයන් විවිධාකාර පසුබිම්වල සිට එයින් මුදවා අවශන් කටයුතු දක්වාම තම පෞද්ගලික ධනයෙන් මිලදී ගත් වාහනයක ( හදිසි ආපදා සේවය ) යනුවෙන්  ක්‍රියාත්මක වන දැහැමි මනුෂ්‍යත්වයෙන් හෙබි මිනිසෙකු නම් ඹහු නමින්  මොහොමඩ් හුසේන් රෂාද්( හුසේන් බෝල්ට් ) වේ.

තම 17 වන වියේදී තම සීයාගේ මහජන සේවයේ පූර්වාදර්ශය පසුබිම් කරගනිමින් මෙම සත් ක්‍රියාව ආරම්භ කල ඹහු මේ වනවිට තම 70 වැනි වියේ පසුවන්නකි.

තවද කොළඹ ප්‍රදේශය තම නිජබිම කරගත් මහත්මයෙකි.
තම දඩබ්බර තාරුණවියේදී ඹහුගේ මුතුන් මිත්තන්ගේ මාර්ගෝපදේශය හරහා මෙම සත් ක්‍රියාව පටන්ගත් මොහු සර්වබලධාරියාණන්ගේ ආශිර්වාදයෙන් වර්තමානයේ තම වයස්ගත කාලයේ  පවා මානව හිතවාදයට ආදරය කරන මෙම සත්කාරයේ නියැලී සිටී.

මෙකී සැදැහැවතානන්ගේ මෙම මහගු කර්තව්‍යය ඉදිරියටත් ඒ ආකාරයෙන් කරන්නට ශක්තිය ,ධෛර්යය, වීර්යය ,වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

වරෙක තම මෙහෙවර පිළිබදව අප හා අදහස් හුවමාරු කරගත් ඹහු මෙලෙස තම හඬ විවර කළේය.

මම මාගේ මෙම සමාජ  සත්කාරය පැය 24 පුරාම කරන්නට සූදානමින් සිටිමි.

කිසිසේත්ම මෙය කිසිදු ලෞකික ලාභ ප්‍රයෝජනයක්  අරමුණු කරමින් නොකරමි.

හැරුණු කොට මාගේ එකම අභිප්‍රාය වනුයේ සර්වබලධාරියාණන්ගේ තෘප්තිය ලබාගැනීම සහ මානව හිතවාදය ආරක්ෂා කරමින් ඹහුගේ කරුණාවට ප්‍රාත්‍රවීමයි.

මේ නිසා මා සොයා එන  දුප්පත් ,අසරණ , අහිංසක ජනතාවට පිහිට වීම සහ එවැනි අයව සොයාගොස් උපකාර කිරීමත් මාගේ ප්‍රතිපත්තියකි.
මේ සියල්ලක්ම හදපිරි සතුටෙන් මා ඉටුකරනුයේ සර්වබලධාරීයාණන්ගේ නාමයෙන් පමණකි.

හුදෙක්ම ආරෝග්‍යශාලාවලින් ඉවත් කරන මෘතදේහයන් පමණක් නොව හදිසි අනතුරු වලින් බරපතල හානිදායක ලෙස මියගිය මෘත දේහයන්,මුහුදේ,ගඟේ,ඹයේ  ගිළී දින කිහිපයකින් අනතුරුව  සොයාගත්  මෘතදේහයන්,ඒ වගේම අයිතිකරුවන් නොමැති , භාරගන්නට කෙනෙකු නැති,ආදරය දක්වන්නට, කෙනෙකු නැති අනාත දේහයන් වැනි අති විශාල මෘතදේහයන්හට කරණාව දක්විමින් ගෞරවනීය ලෙස භූමිදානය කිරීමේ කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමේ භාග්‍ය සර්වබලධාරියණන් විසින් මා හට ලබා දී ඇත.

 
අල් හම්දු ලිල්ලාහ්
සියලුම ප්‍රශංසා ඹහුටම අයිතිවේ.

මෘතදේහයන්ට පමණක් සීමා නොවී හදිසි තත්වයේ ඇති අසරණ රෝගීන් , ඒ වාගේම දරුවන් ලැබෙන්නට ප්‍රසූත වේදනාවෙන් සිටින මව්වරුන්ට පවා ස්වෙච්ඡාවෙන් පිහිටවීමේ භාග්‍ය මට ලැබී ඇත.

මේ ආකාරයෙන් තම සමාජ මෙහෙවර පිළිබදව හදපිරි සතුටින් ප්‍රකාශ කරමින් සිටි සහෝදර හුසේන් රෂාද් මහතා අද දිනයේ පවා මෘත දේහයන් 5 ක සම්පූර්ණ වැඩ නිමාකරමින් පැමිණි බව අප ඉදිරියේ දයාන්විත ලෙස ප්‍රකාශ කරමින් සමුගත්තේය.

සර්වබලධාරියාණෝ මොහුගේ සියලුම සත් ක්‍රියාවන් පිළිගෙන ඹහුට නිරෝගී සම්පන්න දීර්ඝායුෂ ලබාදෙත්වා....!
එම්.එච්.එමි නියාස් (සාම විනිසුරු මුළු දිවයිනටම)
සභාපති:
මීඩියා ලින්ක්,
අල් අස්ලාෆ්  මුතුන් මිත්තන්ගේ අනුස්මරණ සංසදය.

Post a Comment

0 Comments