

2
සංස්කෘතිය හා සමාජානුයෝජනය
පහත සඳහන් කොටස “සමාජ විද්යාත්මක දැනුම - න්යාය සහ ව්යවහාරය - Sociology Matters by Richard T. Schaefer” යන ග්රන්ථයෙන් උපුටා ගන්නා ලදී.“සමාජානුයෝජනය (Socialization) ලෙස හඳුන්වන ක්රියාදාමයක් මගින් දරුවන් දැන ගන්නා ප්රධාන ආකල්පයන්ට ඇගයුම් වලට සහ චර්යාවන්ට ද සංස්කෘතිය බලපායි. දරුවෙකුගේ පෞරුෂත්වයට ද එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගෙන් වෙනස් කෙරෙන පුද්ගල ගතිලක්ෂණ ආකල්ප අවශ්යතා සහ චර්යාවන් කෙරෙහි ද එය බලපෑ හැකිය. ජීවිත කාලය පුරා මිනිසුන් ගන්නා භූමිකාවන් සහ ඔවුන් එක් ජීවිත අවධියකින් තවත් අවධියක ට යාමේ දී සහභාගී වන උත්සවයන් සංස්කෘතිය නියම කරයි. එය පවුලේ පාසලේ සහ සම මත කණ්ඩායම් වල සිට ජනමාධ්යය සේවා ස්ථානය සහ රාජ්යය තෙක් ඉතාම මුලික සමාජ ස්ථාපනයන් හැඩගස්වයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම් සංස්කෘතිය ‘සියල්ල වසා පැතිරේ”.
සංස්කෘතිය සහ සමාජය
සංස්කෘතිය යනු සමාජමය ලෙස විකාශනය වී ඇති චාරිත්ර වල, දැනුමේ, භෞතික වස්තු වල, සහ චර්යාවේ සමස්තයයි. ජන කණ්ඩායම් වල සංකල්පයන් ඇගයුම් චාරිත්ර සහ මානව කෘති එයට අයත් වේ. සෑම ජන කොට්ඨාසයකටම ආහාර එක් රැස් කිරීමේ සහ පිළියෙල කිරීමේ නිවාස ඉදි කිරීමේ පවුල නිර්මිත කිරීමේ සහ හරි වැරැද්දේ ප්රමාණිකයන් ට අනුබල දීමේ ස්වකීය ආකාරයන් සහිත ආවේණික සංස්කෘතියක් තිබේ. එකම සංස්කෘතියක් අනෙක් අය සමග බෙදා ගැනීමේ සාධකය මත ඔබ අයත් වන කණ්ඩායම හෝ සමාජය නිශ්චය කිරීමට ආධාරකයක් වෙයි. සමාජයක් යනු මානව කණ්ඩායමේ විශාලතම ස්වරූපයයි. පොදු උරුමයක් සහ සංස්කෘතියක් බෙදා ගන්නා මිනිසුන්ගෙන් එය සමන්චිත වෙයි. සමාජයේ සාමාජිකයන් මෙම සංස්කෘතිය දැන ගන්නා අතර එය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක ට විකාශනය කෙරෙයි.
සංස්කෘතික පොදුතාවන්
සියලු සමාජයන් ඒවායේ වෙනස්කම් නොතකමින් සංස්කෘතික පොදුතාවන් යනුවෙන් ප්රකට නිශ්චිත පොදු භාවිතයන් වර්ධනය කර ගෙන තිබේ. බොහෝ සංස්කෘතික පොදුතාවන් මිනිසුන්ගේ ආහාර, ඇඳුම් සහ නිවාස වැනි පොදු මුලික මිනිස් අවශ්යතාවන් සපුරා ගැනීමෙහිලා අනුවර්තනය වී ඇත. ජාතික දිනය, ජාතික ගීතය, ජාතික වීරයින්ගේ දිනය, නිදහස් දිනය ආදී පොදු කර්තව්යයන් මෙන් ම එයට බැඳුනු උත්සවයන් ද පොදු සංස්කෘතියේ අංග ලෙස දැක්විය හැක.
ගෝලීය සංස්කෘතික යුද්ධය
“ෂාලම් ෂ්වාට්ස් නමැති මනෝ විද්යාඥයා විසින් රටවල් 60 කට වැඩි සංඛ්යාවක ඇගයුම් තක්සේරු කර තිබේ. “සමාව දීම සහ රිස්සීම” වැනි යහ ලක්ෂණ ‘කෘත්යවාදී’ සංස්කෘතියේ අංග ලෙස සැලකේ. ඊට ප්රතිවිරුද්ධ ව මිනිසුන් සහ සම්පත් මත පාලනය හෝ අධිපතිභාවය සංඝට්ටනවාදී නොහොත් අධිපතිවාදී සංස්කෘතියේ ලක්ෂණ ලෙස දැක්වේ”. (“සමාජ විද්යාත්මක දැනුම - න්යාය සහ ව්යවහාරය - Sociology Matters by Richard T. Schaefer”)
සංස්කෘතිය සහ අධිපතිවාදී මතවාදය
සංස්කෘතිය සහ සමාජය අන්යෝන්ය ලෙස ආධාරක බවට කෘත්යවාදී හා සංඝට්ටනවාදී න්යායිකයන් එකඟ වෙති. සමාජ ස්ථාවරත්වය ට සමාහිතයක් සහ සමාජයේ සාමාජිකයින්ගේ සහය අවශ්ය වන බව කෘත්යවාදීන්ගේ මතය වේ. ප්රබල කේන්ද්රීය ඇගයුම් සහ පොදු ප්රතිමානයන් එම සහය සපයයි. එය සංස්කෘතියක ගති ලක්ෂණ සංස්කෘතියක් තුළ ස්ථායී කරන මුලාංගයක් වෙයි. කෘත්යවාදී පර්යාලෝකය ට අනුව සමස්ත සමාජ ස්ථාවරත්වය ට සහ සමාහිතය ට අවශ්ය හෝ දායක වන බවට සමාජය ට පෙනී යන කෘත්යයන් එය ඉටු කරන්නේ නම් සංස්කෘතික ගති ලක්ෂණයන් හා භාවිතයන් දිගට ම පවතිනු ඇත.
පොදු සංස්කෘතියක් පැවතිය හැකි බවට සංඝට්ටනවාදීන් එකඟ වෙති. එහෙත් එය නිශ්චිත කණ්ඩායම් වල වරප්රසාද පවත්වා ගෙන යාමට මෙහෙයක් කළ යුතු බවට ඔවුහු තර්ක කරති. එපමණක් නොව ඔවුන්ගේ ස්ව අභිමතාර්ථය ආරක්ෂා කර ගැනීම තුළ බලගතු කණ්ඩායම් අනෙකුත් සුළු හා දුබල කණ්ඩායම් තමා ට යටහත් තත්ත්වයක තබා ගැනීමේ අරමුණ මේ තුළ අන්තර්ගතය. සංඝට්ටන පර්යාලෝකය ට අනුව අධිපතිවාදී මතවාදය ට සමාජ වැදගත්කමක් තිබේ. සමාජයක ඉතාම බලගතු කණ්ඩායම් සහ ස්ථාපනයන් ධනය සහ දේපළ පාලනය කරන අතර ඊටත් වඩා වැදගත් වන්නේ ඒවා ආගම් අධ්යාපනය සහ ජනමාධ්ය මගින් සාධාරණීය කරන මතයන් ඇති කිරීමේ ක්රමයන් ද පාලනය කිරීම ය. ශ්රී ලාංකේය අන්තවාදී ආගමික සංවිධාන ඉදිරිපත් කරනුයේ මෙවන් මතවාදයක් ය. රටේ පැවතිය හැක්කේ එක් සංස්කෘතියක් පමණක් වන අතර එය සිංහල බෞද්ධ සංස්කෘතිය විය යුතු බව ඔවුන්ගේ මතයයි. අනෙකුත් වාර්ගිකයින්ගේ හා ආගමිකයින්ගේ අයිතිවාසිකම් මෙන් ම වත් පිළිවෙත් වලට මෙමගින් සිදු වනුයේ අති විශාල අනර්ථකාරී බලපෑමකි. මෙම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය සමාජ යහ පැවැත්ම ට කිසිසේත්ම සුදුසු පිළිවෙතක් නොවන හෙයින් මෙම විනාශකාරී ව්යායාම ය පරාජය ට පත් කිරීම ශ්රී ලංකා වාසී සැමගේ වගකීමක් ලෙස අපි දකින්නෙමු. බෞද්ධ භික්ෂුණ් පිරිසකගේ මූලිකත්වයෙන් සමාජගත කරන්න ට වෙර දරන මෙම පිළිවෙත බුදුන් වහන්සේගේ පිළිවෙත ට හා ඉගැන්වීම් වලට සහමුලින්ම පටහැණි එකකි.
(TO BE CONTINUED)





0 Comments