
තෙරුවන් නැමද මහා පින් පෙත් පූරාගෙන
දෙගුරුන් නැමද ආසිරි සෙත් ලබාගෙන
ගුරුවරු නැමැද හොඳ ඔවදන් අසාගෙන
දෙවියන් නැමද දෙවි පිහිටත් ඉල්ල ගෙන
කලයුතු කිමද එය නිසි ලෙස කරමින් නේ
ගුණනැණ වඩා සැමටම සෙත සදමින් නේ
මිතුදම් වඩා හැම දන මන සනසමිනේ
හොඳ පුර වැසියෝ වෙමු අපි සැම ලක් දෙරණේ
දකිමින් රට දැයේ ජාතික උස් සිහින
සැරසෙමු කරමු නිසි සැම දේ නිසි ලෙසින
යුතුකම වගකීම අයිතිය සමව ගෙන
සූරකිමූ සදා රට ජාතිය සහ සසුන
දරුවන් තනමූ ගුණ නැණ දෙක දී හොඳට
ආදර්ශයක් වෙමු වැඩි හිටියන් යසට
සහජීවනෙන් සාමෙන් සතුටින් ඉන්ට
අදිටන් කරමු කිසිදා නොම වැරදෙන්ට





0 Comments