SRI LANKA


 

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය(ලිපි,)

                                               1
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය යනු අනුරාධපුරය කේන්ද්‍රකොටගෙන  මෙරට පාලනය කළ කීර්තිමත් පණ්ඩුකාභය රජතුමන්ගේ කාලයේ සිට පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඔහු ක්‍රිස්තු වර්ෂ සතරවැනි ශතවර්ෂයේදී අනුරාධපුරය පාලනය කළේය. 

එනම් ක්‍රි.පූ  437 වන විට ඔහු අනුරාධපුරයේදී තම රාජධානිය ගොඩනගා තිබුණි.. ශ්‍රී ලංකාවේ හතරවැනි රජු වන පණ්ඩුකාභය විසින් අනුරාධපුරය තම අගනගරය ලෙසින් තෝරාගෙන එය නවිකරණය කිරිමේදී  බටහිර දෙසින් පැමිණි යෝනකවරුන්ට වෙනම පදිංචි ස්ථානයක් ද ගොඩනැගු බවට මහාවංශයේ සදහන්වේ. ඒ අනුව යෝනක යනු ඒ් කාලයේදී අරාබිවරුන් හැදින්වීමට යොදාගත් වචනයක් බවට ඉතිහාසය පිළිබද මහාචාර්යවරුන් හා ගවේෂකයන් පිළිගන්නා සත්‍යයකි. ඒ් අනුව මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීමට පෙරාතුව මෙහි අරාබි වෙළෙදුන් වාසය කළ බවට අනුමාණය කළ හැකිය.

ඒ්ත් ඔවුන් මුස්ලිම්වරුන් නොවීය. මන්දයත් ඒ් කාල වකවානුවේ ඔවුන් විවිධ ඇදහිලි සහිත ජනකණ්ඩායමක් වුවා මිස මුහම්මද් නබිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේද ඊට  පසුවයි.

එහෙත් පණ්ඩුකාභය රජතුමන්ගේ කාලයේ සිට මේ රටේ පදිංචි අරාබි වෙළෙදුන්ගේ පරම්පරාවෙන් පැවත එන ජන කොට්ඨාශයක් ලෙසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් හැදින්විය හැකිය.

ඒ් වගේම අරාබිවරුන්ගේ වෙළදාම හා ආගමනය හේතුවෙන් ශ්‍රී ලංකාව වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය විය. ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තිරයේ පිහිටි සිලාවතුරේ (මන්නාරම), පුත්තලම, කල්පිටිය, වැනි තොටුපල මගින් අරාබිවරුන් ශ්‍රී ලංකාවට පැමිණි බවට ඉතිහාසය මගින් තහවුරුවේ.

මන්නාරමේ ඇති යක්ශයාගේ ගස ලෙසින් Biobab tree (බයෝ බැබ් ගස) ද අරාබිවරුන් විසින් මේ රටට ගෙනා ශාක වර්ගයක් බවට මේ වන විට තහවුරුවී තිබේ. අරාබිවරුන්ගේ වෙළෙද භාණ්ඩ රැගෙන යාමට මුල්කාලීනව ඔවුන් භාවිතා කළේ පෝනීයන් ය. ඉන් අනතුරුව වෙළෙද භාණ්ඩ ප්‍රමාණය වැඩිවන විට ඔවුන් ඔටුවන් ද නැව් මාර්ගයෙන් ලංකාවට රැගෙන ආ බවට ඉතිහාසයේ8 ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ.

2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයක අනුව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 ක් පමණ මන්නාරමේ පිහිටයි. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලිගස වර්ෂ 800ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරේ.

උසට සාපේක්ෂව මහතින් වැඩි අසාමාන්‍ය හැඩයක් ඇති ශාකයකි බයෝ බැබ් ශාකය. දකුණු ආසියාවේම මහතින් වැඩිම බයෝ බැබ් ශාකය තිබෙන්නේ අපේ රටේ මන්නාරමේ බව දන්නේ බොහොම ටික දෙනයි.

1477 වසරේදී මේ ශාකය අරාබි ජාතික නැවියන් විසින් මේ ස්ථානයේ සිටුවන්නට ඇති බවට ප්‍රකාශ කරනු ලැබුවද, එහි ගස් කිහිපයක් වසර 800කටත් වඩා පැරණි බව තහවුරුවීමෙන් ඊට පෙරාතුව එම ප්‍රදේශය කේන්ද්‍රකොටගෙන අරාබි වෙළෙන්දුන් විසින් ශ්‍රී ලංකාව හා සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට කරුණු අනාවරණය වේ.

ඒ් වගේම ශ්‍රී ලංකාවේ මුතු කිමිදීමේ මධ්‍යස්ථානයක් ලෙසද මන්නාරම කීර්තියට පත්ව තිබුණි. අරාබි වෙළෙදුන්ගේ වෙළෙද භාණ්ඩ අතරින් මුතු ද ප්‍රධාන තැනක් අත්කරගෙන තිබුණි. එපමණක් නොව මුතු කිමිදුම්කරුවන් හා තොග වෙළෙදුන් වශයෙන් ද අරාබිවරුන් කටයුතු කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

Dr Sriyanie Miththapala විසින් රචිත The Gulf of Mannar and its surroundings නැමැති ග්‍රන්ථයේ මන්නාරම යනු මිනාරා නම් අරාබි වචනයේ සිට පරිවර්තනය වී ඇති බවට සදහන් කරයි. මිනාරා යනු වන්දනීය ස්ථානයකි යන අර්ථයෙන් භාවිතා කෙරේ.  (“Mannar” = Minara — a place of worship).

යුදෙව්, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වල විශ්වාසය අනුව ලෝකයේ පළමු මිනිසා වන ආදම් (ඇඩම්) නබිතුමන් ස්වර්ගයේ සිට මෙලොවට පිටුවහල් කිරීමේදී ඔහු පැමිණියේ ශ්‍රී ලංකාවට බවට විශ්වාසය කෙරේ. ආදම් නබිතුමන් පහළ වු ස්ථානය ලෙසින් ඔවුන් ශ්‍රී පාදය වන්දනාමානය කරන අතර, ඈත ඉතිහාසයේ සිට එම ස්ථානය ඇඩම්ස් පීක් ලෙසින් ද හැදින්වේ. 

ක්‍රි.පු.  334 - 333 කාල වකවානුවේදී ආසියානු මහාද්වීපයේ විශාල භුමි ප්‍රදේශයක් අත්පත්කරගෙන සිටී ඇලෙක්සැන්ඩර් ආධිරාජ්‍යයා, එම ගමනේදී ශ්‍රී ලංකාවට පැමිණ දම්වැල් ආධාරයෙන් ඇඩම්ස් පීක් (සමනළ කන්ද) තරණය කළ බවට ඉතිහාසඥයන් තහවුරු කරයි. ඒ් අනුව ඔහු ඇඩම් හෝ ආදම් නබිතුමන් සම්බන්ධ වන්දනීය ස්ථානයක් ලෙසින් සළකා එහි වන්දනා කළ බවට තහවුරු‌වේ.

ඒ් වගේම ආදම් නබිතුමන් ශ්‍රී ලංකාවේ වර්ෂ ගණනාවක් ජීවත්වීමෙන් අනතුරුව පසුකාලීනව ඉන්දියාව හරහා මැද පෙරදිග කලාපයට ගමන් කළ බවට ජනප්‍රවාදයේ සදහන්වේ. (ref. Mannar : Discovering a land of ancient lore ) එයට ඉතිහාසගත සාක්ෂියක් ලෙසින් එතුමන් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය කළ ස්ථානය ලෙසින් සැළකෙන මන්නාරම් හි තලේමන්නාරම් ප්‍රදේශයේ එතුමන්ගේ හා එතුමන්ගේ භාර්යාව වන ඊවා නොහොත් හව්වා තුමියගේ සොහොන් කොත් දෙකක් පවතී.

මන්නාරමේ සිට අනුරාධපුර අගනගරයට අරාබිවරුන් ගමන් මාර්ගය වන තන්තිරිමලේ, තිසාවැව, රත්මලේ, ඇදගල, වැනි ස්ථානයන් ද කල්පිටිය සිට පැමිණියවුන්ගේ ගමන් මාර්ගය වන කලාවැව, නෑගම යනාදි ස්ථානයන් ද මුස්ලිම් ජනාවාස පැවැති ස්ථානයන් වේ. මේ වනවිටත් කලාවැව හා නෑගම යනු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම මුස්ලිම් ගම්මානයන් වේ.

ඒ වගේම අවුකන බුදු පිළිමය නෙළු ශිල්පියාගේ පරම්පරාව ජීවත්වන්නේ ඊට යාබදව පිහිටා ඇති බලලුවැව නම් මුස්ලිම් ගම්මානයේය. එය නෑගම හා කලාවැව මැදින් පිහිටි මුස්ලිම් ගම්මානයකි. අවුකන බුදු පිළිමය නෙළන්නට පෙරාතුව එම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් ලෙසින් මුස්ලිම්වරුන්ගේ ජනාවාස තිබු බවට එයද කදිම සාක්ෂියකි.

අනුරාධපුර රාජධානියේ අවසන් කාල පරිච්ජේදයේ එනම් මුහම්මදු නබිතුමන්ගේ ආගමනයෙන් පසු ශ්‍රී ලංකාවේ විසු අරාබිවරුන්ගේ පරම්පරාවට අයත් ජනතාව විසින් ඉස්ලාම් ආගම වැළදගැනිමට පටන්ගත් බවට සාධක පවතී. ඒ් වගේම එම ජනතාව ඉස්ලාම් ආගම වැළැදගැනීමෙන් අනතුරුව තම මුතුන් මිත්තන්ගේ ජන්ම භුමිය වු අරාබි දේශයට ගොස් ඉස්ලාම් ආගමේ මූලික හරයන් නිවැරදිව ඉගෙන ගැනීමට කැමැත්තක් දැක්වුහ.

අනුරාධපුර රාජධානියේ දෙවන අග්‍රබෝධි රජු, නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාට ලියූ ලිපිය - මහාචාර්ය දයා අමරසේකඅරාබියේ ඉස්ලාමය හඳුන්වා දුන් විට, ශ්‍රී ලංකාවේ වෙළඳාම් කළ බොහෝ අරාබි වෙළඳුන් රට හැර යාමට තීරණය කළහ.

අරාබි වෙළඳුන් ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම රටේ ආර්ථිකයට විශාල ගැටලුවක් ඇති කරන බව එවකට අනුරාධපුර රාජධානියේ දෙවන අග්‍රබෝධි රජු තේරුම් ගත්තේය. අරාබි වෙළෙඳුන් රට තුළ රැඳී සිටින්නැයි ඉල්ලීමක් කළ ඔහු, අරාබි වෙළඳුන්ට පූර්ණ ආගමික අයිතිවාසිකම් ලබා දෙන බවටත් රජතුමා පොරොන්දු විය.

දෙවන අග්‍රබෝධි රජතුමා විසින් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මුණගැසීමට ඔහුගේ විශේෂ නියෝජිතයෙකු අරාබියේ මදීනා නගරය වෙත යැවීය. රජතුමන් තමන්‌ගේ ලිපියෙන් නබි ත(සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් ගෙන් ඉල්ලීමක් වශයෙන් ඉස්ලාමයේ මාර්ගෝපදේශ ඇතුළත් ලියවිල්ලක් තම දූතයා මගින් එවන ලෙසත්, එමඟින් එය ශ්‍රී ලංකාවේ අරාබි වෙළෙඳුන්ට පහසුවෙන් අනුගමනය කළ හැකිබවත් සදහන් කර තිබුණි.

ලංකාවේ රජුගේ දූතයා ජෙඩා වරායට පැමිණියේය. පසුව ඔහු ගොඩබිමෙන් මදිනා නගරයට පැමිණියේය. ශ්‍රී ලාංකික දූතයා එහි යන විට මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් මෙලොව හැර ගොස් තිබුණි. 

එදින මදීනාහි පාලකයා වූයේ අබුබකර් (රලියල්ලාහ්)තුමාණන්ය. ලක්දිව රජතුමන්ගේ දූතයා ඔහුව මුණගැසී අනුරාධපුර රාජධානියේ දෙවන අග්‍රබෝධි රජතුමන්ගේ ලිපිට ඉස්ලාම් හි පළමු ජනාධිපතිවරයා වන අබුබකර් තුමන් වෙත භාර දුන් බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය දයා අමරසේකර මහතා සදහන් කරයි.

ඒ් වගේම අනුරාධපුර පූජා භුමියට ආසන්නව තිසාවැව ආශ්‍රිතව මුස්ලිම් ගම්මානයක් හා දේවස්ථානයක් පිහිටා තිබු බවට ඉතිහාසය සාක්ෂි දරයි. බ්‍රිතාන්‍යයන් විසින් අනුරාධපුර නගරයේ නවීකරණ කටයුතු පටන්ගැනීමටත් පෙරාතුව එහි මුස්ලිම් ගම්මානයක් පැවැති බවට ලීවර්ස් නැමැති ලේඛකයා (Levers R.W.1899.P-54) තම කෘතියේ සදහන් කරයි.

තිසාවැව ඉවුරේ පැවැති එම මුස්ලිම් ගම්මාන ආශ්‍රිතව සිංහල ජනාවාසයක් ද පැවැති බවටත්, 1845-1850 වර්ෂයන් හි තිසාවැව ප්‍රතිසංස්කරණය කිරීමේ දී එම ගම්මාන දෙකම ඉවත්කරනු ලැබු බවටත් ඔහු තම කෘතියේ සදහන් කරයි.  එහෙත් ක්‍රි.ව. 1870 වසර දක්වා එම මුස්ලිම් ගම්මානයේ පිහිටා තිබු මුස්ලිම් දේවස්ථානය පැවැති බවටත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.  ඒ අනුව ලංකාවේ පැරණි මුස්ලිම් දේවස්ථානය එය විය හැකි බවට අනුමානය කළ හැකිය. එම ගම්මාන ගැන රොබර්ට් නොක්ස් -Robert Knox විසින් රචිත “An Historical Relation of the Island Ceylon” කෘතියේ ද සදහන්වී තිබේ.

ඒ් වගේම 1870 වසර වන විට කලාවැව ප්‍රතිසංස්කරණයේදී වැවේ නැගෙනහිර මායිමේ පිහිටි පැරණි දෙන්නෑව හා බලලුවැව මුස්ලිම් ගම්මානයන් ද එම ස්ථානවලින් ඉවත්කර, වෙනත් ස්ථානයන් හි පදිංචි කරවන ලදී. එහෙත් අද වන විටත් කලාවැවේ දකුණු පසින් පිහිටා ඇති බලලුවැවේ නැගෙනහිර නිම්නයට යාබදව පල්ලි ගල නමින් හදුන්වන ස්ථානයක් පවතින අතර, අතීතයේදී එහි විසු මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයක් එම ස්ථානයේ පිහිටා තිබු බවට එය කදිම සාක්ෂියකි.

අනුරාධපුර යුගයේ මුස්ලිම්වරුන් සම්බන්ධ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී , තවත් වැදගත් කරුණක් සදහන් කළ යුතුව ඇත. එනම් පැරණි රජමාලිගාවන් පිහිටා තිබු ප්‍රදේශයට ආශ්‍රිතව ඔට්ටුප්පල්ලම් ප්‍රදේශයේ පෞරාණික මුස්ලිම් දේවස්ථානයක් ද පිහිටා තිබුණි. 5
එය ඔට්ටුප්පල්ලම් දර්ගා නමින් හා සේගු සික්කන්දර් වලියුල්ලාහ් දර්ගා ලෙසින් ද හැදින්වුණි.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්තවු සේගු සික්කන්දර් වලියුල්ලාහ් නම් මුස්ලිම් සූෆිවරයෙකු අනුරාධපුර රාජධානියේ විසු බවටත්, ඔහු අභාවප්‍රාප්තවු විට එවකට පාලනයේ සිටී සිංහල රජතුමන්ගේ නියෝගය අනුව ඔහුගේ සොහොන රජමාලිගය ආශ්‍රිත ප්‍රදේශයක ඉදිකෙරුණු බවටත් ඉතිහාසය සාක්ෂි දරයි. (එම සොහොන හා ඒ් ආශ්‍රිතව පිහිටා තිබු පැරණි මුස්ලිම් දේවස්ථානයද 2011 වසරේදී ජාතිවාදි රැල්ලකින් උසිගැන්වුණු පිරිසක් විසින් කඩා බිද දමන ලදී.)  ඒ් අනුව අනුරාධපුර යුගයේදී සිංහල රජවරුන් මෙන්ම සාමාන්‍ය සිංහල වැසියන් හා මුස්ලිම්වරුන් අතර දැඩි ලෙංගතුකමක් හා මිත්‍රත්වයක් පැවැති බවට අනුමානය කළ හැකිය.
(මතු සම්බන්ධයි)

Post a Comment

0 Comments