SRI LANKA


 

අනාගත පරපුර වෙනුවෙන් හෝ දේශය රැකගන්නට දැන්වත් සමගිවෙමු "- අන්තවාදී,අවශ්ථාවාදී උන්මන්තකයෙනි......!


ආගම් බේදයෙන්,ජාතිබේදයෙන්, වර්ගවාදී බේදයෙන්, දේශපාලන බේදයෙන් තවදුරටත් මේ උතුම් දේශයේ පුරවැසියන් අතර වෛරය වපුරා බෙදාවෙන්කරමින් විනාශ කරන්නට උත්සාහ කරන්නෙපා....

සිංහල, මුස්ලිම්, කතෝලික, දමිළ යන නාමයෙන් විවිධ ජාතීන් විවිධ ආගම් ඹස්සේ ඈත අතීතයේ පටන් සමීප කාලයක් දක්වාම මේ උතුම් දේශය තුල  බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු යන නාමයෙන් තමන්ටම ආවේනිකවූ දේශයට හිතකර වූත් විවිධ දර්ශනයන්,සංස්කෘතීන් අදහමින් ,පිලිපදිමින් අනුගමනය කරමින් මාතෘභූමියේ අභිමානවත් ජාතික ගීයේ සංකල්පයට අනුව  

 " එක මවකගේ දරු කැළ බැවිනා,යමු යමු වී නොපමා,
ප්‍රේම වඩා සැම බේද දුරැ රදා "....

යන තේමා පාඨයන්ට අනුව එක මවකගේ දරුවන් සේ ගෞතම බුදුරජාණන් වහන්සේ,නබි නායක මුහම්මද් තුමාණන්, ගෞරවනීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ගෞරවනීය හින්දු  ආගමික නායකතුමන්ලාගේ අවවාද අනුශාසනාවලට අනුකූලව කරුණා,මෙත්තා,මුදිතා,උපේබ්බා යන ජාතික ධජයේ සතර කෝනයයන්හි දර්ශනය වන දැහැමි ආඛල්පමය බැදීමකින් ජීවත්වූ සර්ව ආගමික,සර්ව ජාතික දේශයකි.

නමුත් අතිමහත් ඛේදනීය තත්වයනම් සමීප කාලයක පටන් පකෂ දේශපාලන බල අරගලයෙන් සහ ආගමික අන්තවාදී මතයන්හි  මෙන්ම ලෞකික තණ්හාවෙන්ද, විදේශීකයින්ට ගැතිව  ඹවුනේ මිළ මුදල් වලට,තුටු පඩුරු වලට  පෙරේතකමින් උන්මන්තක වූ සුළු පිරිසක් ඹවුන්ගේ යට් උගුල්වලට හසුවී මේ උතුම් දේශය විනාශ කරන්නට,බේදබින්න කරන්නට අර අඳිති.

සමස්ථ  ලාංකික ජනතාවටම ආදරය කරන ලාංකික පුරවැසියෙකු හා  මුස්ලිම් ආගමික නායකයෙකු ලෙසින්ආගමකට,ජාතියකට පමණක් සීමා නොවී සිවළුම ලක් වැසියන් ගෙන් ආයාචනා කරනුයේ...

අපගේ සියළුම ධර්මතාවයන්හට පටහැනිව යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්

ගහපල්ලා,කඩපල්ලා,ගිනි තියපල්ලා,මරාපල්ලා,,,යන පහත් නින්දිත ආකල්පවලින් කැති,පොලු, මුගුරු,අවිආයුධ රැගෙන මනුෂත්වයට එරෙහිව ලාංකික ජාතික අභිමානයට විරුද්ධව වීදී බසිමින් ,අරගල කරමින්,පෝස්ටර්,කටවුට්, අත්පත්‍රිකා,හරහාද විද්‍ය්‍රත් මාධ්‍යය, මුද්‍රිත මාධ්‍ය වගේම වාද විවාද , හා,දේශනා කරමින් තම බෙලහීන වූ උන්මන්තකභාවය සංසිඳුවා ගැනීමට උත්සාහ දරන්නේ නම් අඩුතරමින් වචනයකින් හෝ තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට නැගීසිටීම සියළුම සහෝදර ජාතීන්ගේ,ආගමිකයින්ගේ අති මහත් වගකීමක් ලෙසට පෙන්වාදෙමි.

" සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා"


යන දැහැමි ධර්මතාවයෙන් තම ආගමික පූණර්ජීවනයේ ක්‍රියාවලිය ආරම්භකළ ගෞතම බුදුරජාණන් වහන්සේ,නබි නායක මුහම්මද් තුමාණෝ, ගෞරවණීය ක්‍රිස්තූස් වහනිසේ, ගරු හින්දු ආගමික නායකතුමන් සියළුම මාණවයාගේ විමුක්තිය,නිවන,ස්වර්ගය වෙනුවෙන් පෙනී සිටිමින් 

පරිහානියෙන්,පාපකර්මයෙන්, ඹවුන් ව මුදවා දැහැමි මාවතක් ඹස්සේ සාමකාමී අරගලයකට ප්‍රවිශ්ඨ වූවා මිස කිසිමදාක තම ආගමික ප්‍රතිපත්තිය මුල්කරගෙන කිසිදු සමාජයක් වෛරිය සංඛල්පය ඹස්සේ  බෙදා වෙන්කර  විනාශ කරන්නට උත්සාහ කලේ නැත.

පගේ අසල්වැසි භාරත දේශයෙන්

උන්වහන්සේ තම ආගමික මෙහවර පටන් ගත්තේ තවත් වෙනත් ආගම් 62 ක් ක්‍රියාත්මක වන පසුබිමකයි  නමූත් උන්වහන්සේ කිසිමදාක කුමන හේතුවකටවත් ඒ කිසිදු ආගමක් පහත් කරමින් විවේචනය කළේ ද ආගමික නායකයින්ට අවමන් කළේද, වෛරකළ්ද එම ජාතීන්ට ද්වේශ කළේද නැත.මෛත්‍රී සිතෙන් තොරව කිසිදු පියවරක් නොගත්තේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සුළු කාලයකදී බුදු දහම ව්‍යාප්ත වන්නට පටන් ගත්හ.

එම නිසා සියළුම ජාතීන්,ආගමික සහෘදයින් පළමුව තම ආගම දහම පිලිබදව හොදින් අවබෝධ කරගෙන ඒ ඹස්සේ තමුන්ව මාර්ග ගතකරමින් නිර්මළ කරගන්නාසේම අනෙකුත් ආගම් දහම් පිළිබදව නිවැරදිව හදාරා අවබෝධ කරගත යූතුය.

තවද ඉතිහාසයේ සිදූවූ අශීලාචාර අන්තවාදී ආඛල්පමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසින් සමාජගතවූ බිහිසුණු පහරදීම්,ගිනිතැබීම් පළිගැනීම්,විවේචනයන්, අපහාසය උපහාසයන්

පසුපස කූමන බලවේගයන් හස්තයන් ක්‍රියාත්මක වූවද ඉස්ලාම් දහමට අනුකූලව ඒ සියළුදේම මහා කාරුණික,පරම දයාබර "ඇල්ලාහ් තආලාට" භාරකරමින් ඒ සියළුම  වැරදිකරුවන්ටම  රිඝූමාර්ගය,හා,කරුණාව,දයාව, මෛත්‍රීය,සර්ධාව  උදාවේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන අතර

 මින් ඉදිරියටවත්  තම පැවැත්ම උදෙසා ආගම් දහම් දඩමීමා කරගෙන මේ උතම් දේශය විනශ කරන්නට ,භේද බින්න කරන්නට කිසිවෙකුටත්  ඉඩ ප්‍රස්ථාව ලබා නොගැනීමට දැහැමි  අතිගරු නායක හිමිපාණන් වහන්සේලාගේ මගපෙන්වීම් යටතේ ,ආගමික නායක තුමන්ලාගේ අවවාද අනුශාසනා සමගින් ,පක්ෂ,විපක්ෂ බලධාරීන් ද අති මහත් වගකීමෙන් ක්‍රියා කළයුතුයි.

ඈත රජවරුන්ගේ පාලන සමය පටන් අද දක්වා රාජ්‍යය පාලනය තුල වේවා, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍ය්‍රහය තුල වේවා සියළුම ජාතීන්ට ගරුකරමින් සියළුම ආගම්වලට  ආගමික නිදහස ලබාදෙමින්  ආගමික සංස්කෘතීන්ට මුල්තැනදෙමින් සියළු විදේශීය රාජ්‍යයන් සමග අත්වැල් බැදගනිමින් මුළු විශ්වයටම ආදර්ශමත් දේශයක් ලෙසින් ආර්ථික සංවර්ධනය,ආගමික පුනර්ජීවය සංස්කෘතික සදාචාරයන් වැනි සියළුම අංශයන් හරහා පෝෂනය වෙමින් නිදහස් නිවහල් දේශයක් ලෙස ජීවමානවූ අප දේශය  අගාධයට ඇද දමමින්  සියළු දේ විනාශ කරමින් තම පෞද්ගලික අභිමතාර්ථයන් පමණක් ඉටුකරගන්නට කූමන්ත්‍රණ කරන්නාවූ සියළුම ජාතික හා විජාතික බලවේගවයන්වලට එරෙහිව  නැගීසිට හඪ නගන්නට එකමුතුව එකාමෙන් අප ශ්‍රී ලාංකිකයින් යන ඇභිමානයෙන් පෙළගැසෙමු..........

හොදින් අවබෝධ කරගනිමු.....

ආගමක්,දහමක් රටතුල පෝෂණය වී ව්‍යාප්ත වීම යනු එය තවත් දහමකට හෝ ජාතියකට  හානියක් නොවේ  රටේ වාසනාවකි.

එලෙසම තම ආගමේ,හා ජාතියේ පරිහානියේ වගකීම තමුන් විසින්ම භාරගතයුතු අතර 

ඒ උදෙසා තවත් ආගමකට ,ජාතියකට ඇගිල්ල දිගු කිරීම අසාධාරණයකි.

"දැහැමි සිතින් අවංකව සිතන්න... එවිට  අවබෝධකරගතහැක" ..

වීශිවයේ ආධිපත්‍යයානෙණි,,,,

අප මාතෘ භූමිය සියළුම  උවදුරු වලින් රැකදෙනූ මැනවි....

 ආමීන්....

සටශන
සමස්ථ ලංකා ආගමික දේශක දේශමාන්‍ය දේශබන්දු කෝට්ටේගොඩ ආරච්චි ලෑ ගෙදර හමීඩ් ආරිෆ් කලීලුර් රහුමාන් රඹුක්කන මව්ලව් තුමා..

Post a Comment

0 Comments