1988 කම්කරු පන්තියේ ලෝක නායකයකුවූ ෆෙඩ්‍රික් එංගල්ස්ගේ නායකත්වයෙන් ප්‍රංශයේ පැවති දෙවැනි ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සෑම වසරකම මැයි පළවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ඊට වසර තුනකට පෙර 1986 අමෙරිකාවේ චිකාගෝ නගරයේ හේමාකට් චතුරස්‍රයේදී පැය අටක වැඩමුරයක් ඉල්ලා උද්ඝෝෂණය කළ ඇමෙරිකානු කම්කරුවන්ට එරෙහිව දියත් කළ අමානුෂික තුච්ච පිළිකුල් සහගත ම්ලේච්ඡ ප්‍රහාරයෙන් එම උද්ඝෝෂණයට නායකත්වය දුන් පිරිසක් ජීවිතක්ෂයට පත් කිරීමත්, තවත් පිරිසක් ඊනියා නඩු විභාගයකින් මරණ දඬුවමට පත් කිරීමත්, තවත් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට පත්කිරීමත්, තවත් බොහෝ පිරිසක් කෲර වද හිංසනයට පත් කිරීමත්, ඇතුළු කම්කරු අරගල ඉතිහාසයේ ඉතා සුවිශේෂ වැදගත්කමකින් යුක්ත වූ කම්කරු අයිතීන් උදෙසා වූ නොනවතින අරගලයේ අනුස්මරණීය සිදුවීම් සමරනු වස් හා ඊට ප්‍රණාමය පුද කරනු වස් සේම එවන් අරගලයන්ගේ විශ්ව සාධාරණත්වය ලොවට ප්‍රකාශ කරනු වස් ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කරනූ ලැබිණි.
ඒ අනුව වර්තමානයේ ලොව පුරා බොහෝ රටවල ශ්‍රමය වගුරන පංතිය එම ඓතිහාසික පසුබිමට ප්‍රණාම දක්වමින් ශ්‍රමය වගුරුවා ජීවත් වෙන මිනිසුන්ගේ හඬ අවදි කරන, ඔවුන්ගේ විශ්වීය ගාම්භීරත්වය අභිමානය ලොවට කියාපාන, දිනය වශයෙන් මෙන්ම ඔවුන්ගේ අයිතීන් උදෙසා සටන් කිරීමට සහෝදරාත්මක බැඳීම් ඇති කරගන්නා දිනයක් සහ ඔවුන්ගේ විශ්වීය මෙහෙවර අවධානයට යොමු කරන දිනය ක් ආදී විවිධ අර්ථයන්ගෙන් හා විවිධ ප්‍රමුඛත්වයන්ගෙන් යුතුව මැයි දිනය සමරති.
ඒ අනුව ශ්‍රී ලංකාවේත් 1827 සිට මැයි දිනය සැමරීම ආරම්භ කෙරිණි. විවිධ වෘත්තීය සමති කම්කරු සංවිධාන හා ඔවුන් සමඟ එකතු වූ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානද එක්සත්ව හා වෙන් වෙන්ව වර්තමානයේ අපේ රටේ මැයි දිනය සමරනු ලබති ලංකාවේ බොහෝසෙයින් මැයි දිනය සැමරීමේදී එයට සහභාගී වන පිරිස් අතර කුමන හෝ වෘත්තිය සමිතියකට සම්බන්ධ පිරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරේ. මැයි දිනය සැමරීමේ පෙළපාලි සඳහා යම් යම් දේශපාලන පක්ෂ වටා ගොනූවූ හෝ ස්වාදීන වෘත්තීය සමිති හැරුණු විට වෘත්තිය සමිති සාමාජිකත්වයක් නොදරන විවිධ මට්ටමෙන් ශ්‍රමය වගුරුවා ජීවත් වන පිරිස් ද සම්බන්ධ වෙති. නමුත් ඔවුන් එසේ සම්බන්ධ වන්නේ සහ සම්බන්ධ කරගන්නේ යම් දේශපාලන දහරාවක සාමාජිකයන් හෝ හිතවතුන් වශයෙනි.
වෘත්තීය සමති වලට බැහැරින් සම්බන්ධ වන පිරිස් බොහෝ විට මැයි දින රැලිවලට සම්බන්ධ වෙන්නේ සිය පන්ති යුතුකම ඉටු කිරීමට වඩා දේශපාලන යුතුකම ඉටුකිරීමක් වශයෙන් වගද ප්‍රකට කරුණකි.
ශ්‍රී ලංකාවේ මැයි දින සැමරීම අද එලෙස බොහෝ සෙයින් දේශපාලන කරණීයවී තිබේ. මැයි පෙළපාලි සහ රැලි පැවැත්වෙන්නේ දේශපාලන පක්ෂවල නායකත්වයෙන් මිස බොහෝ සෙයින් වෘත්තීය සමැතිවල සහ කම්කරු සංවිධාන වල නායකත්වයෙන් නොවේ මෙම සන්දර්භය තුළ මැයි දින සැමරීමෙන් ඔබ්බට එලෙස මැයි දින පෙළපාලි හා රැස්වීම්වලට වලට සහභාගීවන වෘත්තිය සමිති සාමාජිකයන් නොවන ශ්‍රමය වගුරුවා ජීවත් වන පිරිස් ගැන මැයි දිනයට සහභාගී වන වෘත්තිය සමිතිවල සහ දේශපාලන පක්ෂවල අවධානය යොමු වන්නේ අල්ප වශයෙනි.
බොහෝවිට එම පිරිස් නැවත අමතනු ලබන්නේ ඊළඟ මැයි දින පෙළපාලියට හෝ රැස්වීමට සහභාගී කරගැනීමටයි.
දේශපාලන පක්ෂ පොදුවේ දරිද්‍රතාවය විරැකියාව ජීවන වියදම ඉහළ යෑම වැනි කාරණා පිළිබඳ අවධානය යොමු කළත් සමස්ථ ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය සහ එහි සුවිශේෂී කණ්ඩායම් කෙරෙහි පුළුල් අවබෝධයකින් හා දැක්මකින් කටයුතු නොකරන බව මෙනයින් පෙනී යයි.
මේ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහ තුළ විසර සිටින ශ්‍රමය වගුරුවා ජීවත්වන ශ්‍රමිකයන්ගේ වෘත්තීමය ගැටලු සමාජ ආර්ථික ගැටලු සහ වෘත්තීමය අපේක්ෂාවන් මෙන්ම ඔවුන්ගේ පංතිමය අපේක්ෂාවන් ද මැයි දින සැමරුම් තුළින් ආමන්ත්‍රණය කිරීම සිදුවීමක් නොවන බව සුපැහැදිලිය.
ලංකාවේ ශ්‍රමිකයන්ට රැකියා සැපයෙන රාජ්‍ය අංශය අර්ධ රාජ්‍යය අංශය සහ පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන අංශය යන අංශ සියල්ලගේම ශ්‍රමය වගුරන්නන්ගෙන් අති බහුතරයක් ශ්‍රමික ප්‍රජාව වෘත්තිය සමතිවල සාමාජිකයන් නොවෙති. නොඑසේ නම් ඔවුන් වෘත්තිය සමිති ප්‍රවාහයට ඇතුළත් කරගෙන නැත. ඒ සඳහා වූ පුළුල් දැක්මක් හෝ වැඩපිළිවෙලක් වෘත්තිය සමති වලටත් ඒවාට දේශපාලන නායකත්වය සපයන දේශපාලන පක්ෂවලටත් නොමැති බවද ප්‍රකට කරුණකි.
අනෙක් අතට රජය මෙන්ම පෞද්ගලික අංශය ද ශ්‍රමිකයන් වෘත්තිය සමති වටා ඒකරාශී වීම හා සංවිධානගතවීම දුර්මුඛ කරන ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීමද ශ්‍රමිකයන් වෘත්තීය සමිති සාමාජිකත්වය ලබා ගැනීමට හෝ වෘත්තීය සමිති ඇති කරගැනීමට පසු බස්සවන සාධකයක්ව පවතී රැකී රක්ෂා වෙළඳපොලේ පවතින. වැඩි රැකියා ඉල්ලුම සහ අඩු රැකියා සැපයූම මත ශ්‍රම වෙළඳපොළේ අතිරික්තයක් පැවතීමද මතුකී තත්ත්වය කෙරෙහි වාස්තවික වශයෙන් බලපාන එක් සාධකයක්ව පවතී.
තවද කම්කරු පන්තිය නගා සිටුවීමේ දැක්ම ඇති සූරා කෑමට එරෙහිවන පළල් චින්තනයකින් යුත් ආකර්ෂණීය නායකත්වයකින් හෙබි නායකත්වයන් නොතිබීමද ඉහත තත්ත්වය කෙරෙහි බෙහෙවින් බලපා තිබේ.
1980 එක්සත් ජාතික පක්ෂ ජේ. ආර්. ජයවර්ධන රජය හතළිස් දාහකට පමණ රැකියා අහිමි කරමින් ඒ වන විට යම්තාක් දුරකට ශක්තිමත්ව පැවැති ශ්‍රී ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය ත්‍රස්ත කිරීමෙන් ඇති කළ කම්පනය තවමත් පහව ගොස් නොතිබීමත් ඉහත තත්ත්වය ඇතිවීමට තවත් එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැකිව තිබේ.
1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත නව සියවසේ විද්‍යා තාක්ෂණ හා තොරතුරු ක්ෂේත්‍රයන්ගේ දියුණුවත් සමඟ ඇතිවී ඇති වෙනස්කම්වලට අනුරූප වන ලෙස වෙනස් වී නොමැතිකමද මතූකී තත්ත්වයට බලපාන තවත් එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය.
මේ සියල්ලටම වඩා ප්‍රබල හේතුව පවතින්නේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය දේශපාලනය කරණය වීමෙන් තමන්ගේ ගොඩ වැඩි කරගෙන බලය පෙන්වීමේ අරමුණින් සාමූහික කේවල් කිරීමෙන් බැහැරව දේශපාලන අනුග්‍රහය හෝ පක්ෂපාතිත්වය මත කම්කරු ප්‍රශ්න විසදා ගැනීමට උත්සුක වන ප්‍රවණතාවයක් ඇතිව පැවතීමයි.
වෙනත් වචන වලින් කියනවා නම් වෘත්තීන් වශයෙන් සහ පන්තියක් ලෙස එක්සත්ව කටයුතු කිරීමෙන් බැහැරව පාට පක්ෂ අනුව ශ්‍රමික ජනතාව බෙදා වෙන් කරන වෘත්තිය සමිති පරිචයක් සහ දේශපාලන භාවිතයක් පැවතීම මතු සඳහන් කළ කම්කරු හිතෛෂී පුළුල් දැක්මකට සහ වැඩපිළිවෙළකට පවතින ප්‍රධාන බාධකයව පවතී .
මෙම ඛේදජනක තත්ත්වය යටතේ පෙර කී ලෙසින් ශ්‍රමය වගුරා ජීවත්වන විශාල පිරිසක් හුදකලා කරනු ලැබ සිටී. අවිධිමත් අංශයේ සේවකයන්, කාලීන වැඩ කරන ශ්‍රමිකයන්, ගෘහස්ථ සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සේවකයන්, දේශීය හා විදේශීය සංචාරක ශ්‍රමිකයන්, කෑලි මිම්මේ හෝ වෙනත් ගිවිසුම් මත සේවය කරන ශ්‍රමිකයන් නිවසේ සිට වැඩ කරන සේවකයන් (work from home labour)අර්ධ කාලීනව වැඩ කරන ශ්‍රමිකයන් නිශ්චිත ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් පදනමට වැඩ කරන සේවකයන් ආදී ශ්‍රමය වගුරවන බොහෝ දෙනා ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ අවධානයට යොමුවී නොමැත ඔවුන් එම ප්‍රවාහයෙන් පිටමන්කර තිබේ.
එනිසා ඔවුන් වෘත්තිය සමිති රැකවරණයෙන් මෙන්ම නිසි සමාජාරක්ෂණ හා දේශපාලන රැකවරණයෙන්ද බැහැර කර තිබේ.
මෙම තත්ත්වය තුළ මේ බොහෝ පිරිස් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත්ව විවිධ සූරාකෑම්වලට ලක් වෙමින් සිටී.
ලංකාවෙන් අවුරුද්දකට විදේශ රටවල සේවය සඳහා යන ලක්ෂ හතරකට වැඩි ශ්‍රමිකයන්ගෙන් සැලකිය යුතු අනුපාතයක් මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත් වෙති.
එසේම ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහෙන්ම ගමෙන් නගරයට හෝ තම ජීවන පරිසරයෙන් බැහැරට ගොස් සේවය කරන බොහෝ කම්කරුවන් අපරාධමය වරදක් වන මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත් වෙති ඔවුන් මිනිස් වෙළඳාම් කරුවන්ගේ රැකියා කොන්දේසි ගැන කියන බොරුවලට හසුවෙති. ලැබෙන බවට ප්‍රකාශකරන රැකියා වරප්‍රසාද නොලැබ රැවටීමට ලක්වෙති. රැකියාව ලබාදීම වෙනුවෙන් ඉල්ලා සිටින ගාස්තු හෝ වෙනත් වරදාන වරප්‍රසාද මිනිස් වෙළඳාම් කරුවන්ට ලබාදී වංචාවට හසුවෙති. එපමණක් නොව ශ්‍රම සූරා කෑමට ලිංගික සූරා කෑමට ශාරීරික අවයව ඉවත් කර ගැනීමට
සහ වෙනත් සූරාකෑම්වලට ඔවුහු ගොදුරු වෙති.
මෙම තත්ත්වයන් ගැන වෘත්තිය සමිතිවල අවධානයක් නැත මැයි දිනය රැලිවල අවධානයක් නැත. ශ්‍රී ලංකාවෙන් බැහැරව මැද පෙරදිග සහ වෙනත් රටවල ශ්‍රි ලාංකිකයන් මිලියන එකයි දශම හතක් පමණ සේවය කරන බව ශ්‍රි ලංකා මහ බැංකුව කියයි ඔවුන් එම විදේශ රටවල එම රටවල කම්කරු වලට හිමි අවාසිකම් හා වරප්‍රසාද නොමැතිව වෙනස් කොට සැලකීමට ලක්වෙති. විවිධ තාඩන පීඩන වලට ලක්වෙති. අනාරක්ෂිතව සේවයේ යෙදති. සූරා කෑමට ලක්වෙති.
නමුත් අපේ රටේ වෘත්තීය සමිති හෝ ඒවාට දේශපාලන නායකත්වය දෙන දේශපාලන පක්ෂවල අවධානයට ඒ කිසිවක් ලක්වී නැත. ඔවුනුත් අපේ රටේ කම්කරුවන්ය ඔවුන් ගැන එකම මැයි රැළ එකේදීවත් අවධානය යොමු වන්නේද?
අපේ රටෙන් විදේශ රටවල අධ්‍යාපනය සඳහා යන දරුවන් බොහෝ දෙනා අර්ධ කාලීන රැකියාවල නිරත වෙති. ඔවුන් ද මතුකී තත්ත්වයන්ට බෙහෙවින් ලක් වෙති
ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීය සමිති වලට සහ එම සමතිවලට දේශපාලන නායකත්වය දෙන දේශපාලන පක්ෂ වලට වගකීමක් නැද්ද?
වෘත්තිය සමිති අයිතිවාසිකම මූලික අයිතිවාසිකමකි. මානව හිමිකමකි. එනිසා එම අයිතිය උල්ලංඝනය කළ නොහැක්කකි. ලංකාවේ වෘත්තිය සමති ව්‍යාපාරයට සහ මැයි දින සැමරුම් සංවිධානය කරන්නන්ට ආපසු සිතන්නට මෙම තත්වයන් අවකාශයක් නොවන්නේද?
අප 2024 මැයි දිනය සමරනු ලබන්නේ
ශ්‍රමය වගුරා ජීවිතය ගැටගසා ගන්නා
බහුතරයක් හුදකලා කොට අමතක කොට
බැහැර කොට නම් මැයි දින සැමරීමේ
සැබෑ අර්ථයෙන් අප මැයි දින සමරනවා ද ?
යන්න අපෙන්ම විමසා බැලිය යුතු නොවේද?
විශ්ව කලා විගමණික සංසදයේ සභාපති
සරත් කුමාර දුල්වල
0 Comments