SRI LANKA

ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය සහ උදාරත්වය සමරමූ

ලොව වටා ජාතින් බොහොමයක් මවටත් මාතෘත්වයටත් ගරු කිරීම සහ ඇගයීම උදෙසා වසරකට වරක් සැමරුම් දිනයක් වෙන්කර තිබේ. එම දිනය රටින් රටට වෙනස් වුවත් බොහෝවිට මාර්තු හා මැයි මාසවල දී මවුවරුන්ගේ දිනය සමරන ජාතීන් බහුලව දක්නට ලැබේ. ශ්‍රී ලාංකික අපිද මෑතක සිට මව්වරුන්ගේ දිනය සැමරීමට බොහෝ භක්තියෙන් උනන්දුවෙන් කටයුතු කරනවා.

ක්‍රිස්තුපූර්ව යුගයන් වල පවා මාතෘත්වය ලෝකය සමරනු ලැබූ බවට සාධක හමුව තිබෙනවා. අතීත ග්‍රීක සහ රෝමානුවන් මේ අතරින් විශේෂයි. සුළු ආසියාවේ වන්දනාමාන කෙරුනූ "කිබලේ" නම් මාතෘ දේවතාව පිදීමට රෝමානුවන් විසින් "හිලේරියා "නම් උත්සවයක් පවත්වනු ලැබුවා .එමෙන්ම "ඊආ" නම් මාතෘ දේවතාවිය පිදීමට පුරාතන යුගයේ මෙවැනි උත්සව පැවැත්වුණා. මෙම චාරිත්‍ර විධි වල බලපෑමෙන් වර්තමානයේ මවුවරුන්ගේ දිනය බිහි වූවා යැයි මතයක් පැතිර තිබෙනවා. එනමුත් එහි සත්‍යතාවයක් නැහැ .කෙසේ නමුත් සූළුතරයක් සංස්කෘතීන් සහ ජාතීන්වලට අයත් ජනයා පුරාතනයේ සිට පැවත එන මෙම උත්සවයන් ආශ්‍රිතවද මවුවරුන්ගේ දිනය සැමරුවා වීමට ඉඩ තිබෙනවා.

වර්තමානයේ අපි සමරන මව්වරුන්ගේ දිනය ප්‍රථම වරට සැමරුමවේ 1908 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ දී ය. ඇනා ජාර්විස් නම් සමාජ ක්‍රියාකාරිකයන් විසින් ග්‍රැස්ටන් හි ශාන්ත ඇන්ඩ්රුගේ මෙතෝදිස්ත පල්ලිය දී තම මව අනුස්මරණය කරමින් පැවැත්වූ උත්සවයක් මෙම ජාත්‍යන්තර සැමරුම් දිනයට උපත ලබා දුන්නා. 1905 වසරේ සිටම මෙය නිල සැමරුම් දිනයක් බවට පත්කිරීමට ජාර්වේස් මහත්මිය උත්සාහ ගනිමින් සිටියා .1908 දී ඇමරිකානු කොංග්‍රසය විසින් මෙම දිනය නිලවශයෙන් පිළිගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් ඉවත දැම්මේ ඉන්පසු නැන්දම්මා වරුන්ගේ ද දිනයක් ද හඳුන්වා දීමට සිදු වනු ඇතැයි කියමිනි. කෙසේ නමුත් ජාර්විස් මහත්මියගේ උත්සාහයද ජනතා සහායද නිසා 1911 දී ඇමරිකා එක්සත් ජනපදය මෙම උත්සවයේ නිල වශයෙන් සමරනු ලැබුවා.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ මෙම දිනය ආරම්භ වූයේත් ලොව පුරා සැමරෙන්නේත් මවගේ දිනය එනම් "mother s day" යනුවෙන් මිස අප දැන් සඳහන් කරන ආකාරයට සියලු මව්වරුන්ගේ දිනය ලෙස නොවේ. මෙම දිනයට උපත ලබාදුන් ජාර්වේස් මහත්මිය විශේෂයෙන්ම අවධාරණය කළේ මෙම දිනයේදී සිදුවිය යුත්තේ සෑම පවුලක් විසින් ම එම පවුලේ මවට උපහාර පිදීම විනා සමස්තයක් ලෙස මව්වරුන්ට උපහාරය කිරීම නොවන බවයි. කෙසේ නමුත් වර්තමානයේ දී එම මූලික අරමුණ වෙනස් වී තිබෙනවා.

1908 දී පලවෙනි මව්වරුන් ගේ දිනය සැමරෑ පල්ලිය වර්තමානයේ දී ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයේ දේවස්ථානය ලෙස හැඳින්වෙනවා.

මව්වරුන්ගේ දිනය ලොව වටා රටවල් 46ක සැමරෙනවා මේ රටවල් අතරින් බොහෝමයක් ඇමරිකා එක්සත් ජනපදය අනුගමනය කරමින් මැයි මස දෙවන ඉරිදා දිනයේදී මෙම උත්සවය සමරනවා. ඇතැම් කතෝලික රටවල කන්‍යා මරියතුමියගේ උපන් දිනයති තවත් රටවල් කාන්තා දිනයේදීත් මෙම උත්සවය සමරනු ලබනවා. මෙම දිනයේදී බොහොමයක් ජනයා තම මව වෙනුවෙන් පල්ලියකදී යාච්ඤා කරන අතර තම මව කෙරෙහි ඇති ආලය දැක්වීම පිණිස ත්‍යාගයක් මල් කළඹක් ලබා දීම ආදිය කරනවා.

තුන් කල් දකින්නී
ආදරය පුදන්නී
දිරියම වඩන්නී
දරුවන් රකින්නී
අද මව්වරුන්ගේ උත්තරීතර භාවය සැමරීම සඳහා ඊට ගෞරව දැක්වීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති දිනයයි. අප විශ්වාස කරන අන්දමට අම්මාවරුන් සහ ඔවුන්ගේ උත්තරීතරභාවය සෑම දිනකම ගතවන සෑම තත්පරයකදීම ලොව කොතනක හෝ සැමරෙන්නකි. ලොවේ ගතවෙන සෑම තත්පරයකදීම ලොවේ කොතනක හෝ පුද්ගලයෙක් මව්ගුන සමරනවා නියතය. අම්මාවරුන්ගේ ගුණය බුදුගුණ සේම සදාකාලිකය. උත්තරීතරය වන්දනීයය. පූජනීය. එසේම පුරුෂයෙකු වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ට තිලෝගුරු අමාමෑණි, වශයෙන් සඳහන් කර බුදුගුණ සහ මව් ගුණ සමාන කොට තිබෙනවා බෞද්ධ සාහිත්‍යයේ දක්වා තිබීමෙන්ම ඇය කොතරම් උත්තරීතරද?
ඉස්ලාමයේ දේශනා කර තිබින්නේ ස්වර්ගය ඇත්තේ මෑණිවරුන් දෙපාමුල බවයි. එමෙන්ම ඉස්ලාමයේ අල්ලාහ්ට බාරී (බිහි කරන්නා) යන නාමය ලබාදී තිබේ. ඒ මගින් ද ගෙදර බුදුන් අම්මා යන උතුම් ගෞරවයට සමාන ගෞරවයක් ඉස්ලාමය මව්වරුන්ට ලබා දී ඇත.

ක්‍රිස්තියානි ආගමට අනුවද දේවමෑනියන්ට ඇත්තේ මහත් වූ ගෞරවයකි. භක්තියකි. බයිබලයේ නික්මයාම පොතේ මෙසේ සඳහන් වේ "නුඹේ පියාට ද මවට ද ගෞරව කරව එවිට නූබේ දෙවි ස්වාමීන් වහන්සේ නුඹට දෙන රටේ නූඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහිය වශයෙනි.

සරත් කුමාර දුල්වල

Post a Comment

0 Comments