
මෙම ප්‍රශ්නයට උත්තර දෙනන හිතන්න අවශ්‍ය කාරණාවන් දෙකක් තිබෙනවා.
1) ආගම්වාදීව සිතීම.
2) විද්‍යාත්මකව /ප්‍රායෝගිකව සිතීම.
විශේෂයෙන් බුදු දහම අනුව රිලවුන්ව මරලා දාන්න ඉඩක් නැතිබව සිතමි.සියලු ජීවින් සුවපත් විය යුතුයි. හිංසනය හා ඝාතනය මහා පව් ලෙස සැලකෙන බව දනිමු.
ඉස්ලාම් දහම අනුව, ඔවුන් මිනිසුන්ට කරදරකාරී වෙනකොට මරන්න වුවත් පුලුවන්, අපිට හානියක් නොවන ආකාරයේ සිටින රිලව් පමණක් නොව විසගෝර සර්පයෙක් වුවත් හොයාගෙන ගිහින් මරන්න බැහැ. සියල්ල හේතු කාරණා ඇතුව මවා ඇති බව අපි විශ්වාස කරනවා. මිනිසුන්ට කරදරකාරී අනතුරුදායක මිනිසෙක් වුවත් මරණීය දඬුවම ශරීයා උසාවියෙන් දියහැකිය. එමනිසා තමයි මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන්ට මරණිය දඬුවම් ලැබෙන්නේ.
විද්‍යාත්මක ඇසින් බලන විට, රිලවුන්ගේ නාස්තිය වගේම, පරිසරයට ඔවුන්ගේ අවශ්‍යතාවය පවා තිබෙනවා. ඔවුන් අපේ වන සංරක්ෂණයේ කොටස් කරුවක් . පක්ෂින්ටත් ආහාර සකසා දෙනවා. එම නිසා ඔවුන්ව සහමුලින් විනාශ කළොත් අපි අමාරුවක වැටෙන්න පුලුවන්. තවද, රිලවුන් මත යැපෙන පැරසයිට වර්ග හා බැඳී පැත්ත පිළිබඳව සත්වවිද්‍යා විද්වතුන් අදහසක් දිය යුතුය. රිලවුන් නැතිවෙන විට, එම පරසයිට වර්ග වෙනත් සතුන්ට බෝවෙලා කාලගෝට්ටියක් වෙයිද නැද්ද කියලා. චීන්නු ලවා ගේ කුරුල්ලෝ මරලා, ඇමෙරිකානු CIA චීනය සාගින්නට පත්කලා වගේ නොවන්නට!!!!.
මදුරුවෝ වැඩිවුනාම එය මරන්න වෙනවා.ධීවර කර්මාන්තය, කුකුලු කර්මාන්තය, අනුමත ගව ඝාතනය යනාදිය අපි කරගෙන යනවා.ලංකාවේ දවසකට ගවයෝ 5000ක් පමණ ඝාතනය වෙනවා. එසේ නොවුනානම් රිලවුන්ට වඩා පාරේවත් යන්න බැරි සංකීර්ණ ප්‍රශ්න ඇතිවෙන්න ගාවයෝ නිසා.මේවද ජීවීන්. නමුත් අපි එය වටහාගෙන සිටිනවා.ඉන්දියාව හින්දු රටක්. ගවයන්ට දේව ස්ථානය ලබා දී තිබෙනවා. නමුත් ඉන්දියාව ලෝකේ පලවෙනි ගාවමස් අපනයන කරුවෙක්. එය පවත්වාගෙන යන්නෙත් මුස්ලිම් නොවන හින්දු ජස්තිකයෝමයි.

සුනකයෝ වැඩිවුනාම ඒකටත් අපි පිළියම් කරනවා. ඒවගේම මේ රිලව් ප්‍රස්නයත් තේරුම් ගත යුතුයි.
හොඳ නරක නිසි සේ කිරා නොබලා,එළියේ ඉඳන් අපි සත්ව ආදරය කතාකළාට, නාස්තිය ඉදිරියේ අසරණ වෙන අයට තමයි, එකී වේදනාව හා පාඩුව තේරෙන්නේ. ඔවුන්ට වන්දි දෙන්න කවුරුහරි ඉදිරිපත් වෙනවානම් කමක් නැහැ.
එමනිසා, සියලු රිලවුන් නොමරා ඔවුන්ට ඔවුන්ගේ කැලෑවල ඉන්නදීලා, කරදර කාරි කොටස මරන්න ඉඩදීම ප්‍රායෝගික විසඳුමක් බව සිතමි.
Dr. අජ්මල් හසන්
0 Comments