
මෙම සිදූවීම සිදුවනවිට ශ්‍රි ලංකාවේ සමහර ප්‍රදේශවල තැනින් තැන විටෙන් විට සූක්ෂම ලෙස මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ජාතිවාදී කුමන්ත්‍රණ හිස ඔසවමින් පවතින අවධියයි....
ඒ ශුද්ධවූ අල් කුර්ආණයේ , ත්රීපිඨකයේ නැතිනම් බයිබලයේ හෝ භගවත් ගීතාවලියේ තිබෙන වැරැද්දක් හෝ අඩුපාඩුවක් නිසා නොව
දේශපාලන බල තණ්හාවේ නාමයෙන් තමන්ගේ පැවැත්ම උදෙසා කරන්නාවූ සමහර අන්තවාදී දේශපාළකවරුන්ගේ කූඨ උපක්රමයන්හි තවත් එක් වියරුවක් සමාජගතවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
බලාපොරොත්තු නොවූ මොහොතක කුරුණෑගල මහ රෝහලට ඇතුලුවූ ආරක්ෂක අංශයේ නිළධාරීන් කිහිපදෙනෙකු එහි රාජකාරියේ නියුතු වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මහතාව අත් අඩංගූවට ගෙන දෙනෝදාහක් ජනතාව ඉදිරියේ කුදලාගෙන යනු ලබන්නේ නීතිය ඉදිරියේ වැරැද්දක් කර එම වැරැද්දට තීන්දුව ලැබුනු ආකාරයටය.
මුලු රටවැසියන්ටම ආදරය කල ඒ වෛද්‍යරයා තම වෛද්‍ය වෘත්තිය කිසිවිටෙකත් මුදලට යටපත් කලේ නැත තම සේවාවට ලබාදිය යුතු අවංකභාවය උපරිමයෙන් ලබාදෙමින් කටයුතු කලද මෙම කූඨ කුමන්ත්රණකාරී සමහර දේශපාලුවන් තම බලයේ අසීමිත ආධිපත්‍යය අතට ගෙන ක්‍රියාත්මක වූවා සේම එකී වෛද්‍ය වෘත්තියේම නියැලෙන සමහර ද්වේශ සහගත වෘත්තිකයන් එක්ව රග දැක්වූ නාටකය වේදිකාගතකරමින් රටක් ආදරය කල වෛද්‍ය වරයාව නිමේශයකින් බහුතරයක් ජනහදවත්වල පිළිකුල සහ විවේචනය එලිදක්වන ආකාරයට හැසිරවීමට මාවත විවරකරමින්ය.
හැම කුමන්ත්‍රණ කරුවෙකුටම වඩා හැම බලයකටම වඩා හැම ශක්තියකටම වඩා දේව බලය ශක්තිය අති ශ්‍රේෂ්ඨයි , සත්‍ය කවදා හෝ ජයගෙන දේ යන වදන් පසක් කරමින් ගරු අධිකරණය විසින් එකී වෛද්‍යවරයාව පසුකාලීනව සියලුම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරන ලද්දේ ඹහුගේ නිර්මල තාවය මුලු රටටම කියාපාමිනි.
( ඒ වෙනුවෙන් ගරු අධිකරණයට මාගේ ආචාරය පුද කරන්නට මෙය අවශ්තාවක් කරගනිමි.)
එදා එම සිදුවීම සිදුවනවිට ඹහුගේ වැඩිමහල් දියණිය වන ෂෙයිනබ් ෂාෆි අධ්‍යාපනය ලබමින් සිටියේ මලියදේව බාලිකා විද්‍යාලයේ නවවන වසරේය. තම පියාණන් නොකළ වරදකට සිරගතවෙද්දී ඒවා ජනමාධ්‍ය තුලින් එක දෙක කර ගිනි තියද්දී මුලු රටතුලම එම ක්‍රියාවලිය තේමා පාඨයක් සේ රැව් පිළිරැව් දෙද්දී දියණිය ෂෙයිනබ් බාලිකාවෙන් ඉවත්ව යන්නේ තම පියාණන්ට අත්වූ ඉරණමෙන් අන්ත අසරණ තත්වයට පත්වෙමින් තම පාසැලේ සිසුවියන්ට පවා මුහුණ දෙන්නට බැරි තත්වයක් තුලදීය.
මුලු ශ්‍රිලාංකීය ජනතාව අතර තම පුංචි පවුල පමණක් තනිවුනාදෝ යන සිතුවිල්ල ඇයට අනේක වාරයක් ඇතිවිය.මින් ඉදිරියට අපට අනාගතයක් නැතිවේවි දෝ යන මානසික වේදනාව ඇයව දැඩි පීඩාවට පත්කළේ ය.
අනතුරුව ඇය ප්රමුඛ තම මුළු පවුලම ගතකලේ අතිශය අභියෝගාත්මක වේදනාකාරී ජීවිතයකි.
නමුත් මේ සියලු බාධක, අභියෝග මැද ඇය තම අධ්‍යාපනයේ අනාගතය සොයා පියමන්කලේ දැඩි අධිෂ්ඨානයෙනි.
එහි ප්‍රතිඵලය මෙසේ විය සාමාන්‍යපෙළ විභාගයෙන් 9-A සාමාර්ථයක් ලබාගත් ඇය උසස්පෙළ විභාගයට මුහුණ දුන්නේ තම පියාණන්ට සිදුවූ අපරාධය මෙන් තවත් අපරාධයක් කුරා කහුබියෙකුටවත් සිදු නොවේවා යන දැඩි අධිෂ්ඨානයෙනි....!
ඒ අධිෂ්ඨානශීලි ප්‍රතිපත්තිය වර්ණවත් වූයේ පලිගැනීමේ ආකල්පයෙන් නොව
" නහීවේරේන වේරානි සම්මන්තීජ කුදාචනං"
වෛරය සංසිදුවාගතයුත්තේ වෛරයෙන් නොව අවෛරයෙනි යන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවයටද ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමිනි.
එම ආකල්පය ඇයගේ මුවින් පිට වූයේ මෙලෙසිනි.
" මම තාත්තාට වඩා හොද වෛද්‍යවරියක් වෙනවා
මගේ පියාණන්ට අපහාස කරපු කිසි කෙනෙකුට මා ද්වේශ නොකරමි. ඒ හැමෝටම මා ශ්‍රද්ධාවෙන් ප්‍රතිකාර කරමි ".
ඇයගේ එම උතුම් ශ්රද්ධාවන්ත සිතුවිල්ලට දෙවියන්ගේ ආශිර්වාදයද ලැබිනි. ඒ ඇයට ලැබුණු උසස් පෙළ විභාග ප්‍රතිපලය දිස්ත්‍රික්ක රෑන්ක් එක12. ලෙස ලබා වෛද්‍ය විද්‍යාලයට තේරීපත්වීම අභියසය.
ධෛර්යය වන්ත අධිශ්ඨානශීලී එම දියණියටත් ඇයගේ පවුලේ සැමටත් සර්වබලධාරියාණන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර මෙම සටහනට සමාප්තිය එක් කරමි .
මීට
දෙහිවල M.HM.නියාස්
0 Comments