සමස්තයේ සර්වබලධාරීයානන් වන්නේ අල්ලා දෙවිඳානන්ය. උන්වහන්සේ අති ශ්‍රේෂ්ඨය. ආරම්භයත් අවසානයත් උන්වහන්සේමය. උන්වහන්සේගේ නාමයට ගෞරවය වේවා !ප්‍රශංසා වේවා!

හජ් වන්දනාව ඉස්ලාම් ආගමේ අතිශය උතුම් ආගමික කාර්තව්‍යක් වන අතර, එහි ආරම්භය ඉතිහාසය තුළ ගැඹුරින් ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන්ම, ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) නබිතුමාගේ ජීවිතය හා එතුමන් විසින් සිදු කළ කැපවීම් හජ් වන්දනාවේ ආරම්භය හා වර්ධනය සමඟ අසම්භාව්‍ය ලෙස සම්බන්ධ වේ. කහ්බාව ගොඩනැගීම, හජ් වන්දනාවේ ආචාර පිළිවෙත්, සහ ඒවාට අදාළ ආත්මීය අර්ථයන් සියල්ලම ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) තුමාගේ ජීවිත කථාව මත පදනම් වී ඇත.
ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) නබිතුමා ඉස්ලාම් ආගමේ විශාල ගෞරවයක් ලබන නබිවරයෙකි. එතුමා “අල්ලාහ් දෙවිඳුන්ගේ මිත්‍රයා” (Khalilullah) ලෙස හැඳින්වේ.
එතුමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අල්ලාහ් දෙවිඳුන්ට කැපවීම, විශ්වාසය, හා යටත් වීම මත පදනම් විය. අල්ලාහ් දෙවිඳුන් විසින් එතුමාට විවිධ පරීක්ෂාවන් ලබා දී, එතුමාගේ විශ්වාසය පරීක්ෂා කළ අතර, එතුමා සියල්ල ඉවසීමෙන් හා විශ්වාසයෙන් ජයග්‍රාහීව අල්ලා දෙවිඳුන් ප්‍රසන්න වන සේ ඉටුකිරීමට සමත් විය .
හජ් ඉතිහාසයේ වැදගත්ම සිද්ධියක් වන්නේ, ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) තූමා තම බිරිඳ හජ්රා තුමිය (හගර්) සහ කුඩා පුත්‍රයා වූ ඉස්මාඊල්තුමා (අලෙයිහිස්සලාම්) සමඟ අල්ලාහ් දෙවිඳුන්ගේ නියෝගයට අනුව කාන්තාර ප්‍රදේශයක් වූ මක්කා ප්‍රදේශයට ගෙන ගොස් තැබීමයි. එවකට එම ප්‍රදේශය ජලය හා වාසස්ථාන නොමැති, නිර්ජන කාන්තාර කලාපයක් විය.
නමුත්, අල්ලාහ් දෙවිඳූන්ගේ නියෝගයට යටත් වූ ඉබ්‍රාහිම්තූමා (අලෙයිහිස්සලාම්) කිසිදු සැකයක් සාංකාවක් පැකිලීමක් නොමැතිව මෙම කාර්යය සිදු කළේය.
ඉබ්‍රාහිම්තූමා (අලෙයිහිස්සලාම්) සිය බිරිඳ සහ පුතා එහි තැබූ පසු, හජ්රා (හගර්) මව්තුමියට හා කුඩා ඉස්මාඊල්ට ජලය හා ආහාර නොමැතිව දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදු විය.
එවිට, හජ්රා මව්තුමිය "සෆා" සහ "මර්වා" කන්ද අතර ජලය සොයා සත්වරක් දිව යාම සිදු කළාය. එය අද හජ් වන්දනාවේ “සඉ” ලෙස සිදු කරනු ලබන වැදගත් ආචාරමය චාරිත්‍රයක් බවට පත්ව ඇත.
එතුමියගේ විශ්වාසය හා ඉවසීම හේතුවෙන්, අල්ලාහ් දෙවිඳුන් විසින් කුඩා ඉස්මාඊල්තූමාගේ පාද අසලින් ජල උල්පතක් පහළ කළේය. එයින් නොනවත්වාම ජලය පැමිණෙන විට ඇති ඇති ("සම්.සම්" )යන අර්ථයෙන් මව් පුතු දෙපළ ඉන් උනන ජලය පිළිබඳ සිය ස්තුති පූර්වක තෘප්තිය අල්ලාහ් දෙවිඳුන්ට කෑ ගසා ප්‍රකාශ කර ඇත.

එලෙස"සම්" "සම්" දිය උල්පත නමින් ප්‍රකට වූ දිය උල්පතේ ජලය අද දක්වාත් පූජනීය ලෙස සැලකෙන අතර, අද දක්වාම එම ජල උල්පත සක්‍රීයව පවතන බැවින් ලෝකය පුරා ඉස්ලාම් බැතිමතුන් අති මහත් ගෞරවයෙන් සම් සම් ජලය භාවිතා කරනු ලබයි. මේ සිද්ධිය හජ් වන්දනාවේ ආත්මීය ගැඹුරු අර්ථය පැහැදිලිව ගෙනහැර ුම් ගන්න මේ දක්වයි—අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තබන අය උන්වහන්සේ විසින් කිසිදා අතහැර නොදමන බව එමගින් සනාථ වේ
කාලය ගතවී, ඉස්මාඊල් තුමා (අලෙයිහිස්සලාම්)නිසි වයසට පැමිණි පසු, අල්ලාහ් දෙවිඳුන් විසින් ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) තුමාට කහ්බාව ගොඩනැගීමට නියෝග කළේය.
ඉබ්‍රාහිම්තුමා සහ ඔහුගේ පුත්‍ර ඉස්මාඊල්.තුමා එක්ව කහ්බාව ගොඩනැගූ අතර, එය අල්ලාහ් දෙවිඳුන්ට පමණක් වන්දනා කිරීම සඳහා පෘථිවියේ ඉදිකළ පළමු අති පූජනීය මන්දිරය ලෙස සැලකේ.
පිය පුතු දෙපළ කහ්බාව ගොඩනගන අතරතුර, “අපගේ ස්වාමීනි, අපෙන් මෙය පිළිගන්න” යනුවෙන් දුවා කළහ. මෙයින් ඔවුන්ගේ නිහතමානීභාවය හා භක්තිය කෙතරම් ද යන්න පිළිඹුකරයි
.
කහ්බාව ගොඩනැගීමෙන් පසු, අල්ලාහ් දෙවිඳුන් විසින් ඉබ්‍රාහිම්ට “ජනතාව අතර හජ් ප්‍රකාශ කරන්න” යනුවෙන් නියෝග කළේය. එමඟින්, ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ජනතාව හජ් වන්දනාව සඳහා මක්කා වෙත පැමිණීම ආරම්භ විය. මෙය අද දක්වාත් පවතින ලොව අති විශාලතම ආගමික භක්තිකයන්ගේ එකතුවක් බවට පත්ව ඇත.
තවත් වැදගත් සිද්ධියක් වන්නේ, ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) තුමාට තම පුත්‍රයා වන ඉස්මාඊල්තුමා බිලි දීමට ලැබුණු නියෝගයයි. එතුමා එම නියෝගයටද සම්පූර්ණයෙන් යටත් විය. නමුත්, අවසානයේ අල්ලාහ් දෙවිඳුන් විසින් එය පරීක්ෂාවක් පමණක් බව පෙන්වා, ඉස්මාඊල්තූමා වෙනුවට සත්වයෙක් බිලි කිරීමට ඉඩ ලබා දුන්නේය. මෙය අද “කුරුබාන්” ලෙස හඳුන්වන ආචාරමය චාරිත්‍රයේ මූලය වේ.
හජ් වන්දනාවේ "ජම්රාත්හි" ගල් පහර දීමද මෙම සිද්ධිය සමඟ සම්බන්ධ වේ. ෂෙයිතාන් විසින් ඉබ්‍රාහිම්.තුමා වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවන්හි, එතුමන් ගල් පහර දීමෙන් එය ප්‍රතික්ෂේප කළ බව කියවේ.
අද හජ් වන්දනාව තුළ මෙම ක්‍රියාව, නරක සිතුවිලි හා පව් ප්‍රතික්ෂේප කිරීමේ සංකේතයක් ලෙස සිදු කරනු ලබයි.
මෙම සියලු සිද්ධීන් එකට එකතු වූ විට, හජ් වන්දනාව යනු ඓතිහාසික සිද්ධි මාලාවක් සැමරීමක් පමණක් නොව, ජීවිත පාඩම් රැසක් ඉගැන්වෙන ආගමික ආධ්‍යාත්මික අත්දැකීමක් බව පැහැදිලි වේ.
ඉබ්‍රාහිම් තූමාගේ (අලෙයිහිස්සලාම්), හජ්රා මව්තුමිය, සහ ඉස්මාඊල් තූමාගේ (අලෙයිහිස්සලාම්)ගේ කැපවීම්, ඉවසීම, හා විශ්වාසය අද දක්වාත් ඉස්ලාම් භක්තිකයන්ට උතුම් මාහැගි ආදර්ශයක් වේ.
අවසානයේ, හජ් ඉතිහාසය අපට කියා දෙන්නේ, අල්ලාහ්ට සම්පූර්ණයෙන් යටත් වීම, විශ්වාසය තබා ඉවසීමෙන් කටයුතු කිරීම, සහ ජීවිතයේ සියලු පරීක්ෂාවන් අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි විශ්වාසයෙන් ඉක්මවා යාමයි. එය සරලවම අතීත කතාවක් නොව, සෑම ඉස්ලාම් භක්තිකයෙකුගේම ජීවිතය නියෝජනය කරන සදාකාලික ආත්මීය පණිවිඩයකි.

ඉබ්‍රාහිම්තුමා (අලෙයිහිස්සලාම්) තම බිරිඳ හජ්රා තූමිය (හගර්) සහ කුඩා පුත්‍රයා වූ ඉස්මාඊල් තූමා (අලෙයිහිස්සලාම්) සමඟ අල්ලාහ් දෙවිඳුන්ගේ නියෝගයට අනුව අබ්‍යාහත වැලි ප්‍රදේශයක්වූ (කාන්තාර) මක්කා ප්‍රදේශයට ගෙන ගොස් තැබීමයි. එවකට එම ප්‍රදේශය ජලය හා වාසස්ථාන නොමැති, නිර්ජන කලාපයක් විය. නමුත්, අල්ලාහ්ගේ නියෝගයට යටත් වූ ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) කිසිදු සැකයක් නොමැතිව මෙම කාර්යය සිදු කළේය.
ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්) ඔවුන් එහි තැබූ පසු, හජ්රා (හගර්) මව්තුමියට හා කුඩා ඉස්මාඊල්ට ජලය හා ආහාර නොමැතිව දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදු විය. එවිට, හජ්රා මව්තුමිය සෆා සහ මර්වා කන්ද අතර ජලය සොයා යාමට දිව යාම සිදු කළාය. ඇය එය වාර හතක් සිදු කළාය. එය අද හජ් වන්දනාවේ “සඉ” ලෙස සිදු කරනු ලබන වැදගත් ආචාරයක් බවට පත්ව ඇත.එතුමියගේ විශ්වාසය හා ඉවසීම හේතුවෙන්, අල්ලාහ් දෙවිඳුන් විසින් ඉස්මාඊල්ගේ පාද අසලින් “සම්සම්” ජලය උත්පාදනය කළේය. මෙම සම් සම් ජලය අද දක්වාත් පූජනීය ලෙස සැලකෙන අතර, ලෝකය පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් ගෞරවයෙන් භාවිතා කරනු ලබයි. මේ සිද්ධිය හජ් වන්දනාවේ ආත්මීය ගැඹුරු අර්ථයක් දක්වයි—අල්ලාහ් දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තබන අය කිසිදා අතහැර නොදමන බව මේයින් ගම්‍යකරයි
කාලය ගතවී, ඉස්මාඊල් (අලෙයිහිස්සලාම්)නිසි වයසට පැමිණි පසු, අල්ලාහ් දෙවිඳුන් විසින් ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්)ට කහ්බාව ගොඩනැගීමට නියෝග කළේය. ඉබ්‍රාහිම් තුමා සහ ඔහුගේ පුත්‍රයා ඉස්මාඊල් තූමා එක්ව කාබාව ගොඩනැගූ අතර, එය අල්ලාහ් දෙවිඳුන්ට පමණක් වන්දනා කිරීම සඳහා පෘථිවියේ ඉදිකළ පළමු පූජනීය මන්දිරය ලෙස සැලකේ.
ඔවුන් කහ්බාව ගොඩනගන අතරතුර, “අපගේ ස්වාමීනි, අපෙන් මෙය පිළිගන්න” යනුවෙන් දුවා කළහ. මෙය ඔවුන්ගේ නිහතමානීභාවය හා භක්තිය පෙන්වයි.
කහ්බාව ගොඩනැගීමෙන් පසු, අල්ලාහ් දෙවිඳුන් විසින් ඉබ්‍රාහිම්ට “ජනතාව අතර හජ් ප්‍රකාශ කරන්න” යනුවෙන් නියෝග කළේය. එමඟින්, ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ජනතාව හජ් වන්දනාව සඳහා මක්කා වෙත පැමිණීම ආරම්භ විය. මෙය අද දක්වාත් පවතින අති විශාල ආගමික එකතුවක් බවට පත්ව ඇත.
තවත් වැදගත් සිද්ධියක් වන්නේ, ඉබ්‍රාහිම් (අලෙයිහිස්සලාම්)තුමාට තම පුත්‍රයා වන ඉස්මාඊල්තුමා බිලි දීමට ලැබුණු නියෝගයයි. එතුමා එම නියෝගයටද සම්පූර්ණයෙන් යටත් විය. නමුත්, අවසානයේ අල්ලාහ් දෙවිඳුන් විසින් එය පරීක්ෂාවක් පමණක් බව පෙන්වා, ඉස්මාඊල් වෙනුවට සත්වයෙක් බිලි කිරීමට ඉඩ ලබා දුන්නේය. මෙය අද “කුරුබාන්” ලෙස හඳුන්වන ආචාරමය චාරිත්‍රයේ මූලය වේ.
හජ් වන්දනාවේ ජම්රාත්හි ගල් පහර දීමද මෙම සිද්ධිය සමඟ සම්බන්ධ වේ. ෂෙයිතාන් විසින් ඉබ්‍රාහිම්තූමා වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවන්හි, ඔහු ගල් පහර දීමෙන් එය ප්‍රතික්ෂේප කළ බව කියවේ. අද හජ් තුළ මෙම ක්‍රියාව, නරක සිතුවිලි හා පව් ප්‍රතික්ෂේප කිරීමේ සංකේතයක් ලෙස සිදු කරනු ලබයි.
මෙම සියලු සිද්ධීන් එකට එකතු වූ විට, හජ් වන්දනාව යනු ඉතිහාසයක් පමණක් නොව, ජීවිත පාඩම් රැසක් ඉගැන්වෙන ආගමික අත්දැකීමක් බව පැහැදිලි වේ. ඉබ්‍රාහිම් තුමා (අලෙයිහිස්සලාම්), හජ්රා මව්තුමිය, සහ ඉස්මාඊල්.තුමා (අලෙයිහිස්සලාම්)ගේ කැපවීම්, ඉවසීම, හා විශ්වාසය අද දක්වාත් ඉස්ලාම් භක්තිකයන්ට බැතිමත් උතුම් ආදර්ශයක් වේ.
අවසානයේ, හජ් ඉතිහාසය අපට කියා දෙන්නේ, අල්ලාහ් දෙවිඳුන්ට සම්පූර්ණයෙන් යටත් වීම, විශ්වාසය තබා ඉවසීමෙන් කටයුතු කිරීම, සහ ජීවිතයේ සියලු පරීක්ෂාවන් ඉක්මවා යාමයි. එය සරලවම අතීත කතාවක් නොව, සෑම ඉස්ලාම් භක්තිකයකුගේම ජීවිතය නියෝජනය කරන සදාකාලික ආත්මීය පණිවිඩයකි.
ඉදිරිපත් කිරීම
විශ්ව කලා ශ්‍රමික සංසදයේ සභාපති සහ
මහනුවර විශ්වාසවන්තයන්ගේ
කණ්ඩායමේ. නිර්මාතෘ සභාපති
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සරත් කුමාර දුල්වල විසිනි





0 Comments